හිතා ගැනීමටවත් බැරි තරමේ ඉහළ පොලියක් පෙන්වා හොර මූල්‍ය ආයතන අටවා ගෙන සක්විතිගේ පටන් සෑම වංචාකරුවෙක්ම පාහේ හූරා ගෙන කෑවේ අපේ රටේ අහිංසකයන්ගේ මුදල්ය. හැබැයි ඒ අතින් බලන කල තිලිණි ප්‍රියමාලි අරුම චරිතයකි. ඒ ඇය දුප්පත් අහිංසක කිසිවකුටත් අත තබා නැති බැවිනි.
තිලිණි ප්‍රියමාලි ගේම් ගසන්නේ සක්විතිලා වගේ පොඩි පොඩි ගණන් ඉලක්ක කරගෙන නම් නොවේ. එකවර කෝටි ගණන් වලිනි. තිකෝ සමූහ ව්‍යාපාරය නම් සමූහ ව්‍යාපාරයක් අටවාගෙන ඇය ඉලක්ක කළේ අපේ රටේ අප්‍රකට ධනවතුන්වය. එසේම කළු සල්ලි ජාවාරම්කරුවන්වය. ඇගේ ගොදුරු බවට පත්වූවන් අතර කුඩු සල්ලි උණ්ඩියල් කරන ව්‍යාපාරිකයන්ද නැතුවා නොවේ. ඒ විතරක් නොව, පාතාලයේ කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාර හිමිකරුවන්ද අහිමි කරගෙන ඇති මුදල රුපියල් කෝටි තිහ හතළිහකට වැඩිය. ඒ ගැන පැමිණිලි අදටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත. ඒ ඔවුන්ට එම මුදල් උපයාගත් ආකාරය නීතිය හමුවේ කියන්නට පුළුවන් කමක් නැති නිසාය.
යුරෝපීය රටක ජීවත්වන මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවකුගේ මෙරට ව්‍යාපාර මෙහෙයවන පුද්ගලයෙක්ද තිලිණිගේ උගුලට හසුවී ඇත්තේ රුපියල් කෝටි 20කට වැඩි මුදලක් අහිමි කර ගෙනය. ඒ සෑම පැමිණිල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ නම් තිලිණි කළ වංචාවේ ප්‍රමාණය රුපියල් කෝටි 1000 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. හැබැයි තාමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇත්තේ 11ක් පමණි. එම පැමිණිලිවල එකතුව ගත් කළ දැනට ඇය විසින් කර ඇති වංචාවේ තරම රුපියල් කෝටි 350කට කිට්ටුය. මේ ලද පැමිණිලි අතර වැඩිම මුදලක් අහිමි කරගෙන ඇත්තේ ආචාර්ය උපාධියක් හිමි ව්‍යාපාරිකයෙකි. මලයාසියාවේ පවා ව්‍යාපාර ඇතැයි කියනු ලබන එම ආචාර්ය උපාධිධාරියා විසින් අහිමි කරගෙන ඇති මුදල රුපියල් කෝටි 75කි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කිරීමට මුලින් අදිමදි කළ මෙම ආචාර්යවරයා අවසානයේදී ඒ ගැන පැමිණිල්ලක් කරන්නට පවා ඉදිරිපත් වන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පෙරැත්ත කිරීම් මතය. එම ව්‍යාපාරිකයා තිලිණිට එරෙහිව පැමිණිලි කරන්නට අදිමදි කරනුයේ තමාට අහිමි වූ ඒ මුදල කෙසේ වෙතත් එයින් බාගයක්වත් ලැබේවි දැයි කියා විශ්වාසයක් නොමැති වූ තැනය. ඊටත් වඩා ඔහු බියක් දැක්වූයේ සිය පවුල මේ නිසා බිඳ වැටේවි යැයි කියාය. ඒ තිලිණිගේ නිළි බලකායේ උගුලට හසුවූවන් අතර මෙම ආචාර්යවරයාද සිටි බැවිනි. එසේ නොවන්නට තිලිණිට එරෙහිව මෙම ආචාර්යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර බොහෝ කල්ය.
මෙම ඔහු සැලකෙන්නේ පරම්පරාගත ව්‍යාපාරික පවුලක සාමාජිකයෙක් ලෙසිනි. විදෙස් සමාගමක මෙරට නියෝජිතයා ලෙසද කටයුතු කරන බව කියන මෙම ආචාර්යවරයාව තිලිණි අන්දන්නේ හරි අපූරු විදිහකටය.
ඒ කතාව ගොඩ නැඟෙන්නේ මෙසේය.
කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි එම ව්‍යාපාරිකයාගේ නිවසට තිලිණි හදිසියේම ගොඩ වන්නේ සන්නද්ධ ආරක්ෂකයන් පිරිසක් පිරිවරා ගෙනය. එම ආරක්ෂකයන් ඇය යොදවා ගෙන සිටියේ මෙරට ජනප්‍රිය කතකගේ සැමියකුට අයත් ආරක්ෂක සමාගමකිනි. සන්නද්ධ ආරක්ෂකයන් යොදා ගැනීමට හැක්කේ මුදල් ප්‍රවාහනයේදී පමණක් වූවත් තිලිණිට ඒ නීතිමය බාධා කිසිවක් නොවූවාය. ඒ ඇගේ ආරක්ෂක උපදේශකයන් මෙන්ම නීති උපදේශකයන් වූයේ පොලිසියේ ඉහළ ලොක්කන් කිහිප දෙනෙක් වූ බැවිනි.
ආචාර්යවරයාගේ නිවෙසට ඇය යන්නේ නාග රාජයෙක්වද රැගෙනය. ඇය එම නාග රාජයා පෙන්වමින් ආචාර්යවරයාව අන්දවන්නේ “ මේ ඔයාගේ තාත්තා. එයා මැරිල දැන් නාගයෙක් හැටියටයි ඉපදිලා ඉන්නේ. මට ඒ ගැන දිෂ්ටියෙන් අම්මා කිව්වා. ගෙදර සල්ලි ගොඩක් තියෙනවලු. ඒ සල්ලි ගෙදර තියන්න එපා කියලත් කිව්වා. එහෙම සල්ලි ගෙදර ගොඩ ගහගෙන තිබුණොත් ඔයාව විනාශ වෙලා යයි“ කියාය.
මේ වගේ ගොඩක් දේවල් තිලිණි මේ ආචාර්යවරයාගේ ඔළුවට දමා එහෙම් පිටින්ම මනස අවුල් කළාය. ඒ ඔහු මෙවැනි අදෘශ්‍යමාන දේ විශ්වාස කරන්නෙක් වූ බැවිනි. අන්තිමට එම ආචාර්යවරයා තමාගේ මුළු සේසතම ගෝනිවලට දමා තිලිණිට දුන්නේ වෙන කරන්නට දෙයක් නොවූ තැනය. ඇය ඒ වෙනුවට ඇපයක් ලෙස ආචාර්යවරයාට ලබාදෙන්නේ රත්තරන් පොලු තොගයකි. ඒ මුදල් වලට ඇපයක් ලෙසිනි. බැලින්නම් ඒ රන් පොලු රන් ආලේප කළ පිත්තල තොගයකි.
තිලිණිට මෙම ආචාර්යවරයා ඇන්දෙන්නේත් බියක් සැකක් නොමැතිව තමා සතුව තිබුණු මුදල් තොගයම පූජා කරන්නේත් ඇය සමාජයේ ප්‍රභූ චරිතයක් ලෙස පෙනී සිටි තැනැත්තියක් වූ බැවිනි. ඇය ඇසුරු කළේ යැයි පෙන්නුවේ රටේ ඉහළම ප්‍රභූ ආර්යාවන් සහ මැති ඇමතිවරුන්ය. ඇය වටා රටේ නමගිය කලාකරුවන් රැසක්ද සිටියාය. ඇය පොලිසියේ ඉහළම නිලධාරීන් රැසක් ඉතා කිට්ටුවෙන්ම ඇසුරු කළාය. සිවිල් ආරක්ෂක කමිටු බල ගැන්වෙන ඇතැම් උත්සවවල ඇය මැති ඇමතිවරු සමඟ අසුන් ගෙන සිටියේ එකම පේළියේය. මේ දේවල් දුටු විට මෙම ආචාර්යවරයා තමා සතු මුදල් ඇගේ ව්‍යාපාරයේ ආයෝජනය කරන්නට ලබා දෙන්නේ ඔහුගේ මව ඇයට ඇවිත් කීවා යැයි කියන විනාශයෙන් බේරීමටත් එම මුදල් ගෙදර පුස් කකා තිබෙනවාට වඩා ඇයට ලබා දීමෙන් වැඩි ලාභාංශයක් පවා තමාට හිමිවනු ඇතැයි සිතාය. අන්තිමට සිදුවන්නේ ඔහුට ඒ මුළු සේසතම අහිමිව යාමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ ගැන මෙම ආචාර්යවරයා පැමිණිලි කරන විට කිහිපවිටකදීම සිහිසුන් වන්නේ අහිමි වූ මුදල් කන්දරාව ගැන මතකයට නැඟී විය හැකිය.
තිලිණි මේ ගේම් හැම එකක්ම ගැසුවේ හොඳටෝම සැලසුම් කරමිනි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 34 වෙනි මහලම ඇය මාසයකට රුපියල් ලක්ෂ 14 බැගින් මුදලක් ගෙවා කුලියට ගත්තේද එවැනි තැනක ව්‍යාපාර කාර්යාලය පිහිටා තිබීමම ඇය දැවැන්ත ව්‍යාපාර සමූහයක හිමිකාරිනියක් බවට සමාජය හමුවේ ඒත්තු ගැන්වීමටය. 2019 වසරේ අග බාගයේදී ඇය සිය ව්‍යාපාර සමූහය එහි ස්ථාපිත කිරීමේ උත්සවයට ආරාධනා ලැබූවන් අතර රටේ නම ගිය භික්ෂූන් වහන්සේලා, දේශපාලනඥයන්, කලාකරුවන්, ඇතුළු සමාජයේ කැපී පෙනෙන චරිත රැසක්ම සිටියහ. ඇය මේ වංචාව සාර්ථකව කරගෙන යාමට මාකට් කළේ ඒ පැමිණි ආරාධිතයන්වය.
ඇය රටේ ජනප්‍රිය කලාකරුවන්ව ඇල්ලුවේ සිනමා නිෂ්පාදන සමාගමක් ද මෙම සමූහ ව්‍යාපාරයට ඈඳා ගනිමිනි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඉතාම ජනප්‍රිය සිංහලෙන් හඩ කැවූ ඉන්දියානු ටෙලි නාට්‍යක ජනප්‍රිය චරිතයක් පවා ඇය මෙරටට ගෙන්වා තරු පන්තියේ ලොකු හෝටලයක උත්සවයක්ද සංවිධානය කළේය. ඒ ඇය කෙරෙහි ඉහළ සමාජයේ අවධානයක් ලබා ගැනීමටය. එය එතැනින් හමාර වන්නේ නැත. ඇය මෙරට ජනප්‍රිය කලාකරුවන්ගේ උපන් දින සාද සංවිධානය කළේ එම කලාකරුවන්වද පුදුම කරවමිනි. කෑම බීම සමඟ තරු පන්තියේ හෝටල් සංග්‍රහයක් ඇය විසින් කලාකරුවන්ට ලබා දෙන්නට වූයේ දහසින් බැඳි පියලි ඒ අය අතට පත්කරමිනි. ඒ නිසාම ඇය වඩා ජනප්‍රිය කලාකරුවන් සමූහයක්ද එක්ව සිටියහ. ඇගේ තිකෝ ව්‍යාපාරය ප්‍රවර්ධනය කළේ ඒ අයය. ඒ අතර ඇගෙන් ලාබ සත්කාර ලැබූ නිළියන් කිහිප දෙනෙකු ගණිකාවන්ටත් අන්ත තත්ත්වයකට ඇද වැටෙමින් තිලිණිගේ වංචාවට ගොදුරු වූ ව්‍යාපාරිකයන් බැලැක් මේල් කරනු ලැබුවේ සිය අඟ පසඟ විකුණා පමණක් නොව, මුළු ආත්මයම විනාශ කර ගනිමිනි. අද ඒ නිළියන් හැසිරෙන්නේ කිසිවක් නොවූ ගානටය. ඒ තිලිණිගේ වංචාවට හසුවූ ව්‍යාපාරිකයන් පමණක් නොව, එකී නිළියන්ගේද රෙදි ගැලවෙන තරමේ වීඩියෝ පට සහ හඩ පට තිලිණි සතුව ඇති බැවිනි. එයින් එළියට ඇවිත් ඇත්තේ එකක් දෙකකි. හැබැයි ඒ හඬ පට පමණි. විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව හොඳ හොඳ වීඩියෝ පට ගොන්නක්ම තිලිණි සතුව ඇත. තිලිණිට හසුවී කෝටි ගණන් මුදල් අහිමිකරගත්තවුන් ඒ ගැන කියන්නට එළියට එන්නේ නැත්තේ ඒ නිසාය.
තිලිණි අල්ලාගත් ගමන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආ දුරකතන ඇමතුම් ගණන බොහෝය. ඒ අය අතර වැඩිදෙනෙක්ම සිටියේ තිලිණිට හසුවී කෝටි ගණන් මුදල් අහිමි කර ගත්තවුන්ය. ඒ අතර දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනෙක්ම සිටියහ. ඒ අය අතර රුපියල් කෝටි 80ක් අහිමි කර ගත්තා යැයි කියන අයෙක්ද සිටියේය. පසුව ඔහු කියන්නට ගත්තේ කෝටි 08ක් බවය. දැන් කියන්නේ ඊටත් වඩා අඩු ගාණක් ගැනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිලිණිට එරෙහිව පැමිණිලි කරන බව අවස්ථා කිහිපයකදීම කීවත් ඔහු මේ ලිපිය සටහන් තබන 14 වෙනි සිකුරාදා දහවල් වන තුරුම ඒ පැමිණිල්ල නම් කර තිබුණේ නැත.
තිලිණි බොහෝ ව්‍යාපාරිකයන් ඇල්ලුවේ ඇගේ සමීපතමයන් බවට පත්ව සිටි මෙරට ජනප්‍රියම නිළියන් සහ නිරූපිකාවන් දෙතුන් දෙනෙක් යොදා ගෙනය. එක් ව්‍යාපාරිකයෙක් සමඟ කෙටි ඇසුරක් පවත්වා එම ව්‍යාපාරිකයාව බිලි බා ගන්නවා වෙනුවට ඒ අයට ඇය ගෙවීම් කර ඇත්තේ ලක්ෂ පහේ දහයේ බණ්ඩල්වලිනි.
------ Post added on Oct 15, 2022 at 1:02 PM