ප්‍රේමදාසගේManagement

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ප්‍රේමදාසගේManagement

    ප්‍රේමදාසගේ Management
    z_p05-swaying-00.jpg


    මෙරට පාලනය කළ නායකයන් අතර රණසිංහ ප්‍රේමදාසයන් සුවිශේෂී චරිතයක් හැටියටයි මම දකින්නේ. මැයි පළමු වැනිදා එතුමාණන්ගේ 22 වැනි ගුණානුස්මරණයත් එක්ක එතුමා පිළිබඳ මගේ මතකය අවදි වුණා. බොහොම අපූරු කළමනාකරණ සම්ප්‍රදායක් අනුගමනය කළ අයකු ලෙස රණසිංහ ප්‍රේමදාසයන් හඳුන්වන්න පුළුවන්. ඒ සම්ප්‍රදාය එතුමාටම ආවේණික වූවක්.


    එවැනි කළමනාකරණ මොඩලයක් මම දුටුවේ එතුමාගෙන්ම පමණයි. ඒ පිළිබඳව මේ ලිපිය හරහා ඔබ දැනුම්වත් කරන්න මම කල්පනා කළේ ඒ නිසයි. කළමනාකරණ ක්‍ෂේත්‍රයේ දැන් ඉන්න අයටත් අනාගතයේදී මෙම ක්‍ෂේත්‍රයට එක්වන්න ඉන්න අයටත් නායකයන් බවට පත්වන්නට හීන මවන අයටත් යම් මඟ පෙන්වීමක් මෙයින් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.


    කාල වේලාව කළමනාකරණය
    ප්‍රේමදාසයන්ගේ දින චර්යාව ආරම්භ වන්නේ උදෑසන 3.30ට. හිමිදිරි පාන්දර පිබිදෙන එතුමා උදෑසන 4 පමණ වන විට තමන්ගේ කාර්යාලයට එනවා. දවසේ පුවත්පත් සියල්ලම පාහේ ප්‍රේමදාසයන් කියවන්න පටන් ගන්නේ ස්වකීය ලේකම්වරයකුත් තමන් ආසන්නයේ රඳවාගෙන. තමන්ගේ ඇහැ ගැටෙන වැදගත් පුවත් සියල්ලම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන එතුමා ඒ හැම පුවතක්ම කපලා එකතු කරන හැටියට ලේකම්වරයාට උපදෙස් දෙනවා.


    මෙසේ එකතු කරන බොහෝ පුවත් පාදක කරගෙන තිබෙන්නේ ජනතාව මුහුණ දී සිටින විවිධාකාර ප්‍රශ්න ගැන. එහෙමත් නැත්නම් කඩිනම් විසඳුම් ලැබිය යුතු එහෙත් බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නොඑසේ නම් ඔවුන් නොදුටුවා සේ සිටින ප්‍රශ්න ගැන.
    තමන්ගේ අධීක්‍ෂණය යටතේ එකතු කරගත් "පුවත්" උදෑසනම ඒ ඒ බලධාරීන්ගේ අදාළ ඇමැතිවරයාගේ කාර්යාලයට යවන එකත් ජනාධිපති ප්‍රේමදාසයන්ගේ සිරිතක්.
    ප්‍රශ්න දැනුම්දීමෙන් පමණක් ජනාධිපතිවරයා නිහඬ වුණේ නැහැ. ඒ පිළිබ¼දව පසු විපරම් කිරීමත් එතුමාගේ පුරුද්දක්. "අහවල් ප්‍රශ්නය ගැන ඔබතුමාගේ කාර්යාලයට මම දැනුම් දීලා ඇති. මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබතුමා ගත් පියවර" යනුවෙන් ජනාධිපතිවරයාම විමසීම් කරද්දි තවදුරටත් ඇස් කන් පියාගෙන ඉන්න ඒ ඒ බලධාරීන්ට හැකි වුණේ නැහැ.


    ප්‍රේමදාසයන් විශ්වාස කළ දෙයක් තමයි "ජාතිය අවදි කරන්නට ඉන්න උදවිය ජාතියට පෙර අවදි වී සිටිය යුතුයි" යන්න. එයින් එතුමා අදහස් කළේ ජනතාවට පෙර නායකයන් අවදි විය යුතු බවයි. එය එතුමා ආදර්ශයෙන්ම ඔප්පු කළා.
    පිළිවෙළ සහ පිරිසුදුකම
    ප්‍රේමදාසයන් වෙනුවෙන් දෛනිකව ඇඳුම් පැලඳුම් සූදානම් කිරීම පැවරී තිබූ අයකු වරක පුවත්පතකට කියනවා "එතුමා වෙනුවෙන් හැම උදෑසනකම ඇඳුම් කට්ටල හයක් සූදානම් කර තබන බව". තමන්ට ප්‍රියමනාප ඇඳුමකින් උදෑසන සැරසෙන එතුමා දහවල් කෑමෙන් පසුවත්, සවස හයෙන් පසුවත් නැවතත් ඇඳුම් මාරු කරනවා.
    ඇඳුම් පැලඳුම්වල පිරිසුදුකම හා පිළිවෙළම ප්‍රමාණවත් වෙයි එතුමාගේ ජීවිතයේ පිළිවෙළ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට.


    තමන්ගේ රාජකාරි පරිසරයේ පිළිවෙළ පිළිබඳව පවා එතුමා බොහෝ සැලකිලිමත් වුණා. මේසයක්, පුටුවක් වුවත් තබන්නන් වාලේ තබන්නට එතුමා ඉඩ දුන්නේ නැහැ.
    ඒ වගේම තම කාර්යාලයේ ඇති පැය 1,000ක ආයු කාලය ඇති විදුලි පහනක් පැය 900කින් වෙනත් තැනකට මාරු කරන හැටියටත් එතුමා උපදෙස් දීලා තිබුණා. රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා පවත්වන අතරතුරදී තමන් රාජකාරි කටයුතුවල යෙදෙන අතරතුරදී විදුලි පහන් දැවී යනවාට එතුමා කැමැති වුණේ නැහැ.
    1988 දෙසැම්බර් මාසෙ 19 වැනිදා ප්‍රේමදාසයන් ජනාධිපති ධුරයට පත් වුණු වකවානුවෙදී ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වූයේ ජේ‍යෂ්ඨ ජෝර්ෂ් බුෂ්. ඔහු ප්‍රේමදාසයන්ට සුබ පතලා ලියුමක් එවලා තිබුණා. මේ ලිපිය අතට ගත් විගස ප්‍රේමදාසයන්ගේ ඇහැ ගියේ ලිපි ශීර්ෂයට සහ එහි වූ අකුරු මෝස්තරයට. එම අවස්ථාවේදීම ඇමෙරිකාවේ ලංකා තානාපතිවරයාට කතා කරලා ඒ ලිපිය මුද්‍රණය කළ ආකාරයේ මුද්‍රණ යන්ත්‍රයක් ඇණවුම් කරන්න ප්‍රේමදාසයන් ක්‍රියා කළා.


    නායකයකු වීමේ මාවත
    නායක ධුරයට පත්වීමට පෙර රණසිංහ ප්‍රේමදාසයන් අනුගාමිකයකු හැටියට වැඩ කරලා තමන්ගේ සුදුසුකම් ප්‍රදර්ශනය කළා. 1977 වර්ෂයේ සිට 1988 වනතුරු අගමැති ධුරයේ කටයුතු කළ ප්‍රේමදාසයන් ජනාධිපතිවරයා නොමැති අවස්ථාවලදී පාර්ලිමේන්තුවේදී ඒ අඩුපාඩුව පිරිමැහෙන ලෙස කටයුතු කළා.
    ආණ්ඩුවට එරෙහිව විපක්‍ෂයෙන් දැඩි චෝදනා එල්ල වෙද්දී විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට මුහුණදීමේ අභියෝගය එතුමා භාර ගත්තා. ජනාධිපති ජයවර්ධනයන්ට එල්ල වන අපහාස, උපහාසවලට ප්‍රේමදාසයන් මුහුණ දුන්නෙ ඒවා තමන්ට එරෙහිව එල්ල වන අපහාස උපහාස හැටියට සලකලයි.
    ඒ කාලෙ විපක්‍ෂය නියෝජනය කළේ සුදු මන්ත්‍රිවරුන් පිරිසක් වුණාට ඔවුන් හරිම ප්‍රබලයි. අනුර බණ්ඩාරනායක, ස්ටැන්ලි තිලකරත්න, සිරිමාවෝ බණ්ඩාරනායක යනාදීන්ට ප්‍රේමදාසයන් නොසැලී මුහුණ දුන්නා. ඔවුන් සමඟ හරි හරියට වාද කළා.


    චතුර කථිකත්වය
    රණසිංහ ප්‍රේමදාසයන්ට උපතින්ම චතුර කථිකත්වයක් හිමිව තිබුණා. මේ නිසාම එතුමාට ජනතා ආකර්ෂණය නිතැතින්ම හිමි වුණා. තමන්ගෙ අදහස් ලස්සනට පෙළගස්වා ගන්න තිබුණු ඒ හැකියාව එතුමාට බොහෝ අවස්ථාවලදී වාසිදායක වුණා.


    "සංකල්ප" බිහි කිරීමේ රුසියෙක්
    කළමනාකරණ විද්‍යාවේ කියැවෙනවා නායකයකු සතුව එක දක්‍ෂතාවක් මැනවින් පිහිටා තිබිය යුතුයි කියලා. ප්‍රේමදාසයන් සතුව සංකල්ප බිහි කිරීමේ (ඛ්ධදජඥනබභචත ඉඬඪතතඵ) අපූරු හැකියාවක් තිබුණා.
    රටේ බොහෝ ප්‍රශ්නවලට එතුමා එවැනි සංකල්පමය විසඳුම් ලබා දුන්නා. ගම් උදා සංකල්පය, සියක් ලක්‍ෂයක් රුක් සෙවණ යට දස ලක්‍ෂයක් මිනිස්සු, මවුපියන් නැති දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ මාපිය කැපකරු ක්‍රමය, රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙනා ඇඟලුම් කම්හල් වැඩපිළිවෙළ, දුප්පත්කම පිටුදැකීමට ඉදිරිපත් කළ ජනසවිය වගේ සංකල්පමය විසඳුම් ඒ අතර වෙනවා.


    රටේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලෙස එතුමා ඇඟලුම් කම්හල් ආරම්භ කරද්දී බොහෝ අය එය විවේචනය කළේ "සුද්දන්ට ජංගි මහනවා" කියමින්. වරක් ඕඕඛ් නිවේදකයකු ජනාධිපතිවරයාගෙන් අහද්දි "ඇඟලුම් කම්හල් සඳහා වන කෝටා ක්‍රමය අහිමි වුණොත් මේ ආකාරයට රට පුරා ඇඟලුම් කම්හල් ආරම්භ කරන එකෙන් වැඩක් නැති වෙනවා නේද?" කියලා ප්‍රේමදාසයන් බොහොම සැහැල්ලුවෙන් හිනාවෙලා මෙහෙම කිව්වා.
    ලෝකෙ මිනිස්සු ඇඳුම් අඳිනතාක් කල් මේ කෝටා එක අපට නැති වෙන්නෙ නැහැ.


    කඩිසරකම
    මෙරට පාලනය කළ කිසිම නායකයකුට නොතිබූ පුදුමාකාර කඩිසරකමක්, හදිස්සියක් ප්‍රේමදාසයන්ට තිබුණා. එතුමා බොහෝ කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කළේ හෙට ලෝක විනාශය සිද්ධ වෙනවා වගේ හැඟීමකින්.
    1988 වර්ෂයේදී චීන සංචාරයක් වෙනුවෙන් ප්‍රේමදාසයන් එක්ව සිටියදී එ. ජා. ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළා පක්‍ෂයේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා හැටියට එතුමා ඉදිරිපත් කිරීමට. අගමැති කාර්යාලයේ හිතවත් නිලධාරියකු චීනයේ සිටි ප්‍රේමදාසයන්ට මේ බව දැනුම් දුන්නා. "සර්, මැතිවරණ ව්‍යාපාරය ඔබතුමා ලංකාවට ආපුවහම පටන් ගමු නේද, තව දවස් දෙකකින් ඔබතුමා එනවා නේ" කියලා ඒ නිලධාරියා කියද්දි ප්‍රේමදාසයන් මෙහෙම කිව්වා. "ඒ දවස් දෙක නාස්ති කරන්නෙ මොකටද? ඒ සඳහා හොඳ නිලධාරීන් ලැයිස්තුවක් හදලා ඔවුන් මෙහාට එවන්න. අපි ඉක්මනට වැඩේ පටන් ගන්නවා මිස කාලය නාස්ති කරන්න නරකයි".


    වගකීම් සහගත බව
    තමන්ට යම් වැඩක් භාර දුන්නොත් තමන් යම් වැඩක් භාර ගත්තොත් ඒ වැඩේ හරියටම කරන කෙනෙක් හැටියට ප්‍රේමදාසයන් හඳුන්වන්න පුළුවන්. 1979 වර්ෂයේදී ලුසාකා නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය සම්මේලනය වෙනුවෙන් ප්‍රේමදාසයන් එක්වීමට නියමිතව තිබුණා. එහිදී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන් ප්‍රේමදාසයන්ට කිව්වා "පොදු රාජ්‍ය මණ්ඩලයීය සම්මේලනයට එංගලන්ත අගමැති මාග්‍රට් ත්‍රැචර් එක්වෙයි. අප වික්ටෝරියා ව්‍යාපෘතිය වෙනුවෙන් එරටින් ආධාර ඉල්ලලා තියෙනවා. ඉඩක් ලැබුණොත් මේ ආධාර ලැබෙනවාද නැද්ද යන්න වග එතුමියගෙන් විමසා බලන්න" කියලා.


    කොහොමින් කොහොම හරි සමුළුව අතරතුරදී අහඹුවක් ලෙස වගේ මාග්‍රට් ත්‍රැචර් හමුවන්නට ඉඩක් නිර්මාණය කරගන්නට ප්‍රේමදාසයන් සමත් වුණා. එහිදී එතුමා ජනාධිපතිවරයා විමසන්නට යැයි භාරදුන් ආධාර පිළිබඳව විමසීමක් කළා. මාග්‍රට් ත්‍රැචර් ඒ සඳහා පිළිතුරු සැපයීමට යම් කාලවේලාවක් ඉල්ලා සිටියා. පසුව ප්‍රේමදාසයන් මුණගැසුණු මාග්‍රට් ත්‍රැචර් කිව්වා "මම ඒ පිළිබඳව හොයා බැලුවා. ඔබේ රටට ආධාර ලබා දීමේ යෝජනාව අනුමතයි. ආධාර ලබා දෙන්නට අපි සූදානම්" යනුවෙන්.
    එතුමා ඒ පිළිතුරෙන් සෑහීමකට පත් වුණේ නැහැ. "ඒ බව ලියලා ඔබතුමියගේ අස්සනත් ගහලා දුන්නා නම් අපේ ජනාධිපතිතුමා බොහොම සතුටු වෙයි" කියලා උපක්‍රමශීලීව ඒ බව ලිඛිතව තමන් අතට පත්කර ගන්නට ප්‍රේමදාසයන් ක්‍රියා කළා. ඕනෑම වැඩක නිශ්චිත අවසානයක් දැකීමයි එතුමන්ගේ අභිප්‍රාය වුණේ.
    සම්ප්‍රදායට පයින් ගැසූ කෙනෙක්
    සමාජයේ මතයක් තිබුණා ඉහළ ධනපති පවුල්වල උදවියට පමණයි රටේ නායකත්වයට පත්විය හැක්කේ යනුවෙන්. කූල් ටූර් සමාජ පැලැන්තිය පිළිගත් පවුල්වල අයට පමණක් රටේ නායකත්වයට පත්විය හැකිය කියන සමාජ සම්මතයට ප්‍රේමදාසයන් අභියෝග කළා. පුංචි පවුලක ඉපදිලා, හැදිලා වැඩිලා ඉදිරියට ආපු එතුමා ජනාධිපති ධුරයට පත් වුණේ මුලින් කියපු සම්ප්‍රදායට පයින් ගසමින්.


    මේ කරුණු සමඟ කල්පනා කරද්දි රණසිංහ ප්‍රේමදාස චරිතාපදානයේ බොහෝ සුවිශේෂී ලක්‍ෂණ හඳුනා ගැනීමට ඔබට හැකියාව ලැබෙයි.
    මේ සාර්ථක ලක්‍ෂණ වගේම එතුමාගේ චරිතයෙන් පැහැදිලි වුණු දුර්වලතා පිළිබඳවත් මම ඔබට කියන්නම්. ඒ එවැනි දුර්වලතා ඔබ තුළ පවතී නම් ඒවා මඟහරවා ගැනීමට.
    ප්‍රේමදාසයන් කිසිදු විටෙක උනන්දු වුණේ නැහැ දෙවැනි පෙළ නායකයන් නිර්මාණය කිරීමට. එය අතිශය දුර්වලකමක්. ජේ. ආර්. ජයවර්ධනයන්ගේචරිතය ඇසුරෙන් හෝ මේ දුර්වලතාව නිවැරැදි කර ගැනීමට ප්‍රේමදාසයන් උනන්දු වුණේ නැහැ. එය එතුමන්ගේ පක්‍ෂයට වගේම රටටත් දැවැන්ත පාඩුවක් වුණා.

    ඒ වගේම නම්‍යශීලී විය යුතු තැනදී දැඩි තීරණ ගැනීමත් දැඩි තීරණ ගත යුතු තැනදී නම්‍යශීලී වීමත් එතුමන්ගේ දුර්වලකමක්. ඇතැම් අවස්ථාවලදී එතුමා අනවශ්‍ය නීති රීති දාලා කැබිනට් මණ්ඩලය හැසිරවීමට ගියේ එහි සාමාජිකයන් පෙර පාසල් දරුවන් හැටියට සලකලා කියලයි දේශපාලන විචාරකයන් කියන්නේ.
    එතුමාගේ එවැනි හැසිරීම් රටා එතුමාට එරෙහිව එල්ල වුණු දෝෂාභියෝගයටත් මුල් වුණ බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
    කොහොමින් කොහොම හරි අනාගත නායකයන් වෙන්න පෙරුම් පුරන ඔබටත් ප්‍රේමදාස චරිතාපදානයෙන් ගත හැකි ආදර්ශ බොහොමයි. තමන්ගෙ චරිතය හැඩගස්වා ගන්න එකී යහපත් ලක්‍ෂණ ජීවිතයට එකතු කර ගැනීමත් බැහැර කළ යුතු දෑ බැහැර කිරීමත් ඔබේ වගකීම.
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    watnawa machan..me widiyata me wenakan hema janadipathigema hoda naraka compare karala danna puluwannam maru
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් 3.30 නැගිටින මනුස්සයෙක් කීයට විතර නිදාගන්නවද ?

    මට නම් උදේ නැගිටලා වැඩ කරන්න එපා වෙනවා බන් ...වැඩත් ගොඩ ගැහිලා

    හැම කෙනෙක්ගෙම වැරදි ඇති හැබැයි ..
    අපි අපේ ජීවිත වලට ගන්න ඕන ඒ අයගේ හොද වැදගත් ගති ගුණ විතරයි !
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ප්‍රේමදාස මහත්තයා නිකන්ම නිකන් මන්ත්‍රී කාලේ පාර්ලිමේන්තුවේ වේවා කොතැනක හෝ වේවා කතා කරන වචන වලින් බාගෙට බාගයක් කුණුහරුප කිව්වේ.ඒත් 77 ආණ්ඩුව ආවට පස්සේ මිනිහා දැනගත්තා අගමැති තමන් වගේම ඊළඟ ජනාධිපතිත් තමන් කියලා.ඒ දැනගෙන වහාම තමන්ගේ චර්යාව,වචන සෙට් එක ඒ වගේ වැදගත් තනතුරක් දරන්න පුළුවන් මට්ටමට හදාගත්තා.ඊට පස්සේ සෙල්ලමට කුනුහරුපයක් කියලා නෑ.
    ඒකටත් එක්ක දැන් ඉන්න කුක්කා,බලය ලැබුනම කෝට් බෑයත් දෙපැත්තට වෙන්න දාගෙන බඩ පුම්බගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්න දන්නෙත් නෑ තනතුරට ගෞරවයක් එන විදියට.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රේමදාස මහත්තයා නිකන්ම නිකන් මන්ත්‍රී කාලේ පාර්ලිමේන්තුවේ වේවා කොතැනක හෝ වේවා කතා කරන වචන වලින් බාගෙට බාගයක් කුණුහරුප කිව්වේ.ඒත් 77 ආණ්ඩුව ආවට පස්සේ මිනිහා දැනගත්තා අගමැති තමන් වගේම ඊළඟ ජනාධිපතිත් තමන් කියලා.ඒ දැනගෙන වහාම තමන්ගේ චර්යාව,වචන සෙට් එක ඒ වගේ වැදගත් තනතුරක් දරන්න පුළුවන් මට්ටමට හදාගත්තා.ඊට පස්සේ සෙල්ලමට කුනුහරුපයක් කියලා නෑ.
    ඒකටත් එක්ක දැන් ඉන්න කුක්කා,බලය ලැබුනම කෝට් බෑයත් දෙපැත්තට වෙන්න දාගෙන බඩ පුම්බගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්න දන්නෙත් නෑ තනතුරට ගෞරවයක් එන විදියට.

    මිනිහාට මුලින් කිව්වෙ කක්කුස්සි කටා කියලා. හැබැයි ජනාධිපති උනාට පස්සෙ අර පරණ කැත ගති ආයේ මතු උනා.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ප්‍රෙමදාසට සමහර හොඳ කළමණා කරන කරම තිබ්බ. එත් මිනිහ විස්වාස කලේ බසුන්නේහෙලා විතරය් එකය් ගොඩක් project fail උනේ. Professionals ලං කරගත්තේ නැ .
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මිනී මැරුවා හිටු කියලා. මමත් ජීවිතේ බේරගත්තේ හරිම අමාරුවෙන්..
    එකට එයත් පාරේ මැරුනා බල්ලෙක් වගේ