ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඒ නම ලැබුනේ ඇයි

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Mahinda Rajapaksha International Cricket Stadium
    Mahinda Rajapaksha International Air Port
    Mahinda Rajapaksha International Harbour
    Mahinda Rajapaksha International Conference Hall
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ජනාධිපති ප්‍රේමදාස මහින්දගේ පූර්වගාමියා කිව්වොත් හරි, මොකද ජ්‍යෝතිෂ්‍ය බලි තොවිල් ආදී මිත්‍යාව පස්සේ ගියපු කෙනෙක්. පෙනුමට පුරසාරමට වියදම් කරපු කෙනෙක්. මරා පලස්තීනයට කෙන්යාව උගන්ඩාව එහෙම මුදල් පරිත්‍යාග කාර්මික විද්‍යාල හැදුව වගේ ප්‍රේමදාසත් ඉන්දියාවේ ගම් උදාවක් හැදුව. දුප්පත් මනුස්සයෙක්ට ගෙයක් දෙන එක හොඳ වැඩ, ණයට කන රටක ජනාධිපති කෙනෙක්ගේ වගකීමක් නෙවෙයි. ගමුදාව හොඳයි, එත් ඒ උත්සව වලට විශාල වශයෙන් මුදල් නාස්ති කළා, ගම්උදාවෙන් පස්සේ උත්සවයට හදපු විශාල මාවත් ගොඩනැගිළි එහෙම කැලෑවට ගියා. තවමත් ඔය රජමාවත් එහෙම තැනින් තැන තියෙනවා. ප්‍රේමදාස කොටින්ට ආයුධ මුදල් දුන්න පස්සේ යුද්ධ කළා, මරා එකත් කළා. ප්‍රේමදාස බෝම්බයට අහුවුනේ නැත්නම් මරාට කලින් ඉලෙක්ෂන් එකක් පැරදිලා යන පළමු ජනාධිපති වෙන්නතිබුනා. ඉතින් මට හිතෙන්නේ මේ චරිත දෙකම බොහෝ සමානයි කියලයි.
    ඒකෙ ආයෙ එකක් නෑ. පොඩි මරා තමයි. මිනිහා කලින් මළේ නැත්නම් මරාට උන දේට අන්ත දෙයක් වෙන්නේ. ජේ ආර් මුත්තගෙ ව්යවස්තාව අනුව ඔය පුටුවෙ වාඩි උනා නම් අපිටත් ඕකම වෙනවා බං. මරා වගේ තනි සුදු අලි ප්‍රොජෙක්ට් නොකර ගාමන්ට් කර්මාන්තෙ වැඩිදියුණු කරපු එකම මදැයි.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,398
    1,996
    113
    මහින්ද රාජපක්ෂ, ක්‍රිකට් ක්‍රීඩාංගන වලට, පැවිලියන් වලට, ගුවන්තොටුපළ, වරාය, රංග ශාලා වලට, මෙකී නොකී හැම දේටම තමන්ගෙ නම දාගත්තෙ තමන්ගේ කාලේ, මහජන මුදලින් ඒවා හදපු නිසා විතරයි.
    ඒත් ප්‍රේමදාසට ඒ කාලේ ඕනෙ වුනා අපේ රටෙත් රෑට ක්‍රිකට් ගහන්න පුළුවන් ක්‍රීඩාංගනයක් හදන්න. ඒකට ඔහු තෝරාගත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගනයේ සැලසුම. අපේ රටේ ඉංජිනේරුවන්ව පර්ත් ක්‍රීඩාංගනයට යවලා, එහි විදුලි ආලෝකකරණය කරල තියන විදිහ අධ්‍යයනය කරවලා, ඉතා අඩු වියදමකින් කෙත්තාරාම ක්‍රීඩාංගනයටත් විදුලි ආලෝක පහසුකම ලබාදෙන්න ඒ කාලේ ප්‍රේමදාසට හැකි වුණා.
    මේ සියල්ලටම ප්‍රේමදාස එම ඉංජිනේරුවන්ට කාලය ලබා දුන්නේ මාස හයයි.
    හරියට නිකං මහනුවර - ගැටඹේ අලුත් පාර හෙවත් විලියම් ගොපල්ලව මාවත මාස තුනෙන් ප්‍රේමදාසගේ කටේ බලෙන් ඉංජිනේරුවන් ලව්වා ඉදි කරව ගත්තා වගේම තමයි.

    මේ කතාවට අමතරව වැදගත්ම කතාවකුත් කියන්න වෙනවා ඔහු ගැන. මේ ආර්ථික අර්බුදය අවස්ථාවේ ලංකාවට තවමත් ඩොලර් ගේන්නේ අපේ රටේ ඇඟළුම් කර්මාන්තයෙන් තමයි ප්‍රධානවම. ඒ ටිකත් තිබුනෙ නැත්නම් අද අපේ රට තියෙන්නේ මෙහෙම නෙවෙයි. එදා වෙළඳ කලාප හදලා, රටපුරා ඇඟලුම් කම්හල් පටන් අරන් සියවසක විතර කාලයකට රට ගොඩ දැම්මේ ප්‍රේමදාස කියන එක අමතක කිරීම ගුණමකු කමක්. ඔහු මිය ගිහින් අවුරුදු තිහකට පස්සෙත් අපේ රට ඩොලර් හොයන්නෙ ඔහු නිර්මාණය කරපු දේවල් නිසා. ඊට පස්සේ ආපු එක නායකයෙක් වත්, තමන්ට ලකුණු දාගන්නයි, කොමිස් ගහ ගන්නයි, බොරු සංවර්ධන ව්‍යාපෘති කර කර හිටියා මිසක්, රටේ නිෂ්පාදන සහ අපනයන ආර්ථිකය ඔහු තරම් ශක්තිමත් කළේ නැහැ.

    ඒ වගේම ඔහු තමයි 1987 ලෝක නිවාස වර්ෂය බවට පත් කරවලා ලංකාවේ නිවාස නැති දුප්පතුන්ට නිවාස ලබා දෙන්න දැඩි කැපවීමකින් කටයුතු කළ නායකයා.

    👇 මේ සම්මුඛ සාකච්ඡාවෙ තියෙන්නෙ, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට, ඔහු ලෝකයේ කිසිම රටක් තරහා කර ගන්නේ නැති විදිහට ඉතාම විචක්ෂණශීලීව උත්තර දුන් ආකාරය.