ප්‍රේමයට විරුද්ධ වචනය පළිගැනීම නම්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ප්‍රේමයට විරුද්ධ වචනය පළිගැනීම නම්

    +++ ප්‍රේමයට විරුද්ධ වචනය පළිගැනීම නම්??? +++










    උමාලි-
    "රැවුලක් වැවුවට චේ ගුවෙරා වගේ....
    මත් වී හිටියට බොබ් මාලේ වගේ...
    හිත් වල කෝ බන් ආදරේ....
    හිත් වල කෝ බන් ආදරේ...."


    සාරංග-
    "කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි... අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි..."




    පින්තූරය- දෙරණ නිවේදක චතුර පිරීස්ගෙ විවාහ මංගල දිනයේදි ඡායාරූප ශිල්පි සචිත් පිරීස්ගෙ කැමරා කාචයේ සටහන් වූවකි..



    සමයක් විය.. එකළ බොහෝ දෙනා ආදර්ශවත් තරුණ කලා පවුල් වලට උදාහරණයක් ලෙස ගත්තේ සාරංග-උමාලි යුවළයි.. කලාව තුළ සාරංග දිසාසේකරට හතුරෝ නොවීය.. එමෙන්ම උමාලි තිලකරත්නටද හතුරෝ නොවීය.. ප්‍රේක්ෂකයා මොවුන් දෙදෙනාට තනි පුද්ගලයන් ලෙසද යුවළක් ලෙසද ආදරය කළහ..
    නමුත් අද යම් ගැටලු මැද අළු යට ගිනි පුපුරුවමින් කතා හදන්නට බලාගෙන සිටින අයට පුවත් මවමින් සාරංග සහ උමාලි හැසිරීම කණගාටුවට කරුණකි..

    මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශිෂ්ඨතම නිළිය වන්නෙ ඇයයි.. උමාලිගෙ රංග අභ්‍යාසයන් ගැන කතා කිරීමට වදන් අවැසි නැත.. ඇය දක්ශ කාන්තාවකි.. රයිගම් ටෙලි සම්මාන උළෙලේ ඇය හොදම නිළියට සම්මානයට පාත්‍ර වන වෙලාවේ නිවේදකයා සාරංග දිසාසේකරයි.. මෙය ප්‍රේක්ෂකයා බලා සිටි මොහොතයි.. සියලු කසු කුසුවන්ට ඔවුන් දෙදෙනා එක්ව ප්‍රති ප්‍රහාරයක් එල්ල කරාවි යන්න අප බලාපොරොත්තු වූ දෙයයි..
    බොහිමියානුවා නාට්‍යයේ විශිෂ්ඨ රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ උමාලි සමඟ සම්මානනීය අවස්ථාවේ කෙටි පිළිසඳර කරන්නට සිදුව තිබුණෙ තවමත් ඇයගෙ නීත්‍යානුකූල සැමියා වූ සාරංගටයි.. උමාලිට සුභ පැතුම් එක් කළ සාරංග උමාලිගෙ හද ගැස්ම ප්‍රේක්ෂකයා හා බෙදා ගත්‍තා.. නමුත්..

    උමාලි එතනින් නැවතුනේ නෑ.. සාරංගව සියුම්ව වේදිකාව මත හැඟීම් මරණයකට ගෙනියපු උමාලි ඇයගෙ කතාව අවසන් කරේ ඇයට සම්මානය ලබා දුන්නු බොහිමියානුවා නාට්‍යයේ තේමා ගීතයේ කොටසක් සාරංගගෙ ඇස් දිහා බලාගෙන කියලා..
    " රැවුලක් වැව්වට චේ ගුවේරා වගෙ
    මත් වී සිටියට බොබ් මාලේ වගෙ..
    කෝ බන් හිත් වල ආදරේ..
    කෝ බන් හිත් වල ආදරේ"






    ලංකාවේ විශිෂ්ඨතම සජීවි නිවේදකයා ඔහු බව සාරංග දිසාසේකර බව ඔහු ඊයේ සනාථ කළේය.. උමාලි කතා කරන විට ඇයට මයික්‍රපෝනය අල්ලාගෙන සිටි සාරංග එම අවස්ථාව පාලනය කරගත් ආකාරය එම සිදුවීම් වලට මුහුණ දී සිහිසුන්ව සිටින වෙනත් අයෙකුට නම් කළ නොහැක්කක් වනු ඇත.. සාරංග ඒ අවස්ථාවේ ලකුණු 10/10 ලබා ගත්තේය..



    නමුත් සිය ෆේස්බුක් පිටුව හරහා ඔහු අද දිනයේ සියුම් පහරක් එල්ල කර තිබුණි..
    " කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි.. අන්තිමට රට වැසියො ඔක්කොමයි අන්දපු අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත් වූ වගයි "



    සාරංග මෙන්ම උමාලි යනු නූගත් කලාකරුවන් නොවෙයි.. එම නිසා ඔවුන්ගෙ හින්ට් ගැසීම්ද සාමාන්‍ය නොවෙයි.. රයිගම් සම්මාන වේදිකාවේ උමාලි සහ සාරංග වෙනම රංගනයක් කළහ..අද එහි පසු සටහන සාරංග විසින් ලීවේය.. දුකට කාරණාව නම් සාරංග සහ උමාලිට ආදරය කළ ඒ අපූරු එකතුවට ආදරය කළ ප්‍රේක්ෂකයාට මේවා බලාගෙන සිටීමට වීමයි..



    - From FB
     
    • Like
    Reactions: [email protected]

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    දුකට කාරණාව නම් සාරංග සහ උමාලිට ආදරය කළ ඒ අපූරු එකතුවට ආදරය කළ ප්‍රේක්ෂකයාට මේවා බලාගෙන සිටීමට වීමයි..
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ප්‍රේරේමයට විරුද්ධ වචනය පළිගැනීම නම් ??

    එහෙනම් මම මේ වෙද්දි සීරියල් කිලර් කෙනෙක්
    :lol::lol: :lol: :lol:
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    ප්‍රේරේමයට විරුද්ධ වචනය පළිගැනීම නම් ??

    එහෙනම් මම මේ වෙද්දි සීරියල් කිලර් කෙනෙක්
    :lol::lol: :lol: :lol:

    උඹට ගෑණු 60ක් විතර ඉඳල තියෙනවාද?:confused:
    DON'T TAKE MATHEMATICS මචං.
    බොක්කෙන් ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවනම් මාත් අද ලොක්කෙක්:yes::cool:
    පේනවානේ මගේ user name එක SURVIVOR ඇවටාර් එක හත්තක් :lol:
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ප්‍රේරේමයට විරුද්ධ වචනය පළිගැනීම නම් ??

    එහෙනම් මම මේ වෙද්දි සීරියල් කිලර් කෙනෙක්
    :lol::lol: :lol: :lol:

    uba echchara boot kewada ??