ප්‍රේමයේ නික්මන...

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ප්‍රේමයේ නික්මන...

29w38us.jpg



කපාල කන්ද මුදුනේ
මම
තනියම
නුඹ කෙහෙද
තාම නොපායපු සන්දිරන්


ඉර මල යට
දාහයට රැහිරැ බිදු එක්වන
පාපතර දිනයේ
සන්දිරන්
ඉර වහපං මැදට පැන

පිං පිරෑ මයේ හිත නුඹ ගැන
බවුන් වැඩුවේ ආත්ම ගණනක සිට
ගිණි ගත්තා නේද හද මඩල
නපුරැ හිතකට පෙමි කිරීමෙන්
ඉතිං
සන්දිරන්
තනමි මම කුරැසය
කපාල කන්ද මුදුනත
මෙ ඉර මල මැදට පැන
පළමු ඇණය ගසාපන්
කුරැසයේ තියා.....

අරවින්ද
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නිර්මානයේ අපුර්වත්වය හා අමුණා ඇති පද පෙලහර මා සිත සොරා ගත්තා කීවොත් එය නිවැරදියි..

ඉතාම සුන්දර එමෙන්ම මං ගොඩාක් රස වින්ඳ නිර්මානයක්...


උඹට ජය...
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
මෙ ඉර මල මැදට පැන
පළමු ඇණය ගසාපන්
කුරැසයේ තියා.....


දුක හිතෙන නිර්මාණයක් අරවි.....තවත් ලියන්න ඔයට ජය පතනවා...