ප්‍රේමයේ ස්මාරකයේ ආරක්ෂාවට අධිකරණය ඉද&
තාඡ් මහල්: ප්‍රේමයේ ස්මාරකයේ ආරක්ෂාවට අධිකරණය ඉදිරිපත් වෙයි
ලෝක උරුමයක් මෙන්ම, ලෝකයේ පියකරු නිර්මාණ අතර මුල් තැනක් හිමිකර ගනු ලබන 'තාඡ් මහල්' මන්දිරයේ වර්ණ රැකදීමට ඉන්දීය ශේ්‍රෂ්ඨාධිකරණය ඉදිරිපත්ව සිටියි.
"අවශ්‍ය විශේෂඥයන් සිටියදීත් ඔබ ඉන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔබ නොසැලකිලිමත් ලෙසයි කටයුතු කරන්නේ," යනුවෙන් ශේ්‍රෂ්ඨාධිකරණය 'තාඡ් මහල්' මන්දිරය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවට දෝෂාරෝපණය කළේය.
විදේශීය උදව් ලබා ගනිමින් හෝ 'තාඡ් මහල්' රැක ගන්නා ලෙසත් අධිකරණය ආණ්ඩුවට උපදෙස් දී තිබේ.
17 වන ශතවර්ෂයේ දී ෂා ජහාන් මෝගල් අධිරාජයා විසින් අග්‍රාහි 'යමුනා' ගංගා තීරයේ ඉදි කරවන ලද ප්‍රේමයේ ස්මාරකය ධවල වර්ණ කිරි ගරුඬින් සහ වෙනත් වස්තූන් යොදා ගනිමින් නිමවා ඇති අතර, පසුගිය කාලයෙහි කහ පැහැගත් එහි බිත්ති මේ වනවිට දුඹුරු සහ කොළ පැහැයට හැරෙමින් පවතී.
පරිසර දූෂණය, ඉදිකිරීම් සහ කෘමි වසුරු අපද්‍රව්‍ය එම විනාශයට බලපාන හේතු අතර දැක්වෙයි.
පරිසරවේදීන් විසින් ඉදිරිපත් කරන ලද 'තාඡ් මහල්' පින්තූර අධීක්ෂණය කළ විනිසුරු මේඩන් ලොකුර් සහ විනිසුරු දීපක් ගුප්ත, දේශීය සහ විදේශීය විශේෂඥතාඥානය ලබා ගන්නා මෙන් ඉන්දීය ආණ්ඩුවට නියෝග කළේය.
'තාඡ්Ê මහල්' අවට පිහිටි කම්හල් දහස් ගණනක් වසා දැමීමට ඉන්දීය ආණ්ඩුව කලින් පියවර ගත්තත් එහි කිරි ගරුඬ දීප්තිය තවදුරටත් දුර්වර්ණ වෙමින් පවතී.
'තාඡ්Ê මහල්' අසලින් ගලා බසින යමුනා ගංගාවේ කුණු කසළ ආදියේ බලපෑම සහ එහි යෝධ පවුරු මත හෙළනු ලබන කෘමි වසුරු මගින් මන්දිරය දුර්වර්ණ කරයි.
'තාඡ්Ê මහල්' නැරඹීමට එක දිනයකට අග්‍රා කරා ඇදී එන සංචාරකයන්ගේ සංඛ්‍යාව 70,000 ක් පමණ වෙති. එය ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණය සහිත නිර්මාණයක් වෙයි.
මේ ඓතිහාසික සිහිවටනය මෙසේ දුර්වර්ණ වීමේ අභියෝගයට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය නොවේ.
දශක දෙකක පමණ කාලයක් ඇතුළත අවස්ථා කීපයක පිරිසිදු කිරීමේ ප්රයත්නයක් වශයෙන් 'තාඡ්Ê මහල්' මන්දිරයේ කිරිගරුඬ බිත්ති විශේෂ ජීවයකින් ආවරණය කරනු ලැබුණි.
එහෙත් මේ වනවිට ප්රශ්නය වඩාත් නරක අතට හැරෙමින් පවතින බවට බියසැක වැඩෙමින් පවතී.
'තාඡ් මහල්' මන්දිරයේ පවුරු විශේෂ මඩකින් නැහැවීම පසුගිය ජනවාරි මාසයේ ආරම්භ විය.
උසට බඳින ලද පලංචි මත නැගගත් කම්කරුවෝ, කිලුටු පැහැ අපද්‍රව්‍ය, තෙල් හෝ මේද සහිත ලිහිසි ද්‍රව්‍ය සහ සත්ව වසුරු ආදිය උරා ගනු ලබන ඉටි ජීවයක් තා-Ê මහලේ බිත්ති මත ආලේපනය කළහ.
එහි ඊළඟ පියවර වන්නේ එම ජීවය සෝදා හැරීමය. එපරිද්දෙන් දැනට ආරම්භ කරනු ලැබ ඇති පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය මේ වසර අවසානයේ නිම කෙරෙනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් තිබේ.

Last edited: