ප්‍රේමය නම්

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    ප්‍රේමයෙන් සංතෘප්ත හිතකත්
    තිබුණි නම් හිස්තැන් සැදී
    නොතේරෙන තැන් බොහොමයක් ළඟ
    නිරුත්තර වේනම් අපී
    කොතැන හෝ වැරදී ඇතී මුත්
    හැරී නොබලන් හිතවත .......

    හරිත පත් පිරිවරා සැරසී
    සිටින මුත් කලකදි තුටින්
    ගසක් වුව පත් වරයි කලෙකදි
    විදාගයි අත් නිදහසින්
    ප්‍රේමයත් වෙහෙසක්ය විටෙකදි
    නොදන්නෙමි කිමදැයි ඉතින් ....


    මාතෘකා.......
     
    • Like
    Reactions: mihir.rc.uom