වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා මහජන මුදල් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සඳහා වරාය පරිශ්‍රයේ සංචාරයක් සංවිධානය කර සාදයක් පැවැත්වූ බවට වරාය වෘත්තිය සමිති චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ, වරාය පරිශ්‍රයේ අධිආරක්ෂිත කලාපයක අනීතික ලෙස මෙම සාදය පවත්වා ඇති අතර, මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.
වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක පමණ පිරිසක් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ ඊයේ (09) නාවික සංචාරයක් සිදු කර තිබේ.
ඒ සඳහා ආරාධනා පත්‍රයක් ද නිකුත් කර තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ නව වර්ෂය ආරම්භයේ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සංවිධාන කර ඇති බවයි.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අතර, එම සංචාරයේ හා සාදයේ වීඩියෝ දර්ශන පෙළක් ද ඔවුන් මාධ්‍යයට නිකුත් කර ඇත.
ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක් ව තිබේ.
මෙම සංචාරය සිදු කර ඇත්තේ, හංසකාවා සහ දියකොවුලා නමැති යාත්‍රා ද්විත්වය යොදාගනිමිනි.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය චෝදනා කළේ වරායේ නීතිරීති පවා උල්ලංඝනය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය හා සාදය පවත්වා ඇති බවයි.
හංසකාවා සහ දියකොවුලා නැමැති නෞකා මගී යාත්‍රා නොවන අතර, ඒවා භාවිත කෙරෙන්නේ වරායේ වැලි ඉවත් කිරීම සඳහා බව ඔවුහු පවසති.
සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන්ට අවශ්‍ය ආහාර පාන වරාය අධිකාරිය විසින් සලසා දී ඇති බවට ජාතික පුවත්පතක් ද අද වාර්තා කර තිබිණි.
වරාය රාජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් එම සංචාරය සඳහා ආහාර පාන ලබාදෙන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
වරාය වෘත්තිය සමිති චෝදනා කළේ, මන්ත්‍රීවරුන්ගේ මෙම විනෝද චාරිකාව සඳහා වරාය මහජන මුදල් කෝටි ගණනින් වැය කොට ඇති බවයි.
මෙම චෝදනාවට ප්‍රතිචාර විමසීම සඳහා අපි රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තෙමු.
වෘත්තිය සමිතිවල ප්‍රකාශ අසත්‍ය බව පැවසූ ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බවයි.
හෙට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන බව ඔහු සඳහන් කළේය.
@2osama @netudara moawada huththige putho, me ballo karana sakkili weda