ප්‍රේමවතී මනම්පේරි ගාතනේ 💔

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ද්ගලික කෝන්තරයකට මරාදැමූ ප්‍රේමවතී මනම්පේරිගේ කතාව
    🇱🇰
    සෑම වසරකම අප්‍රේල් ළං වන විට ජ. වි. පෙ. අප්‍රේල් කැරැල්ල ගැන මතකයට නැංවෙනවා. ඒ ගැන සමරු උත්සව ද පැවැත්වෙනවා. ඒත් කැරැල්ලේ නාමයෙන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණු අහිංසක තරුණියක් වන කතරගම ප්‍රේමවතී මනම්පේරි ගැන නම් වැඩිදෙනෙකුට මතක් වන්නේ නැහැ.

    ප්‍රේමවතී මනම්පේරි තරුණිය
    ප්‍රේමවතී පාසල් සමයේ දී- dinamina.lk
    IMG_20220719_110430_813.jpg

    කතරගම රූමතිය
    IMG_20220719_110435_631.jpg

    අවුරුදු උළෙලට එක් වූ තරුණිය- nethgossip.com
    ප්‍රේමවතී 1970 වර්ෂයේ කතරගම පැවැති ගමේ අවුරුදු උළෙලේ දෙවන ස්ථානයට පත්ව තිබුණා. දෙවන අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළැඳ සිටි නිසා ඇය ගමේ ජනප්‍රියව සිටියා. එම අවුරුදු උත්සවය පැවත්වුණේ කතරගම ස්ටැන්ලි හෝටලය ඉදිරිපිට බිම්කඩේ දී යි. මෙම රූමතිය කෙරෙහි කතරගම පොලිස්‌ ස්ථානාධිපති දැඩි අවධානයකින් පසු වුණා. ඔහුට ඇය සමග පෙම් සබඳකමක්‌ ඇතිකර ගැනීමට අවශ්‍ය වුණා. ඔහු එන්නේ තමාගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට බව දැන සිටි ඇය ඔහුට තම අකැමැත්ත පළකර සිටි බව ප්‍රේමවතී මනම්පේරිගේ මව පසුව පවසා තිබෙනවා. ඒ අතර තමයි 71 අප්‍රේල් කැරැල්ලේ අඳුරු සෙවණැලි කතරගමටත් බලපෑවේ.
    IMG_20220719_110439_126.jpg

    ජවිපෙ විසින් ප්‍රහාර එල්ල කරන ලද පොලිස් ස්ථාන අතර එක් පොලිස් ස්ථානයක් වී තිබුණේ කතරගම පොලිසිය යි. මේ පොලිස් ස්ථානයට එල්ලකළ ප්‍රහාරයට මුල්වී සිටියේ ගාමිණි බාස්‌, කරුණාසේන, හා සිරිපාල යන ප්‍රාදේශීය ජවිපෙ නායකයන්. ප්‍රමාණවත් පොලිස් භටයන් සහ ආයුධ නොමැතිවීම නිසා පොලිස් නිලධාරින් පසුබැස හම්බන්තොට පොලිසියට ගොස් සිටියා. සියගණනක් ජවිපෙ තරුණ තරුණියන් කතරගම පාලනය කරමින් සිටි බව පැවසෙනවා. එසේ 1971 අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා කතරගම එසේ තම පාලනයට යටත්කරගැනීමට ජවිපෙ කැරලිකරුවන් සමත් වෙලා සිටියා. මේ අතර රට පුරා කැරැල්ල මැඩපැවැත්වීමට ඇඳිරි නීතිය පනවා පොලිස් සහ හමුදා වැටලීම් ආරම්භ වෙමින් පැවතුණා.
    හමුදාව පැමිණෙයි
    IMG_20220719_110442_963.jpg

    කතරගම දෙවොල් බිම -lankapura.com
    ඇඳිරිනීතිය හා කැරලිකාර කටයුතු නිසා අවුල් වී පවතින කතරම ජන ජීවිතය යථා තත්ත්වට පත්කිරීමට හමුදාවට අවශ්‍ය වුණා. හම්බන්තොට හමුදා කඳවුරේ කර්නල් ඩෙරික් නුගවෙල කතරගමට හමුදා භට කණ්ඩායමක් පිටත්කළේ ඒ අරමුණ ඇතිව යි.
    හමුදාව කතරගමට පැමිණ කඳවුරු බැඳගත්තේ අප්‍රේල් 16 දා පෙරවරු 5 ට පමණ යි. හමුදාව පැමිණෙන බව ආරංචි වූ විට කැරලිකරුවෝ කැලෑවට පැන ගිය අතර කැරැල්ල මෙහෙයවූ ගාමිණී බාස් ද තරුණයන්ට පසුබසින ලෙස උපදෙස් දුන්නා. කතරගම ජවිපෙ කටයුතුවලට සම්බන්ධ වූ සිරිපාල නමැත්තා ප්‍රේමවතී මනම්පේරිගේ පවුලේ ඥතියකු ද වුණා.
    කතරගම ස්ථානාධිපති
    අප්‍රේල් 16 දා උදෑසන 9.00ට පමණ කතරගම පොලිසියේ ස්‌ථානාධිපතිවරයා තවත් පොලිස්‌ නිලධාරීන් තුන්දෙනකු ද සමග පොලිසියට කිලෝමිටරයක් පමණ දුරින් පිහිටි ප්‍රේමවතී මනම්පේරිගේ නිවෙසට ජීප් රථයෙන් ගියා. පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇය බලහත්කාරයෙන් ජීප් රියට නංවාගෙන හමුදා කඳවුරට ගෙන ගොස් තිබෙනවා. පසුව අනාවරණය වුයේ ජීප් රථයේ දී ද ඇයට බොහෝ වධදුන් බව යි.
    නිර්දෝෂී තරුණිය
    අත්අඩංගුවට පත් කැරලිකරුවන් -
    IMG_20220719_110446_963.jpg

    vikalpa.org
    හමුදාව කතරගම වැඩ ඇල්ලුවේ ගමම භිෂණයක ගිල්වමින්. කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රේමවතී මනම්පේරි කතරගම ජවිපෙ ප්‍රධානම නායිකාවක් බවට ප්‍රකාශ කරමින්, කතරගම හමුදා කඳවුරේ ලුතිනන් ඇල්ෆ්‍රඞ් විජේසූරිය නම් නිලධාරියාට බාර දී තිබෙනවා. ලුතිනන් විජේසූරිය ඇයගෙන් ප්‍රශ්න කළත් ඇය ජවිපෙ පන්ති පහටවත් සහභාගී වී නැති බව යි පවසා තිබෙන්නේ.
    මේ අතර යාල වනෝද්‍යාන භාරකරු ඩෙස්මන් වයිට් ඇඳිරි නීතියෙන් පසු අ‍ප්‍රේල් 17 දා රාජකාරි බාර ගැනීමට කතරගමට පැමිණියා. හමුදා උපදෙස් මත ඔහු මුලින්ම ගියේ තාවකාලික කඳවුර පිහිටුවා තිබූ විශ්‍රාම ශාලාවට යි. එහි හමුදා නිලධාරින් හමුවීමට ගිය විට වනෝද්‍යාන සේවක හෙන්ද්‍රික් අප්පුහාමිගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට ගත් තරුණියන් අතර බිම හිඳගෙන සිටිනු ඔහු දුටුවා. ඒ සිද්ධිය ඔහු පසුව පුවත්පතකට මෙසේ විස්තර කර තිබුණා:
    "ලුතිනන්වරයා මගෙන් ඇහුවා ඇයව හඳුනනවා ද කියලා. මම කිව්වා ඔව්, ඇගේ තාත්තා මගේ යටතේ සේවය කළ කෙනෙක් කියලා. පෙර දිනයේ හමුදා භාරයට පත්ව සිටි මේ තරුණිය බොහෝ දුක්විඳ සිටි බව මට පෙනුණා.
    IMG_20220719_110451_063.jpg

    ගුණසිරි හෝටලය -silumina.lk
    ප්‍රේමවතී මහදවල් ජනතාව මැද ඇඳුම් ගැලවීමට කැමති වුණේ නැහැ. නමුත් හමුදා නිලධාරියාගේ තර්ජනය නිසා ඇය එකින් එක ඇඳුම් උනා දමා තිබෙනවා. ඉන්පසුව නිරුවත් තරුණියට අත් ඉහළට ඔසවාගෙන පාර දිගේ යන්නට අණකර තිබෙනවා. ඇය කතරගම නගරය දෙසට ඇවිද ගොස් තිබෙනවා. අසල පිහිටි ගුණසිරි හෝටලයේ හුන් පිරිස ඇස් අදහාගත නොහැකිව ඒ දර්ශනය දෙස කුතුහලයෙන් බලා කම්පාවී තිබෙනවා.

    කැරල්ලේ භීෂණය-
    IMG_20220719_110454_433.jpg

    Colombotelegraph.com
    ඇයට පිටුපසින් ගිනි අවිය මානාගෙන ලුතිනන් හා තවත් සොල්දාදුවන් දෙදෙනෙකු ගමන් කර තිබෙනවා. ටික වේලාවකින් ඇයට වෙඩි තබනවා. ඒ සමගම ප්‍රේමවතී මුනින් අතට වැටෙනවා. නමුත් ඇය මියයන්නේ නැහැ. එවිට ලුතිනන් සැරයන් රත්නායකට කෑ ගහලා ඇයව "ඉවරයක් කර දාන්නැ"යි අණකර තිබෙනවා. රත්නායක ඇයට යළිත් වෙඩිතැබූ අතර ඊට ටික වේලාවකට පසු පාරේ ගිය කෙනෙකුට කතාකර ඇගේ මිනිය වළලන ලෙස ලුතිනන් අණ දී තිබෙනවා. එසේ පවරා ඇත්තේ කතරගම ඇලඩින් නමැති අයෙකුට යි. ඇලඩින්ව හඳුනාගත් ප්‍රේමවතී තම දෙකනේ තිබූ කරාබු ජෝඩුව ගලවා එය තම නැගණියට දීමට අම්මාගේ අතට දෙන්නැ යි කියා තිබෙනවා. ඉන් මඳ වේලාවකට පසුව ඈ වෙත පැමිණි සොල්දාදුවෙකු ඇයගේ හිසටම රයිෆලය තබා වෙඩි තබා තිබුණා.

    අපරාධකරුවන් අධිකරණයට
    ප්‍රේමවතීගේ මව සහ පියා -
    IMG_20220719_110457_576.jpg

    dinamina.lk
    ඝාතනය සියැසින් දුටු ඩෙස්මන් වයිට් මේ ගැන වගකිවයුත්තන්ට දැනුම් දෙනවා. පසුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹෙන අතර ඇත්ත පුවත්පත ද ඒ පිළිබඳ පුවත් පළ කරමින් ජනමතයක් ඇතිකිරීමට දායක වුණා. අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මේ සිද්ධිය ගැන පරීක්ෂණ කරන ලෙස පොලිසියට නියෝග කළා. 1971 මැයි 24 වනදා ප්‍රේමවතී මනම්පේරිගේ මිනිය ගොඩගෙන පරික්ෂණ පවත්වන්නේ ඒ අනුව යි.

    සිද්ධිය දුටු ඩෙස්මන් වයිට් -
    IMG_20220719_110459_399.jpg

    nethgossip.com
    “ප්‍රේමවතී වළලා දමන්න හමුදාව මට අණ කළා. පෙරුමාල්, කාදර්, සහ සයිමන් සමග එකතුව වළ කැපුවා. ප්‍රේමවතී ළඟට ගියාම ඇයට පණ තිබුණා. වළලන්න බැහැ කිව්වම හමුදා ඇදුම් ඇඳගත්ත අයෙකු පැමිණ තවත් වෙඩි කිහිපයක් බිම වැටී සිටි ප්‍රේමවතිගේ සිරුරට තිබ්බා. ඊට පසුවත් ඇයට පණ තිබුණා. වළ ළඟට ගෙනියනකොටත් ඇය කිව්වා, "මාමේ කරාබු දෙක ගලවාගෙන අම්මාට ගෙනිහින් දෙන්න" කියලා. ආයෙමත් ඇගේ හිසට හමුදාවෙ අයෙක් වෙඩි තැබුවා. ඉන්පස්සේ ඇය දෙනෙත් පියාගත්තා. අපි සිරුර වළදමලා එයාගේම ඇඳුම්වලින් වහලා පස් දමලා වැහුවා."
    අපරාධකරුවන්ට විලංගු

    අපරාධ නඩුවේ චරිත -
    IMG_20220719_110502_847.jpg

    silumina.lk
    පුරා දින 11ක් තිස්සේ ගාල්ල මහාධිකරණයේ විනිසුරු ඩී. කිව්. එම්. සිරිමාන්න ඉදිරියේ විභාග වූ මෙම නඩුවේ දී ජූරි සභාවේ ඒකමතික තීරණය පරිදි ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය හා සැරයන් අමරදාස රත්නායක යන චූදිතයන්ට බරපතල වැඩ සහිතව වසර 16 බැගින් සිර දඬුවම් නියමවුණා. නඩු තීන්දුව 1973 මැයි 30 වැනි දින ප්‍රකාශයට පත්කෙරුණා. නඩු විභාගය අවසානයේ දී පළමු විත්තිකාර ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය හා දෙවන විත්තිකාර සැරයන් රත්නායක චෝදනාවන්ට වරදකරුවන් වූ අතර ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර 1ක සිරදඬුවමක් නියම වුණා. නඩු විභාගවල දී ප්‍රකාශවූයේ හමුදාව මෙම තරුණියන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත්තේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගැනීම සඳහා බව යි. ප්‍රේමවතී මරාදැමීමෙන් පසු අනිත් තරුණියන් නිකම්ම නිදහස්‌ කිරීමෙන් ඒ බව පැහැදිලි වී තිබෙනවා.
    සිරදඬුවම විඳිමින් සිටි විජේසූරිය ඊට වසරකට පසු බන්ධනාගාරයේ දී හෘදයාබාධයකින් මරණයට පත් වුණා. සිරදඬුවම් විඳ නිදහස් වී පැමිණි රත්නායක දෙවිනුවර සිය නිවසේ සිටිය දී 1988 - 89 භීෂණ සමයේ දී පිහියෙන් ඇන ඝාතනයට ලක්වුණා. තම ආත්ම ගෞරවය වෙනුවෙන් එඩිතරව මරණයට පත්වූ මේ තරුණිය වෙනුවෙන් ස්මාරකයක් ද කතරගම ඉදිකර තිබෙනවා.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ප්‍ර්‍රේමවතී මනම්පේරි තරුණිය
    කතරගමේ විසුව රූප රැජිණිය
    පතිවත් කෙලෙසලා ඇගේ මැරුවේ
    තිරිසනෙක් වගේ... ඒ සිත් පිත් නොමැති උදවිය.........
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒ කාලේ ගොඩක් කළුවො වස කැතයි. හොස්පිටල් වලින් විටමින්, ත්‍රිපෝෂ, වැක්සින් දෙන්න පටන්ගත්තට පස්සෙ ද මන්ද වෙනස්වුනේ @emoji diaries
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and ntayya