ප්‍රේමාන්විත කවියක්
ඉල්ලුවා උඹ මගෙන් දවසක්
උදුරගෙන ටික කාලයක්
හෙව්වා මමත් වරුවක්
කහ ගැහුණු බේත් කොලයක්
අප්පච්චිගෙ
මරණෙට ගහපු කවි කොලේ
අම්මගෙ
ඒ දෙකම එක පෙට්ටගමේ
හම්බුනා දාගන නක්කලේ
බොර ගැහුණු ඇස් අක්කගෙ
බල බලා වේල පත් කඩේ
පෙමක් හෙව්වත් හැමවෙලේ
වේලිලා හිත ඒකිගේ
අප්ප නැති පව් පොඩි එකා
නංගිගේ බඩෙ මෝරනා
සාප දීගෙන පුපුරනා
නංගි දන් නෑ පෙම් කතා
උන්ගෙන් වැඩක් නෑ මට
මම ම හිතුවා මං ගැන
ටකරමෙන් මගෙ මූණට
වතුර පෙරුණා යහමට
හීනයෙන් ඇහැරිලා මං
සොයාගෙන සොදුරිගෙ නුවන්
ගිහින් කිව්වා හෙමින්
ප්‍රේමාන්විත කවි හරිම හිස්
ඉල්ලුවා උඹ මගෙන් දවසක්
උදුරගෙන ටික කාලයක්
හෙව්වා මමත් වරුවක්
කහ ගැහුණු බේත් කොලයක්
අප්පච්චිගෙ
මරණෙට ගහපු කවි කොලේ
අම්මගෙ
ඒ දෙකම එක පෙට්ටගමේ
හම්බුනා දාගන නක්කලේ
බොර ගැහුණු ඇස් අක්කගෙ
බල බලා වේල පත් කඩේ
පෙමක් හෙව්වත් හැමවෙලේ
වේලිලා හිත ඒකිගේ
අප්ප නැති පව් පොඩි එකා
නංගිගේ බඩෙ මෝරනා
සාප දීගෙන පුපුරනා
නංගි දන් නෑ පෙම් කතා
උන්ගෙන් වැඩක් නෑ මට
මම ම හිතුවා මං ගැන
ටකරමෙන් මගෙ මූණට
වතුර පෙරුණා යහමට
හීනයෙන් ඇහැරිලා මං
සොයාගෙන සොදුරිගෙ නුවන්
ගිහින් කිව්වා හෙමින්
ප්‍රේමාන්විත කවි හරිම හිස්