පාට පාට ජීවිතය

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පාට පාට ජීවිතය

    තටු කැඩුන සමනලී එකෙන් පස්සෙ කාලෙකින් කතාවක් ලියන්න බැරිඋනා.. ඉතින් හිතුව කතාවක් පටන්ගන්න ...

    මේකතාව 100% ඇත්ත කතාවක් නෙමේ ඒත් 100% බොරු කතාවකුත් නෙමේ සමහර ඇත්ත සිද්දීන් එක්ක මම මේ කතාව ගොතනව... කොලබ, හික්කඩුව, මිරිස්ස, ආරුගම්බේ වගේ පැතිවල තියන පාර්ටි (බිච්පාර්ටී) සංස්කෘතිය පාදකකරගෙන තමා මම මේක ලියන්නෙ... එහෙනම් අවසරයි පාට පාට ලෝකයක අතරමං උන පාට පාට මිනිස්සුන්ගෙ පාට පාට ජීවිත ගෙන හැර දක්වන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලියහං ලියහං.. මාත් කතාවක් ලියන්න ඕන වැඩ ටිකක් අඩු උනාම.. උඹ කතාව ලියලා ඉවර කරපං මුලින්..:dull:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    1

    කෝ මේ ගෑනු එක්ක බැරි ඕකනෙ කියන වෙලාවට කවදාවත් වැඩක් කරන්නෙ නෑ නෙ අප්ප....
    මමත් ශානුත් මහරගම බෝගහ ලගට ඇවිත් දැන් විනාඩි හතලිහක් විතර අපිව පික් කරනව කියපු මගෙ එකකුස නූපන් අක්ක තාම නෑ...

    චාවි එක්කො යමුද බන් මේ රෙද්ද අත ඇරල දාල .. මෙහෙම වාත වෙන්න බෑනේ බන් මේතඩි බෑග් දෙකකුත් උස්සන්...
    ශානයගෙත් රතුකට්ට හොදටම පැනලද කොහෙද...
    ඒක තාමා බන් මාත් බැලුවෙ දැන් ලග දැන් ලග කිව්වට දිනූ අක්ක තාම නෑනෙ බන්

    ඔහොම විනාඩි 20ක් විතර අපි ඉද්දි... දිනූ අක්කගෙ ප්‍රේම කුමාරයගෙ රතුපාට ඇලියෝන් එක අපිට කිට්ටු කරා...
    සොරි පැටියො පොඩක් පරක්කු උනා
    ආ අක්ක පොඩ්ඩද පරක්කු උනේ අනේ වැරදිලාවත් ගොඩක් පරක්කු වෙන්නනම් එපා.. අපිට මෙතෙන සති ගානක් ඉන්න වෙයි

    අනේ මේ මගෙන් කුනු හරප අහගන්නෙ නැතුව නැගපන් පරක්කු වෙනව
    හරි හරි ඔන්න නැග්ග එහෙනම්
    ශානුත් මාත් කාර් එකේ පිටිපස්සෙ සීට් එකට නැග්ග..

    අපි මේ යන්නෙ මිරිස්සෙ තියෙන පාර්ටි එකකට මේක ඕගනයිස් කලේ මගෙ අක්ක.. අක්ක කියුවට කිසිම නෑදෑකමක් නෑ ඒත් ඒ මගෙ අක්ක එයාගෙයි මගෙයි පුදුම බැදීමක් තිබ්බෙ..
    මේ ගමන යන්නෙ දිනූ අක්කයි එයාගෙ කොල්ල සංජි අයියයි මමයි මගෙ බොක්ක උන ශානයි

    අයිය දැ කොහොමද වෙන්නෙ??
    අපි කෙලින පාර්ටි එකට යන්වද??
    නැතන්ම් හොටෙල් එකට ගිහින් යනවද??

    මෙහෙම යන්නබෑ පැටියො හොටෙල් එකට ගිහින් රීෆ්‍රෙශ් වෙලා චේන්ජ් එකක් දාගෙන යමු

    ප්‍රශ්නෙ ඇහුවෙ සංජිඅයියගෙන් උනාට උත්තර දුන්නෙ දිනූ අක්ක

    හයිවේ එකේ දාල ටිකක් දුර යද්දි යක්ක එකපාරටම මගෙ පැත්තට පොඩි බෑග් එකක් විසික් කලා ඕක රෝල් කරල ගන්නව තුනක් විතර රෝල් කරන්න...

    ඒ බෑක් එකේ තිබ්බෙ කේරල ගංජ.. සිංහලෙන් කිව්වොත් කේ.ජී... හයිවේ ඒකේ යන ගමන් මම කූරුතුනක් රෝල් කරා කරල අක්කට දුන්න..

    ගහමුද එකක්?? ඒ සංජි අයිය
    ගහනවනම් ගහමු

    කියපු පරක්කුවට අක්ක ශටර්ස් ඇල එක කූරක් පත්තු කරා.. මාරුවෙන් මාරුවට අපි හතර දෙනා ඒක ඉවර කරා...
    හ්ෆ්ෆ ඒක වැදුන පැලෙන්න.... ඒ ශාන
    හ්ම්ම්ම්... හොද බඩු කාගෙ ඒවද අක්ක??
    යාලුවෙක් දුන්නෙ මල්ලි

    කොහොමෙන් කොහොම හරි අපි මිරිස්සෙ අපේ නවාතැනට එද්දි රෑ අටට විතර ඇති..
    වොශ් දාල කරල අපු පාර්ටි එකට යන්න ලෑස්තිඋනා..

    මල්ලි මේ ටික අහගන්න.. වැඩිය බොන්න එපා.. ඕගොල්ලො පිල්ස් දානවද??

    මේ ශානගෙයි මගෙයි පල වෙනි පාර්ටිය.. ඌයි මායි මූනට මූන බලාගත්ත..
    මම කිව්ව
    කලින් දාල නෑ කියල ඔය දන්නවනෙ අක්ක... ඔන්න ඔහෙ දාමු අද බල්ලන්නත් එක්ක කියල

    එල ඇතුලෙන් බඩු ගමු.. එහෙනම් යමු අපි

    මිරිස්සෙ බීච් එකේ රෙස්ටුරන්ට් එකක තිබ්බෙ ඒ පාර්ටිය ...
    ඇත්තටම මේ ලංකාවද කියල හිතුන අපිට.. ඇගෙන් තුන් කාලක් එලිය දාගත්තු කෙල්ලො... ඇගපුරහම පච්ච ගහ ගත්තු කොල්ලො අමුතුම විදිහට නටන්ව හැමෝම මහ රෑ සංග්ලාසුත් දාල., අනේ මන්ද

    ශාන මොකක්ද බන් මේ??
    අනේ මන්ද බන්.. බලපන්කො වෙනම ලෝකයක් නෙ බන්

    එහෙම්ම පිටි පස්සට්ටම ගිහින් අමාරුවෙන් අපි ටේබල් එකක් අල්ල ගත්ත.. සංජි අයිය ගිහින් ඇබ්සලුට් එකක් අරන් ආව... අපි හෙමීට ඒක ගහන්න පටන් ගත්ත ...
    පාර්ටි එකේ ඉන්න ඔක්කෝමලව අක්කයි අයියයි අදුරන්ව ඒ හැමෝටම අපිව අදුන්වල දුන්න අක්ක..
    ඊට පස්සෙ අක්ක මගෙන් රුපියල් 3000 ඉල්ල ගත්ත.. ඉල්ලගෙන එයාගෙ යාලුවෙක්ට දුන්න..

    නිකන් බෙහෙත් පෙත්තක් වගේ පෙත්තක්..
    අක්ක ඒක මට දුන්න දෙන්නත් එක්ක බාගෙ බාග් කටේ දාගන්න කියල
    අපි ඒ ව්ගේම කලා...



    අදට මීට වඩා ලියන්න අමාරුයි..හරියට ලිය වුනේ නෑ මම හිතන්නෙ මේකොටස... රැදෙන්න පාට පාට ජීවිතය දෙක කොටස සමගින්
     
    • Like
    Reactions: maxboysl

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නියමයි.. දිගටම ලියන්න සහෝ..:)
    අතර මග නවත්තල පාඨක අපිව අනාත කරන්න ඔට්ටු නෑ හොඳේ...:oo:
    (You must spread some Reputation around before giving it to chamal89 again.)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අප්ප එක කොටසකින් මම නවත්තපු කතාවක්, ඕ ගොල්ලො කැමතීනම් මම මේක ඉස්සරහට ගෙනියන්නම් කමෙන්ට් කරන්න
     
    • Like
    Reactions: RIDER89

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    නියමයි.. දිගටම ලියන්න සහෝ..
    අතර මග නවත්තල පාඨක අපිව අනාත කරන්න ඔට්ටු නෑ හොඳේ...