පාඨලි_අත්අඩංගුවට

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    පාඨලීගෙ නඩුවක් නෙමේ පාඨලී දාපු රියදුරාගෙ නඩුව නම් ඇහුව


    පාඨලී දාපු රියදුරාගෙ නඩුව අහලා තීන්දුවක් දුන්නද ???
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,646
    25,613
    113
    පාඨලී දාපු රියදුරාගෙ නඩුව අහලා තීන්දුවක් දුන්නද ???


    ඕකට උත්තර දුන්නට පස්සේ උඹ අහන ප්‍රශ්නෙටත් එක්කම මෙතන උත්තර තියෙනවා, ඒ නිසා අපේ කාලේ නාස්ති කරන්නේ නැතිව සේරම කියවපන්



    අත්අඩංගුවට ගත් පාඨලී රිමාන්ඩ් කළේ ඇයි?
    December 19, 2019 06:18 pm

    copyright: ADA DERANA

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් නම් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    අද ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේ මෙම සිද්ධියට අදාලව චම්පික රණවක මහතා විසින් අධිකරණය නොමග යවා ඇති බවයි.

    නොසැලකිළිමත්ව හා අපරික්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකිරීම, අනතුර සිදුකිරීමෙන් පසු එම ස්ථානයෙන් පලා යාම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේය.

    ඒ විමර්ශන වාර්තා අධ්‍යනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස්වලට අනුවයි.

    ඒ අනුව පාඨලී චම්පික මහතා බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම නිවසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක්ද පැමිණ සිටියේය.

    මන්ත්‍රීවරයා පොලිසිය විසින් රැගෙන යාමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එම ස්ථානයට පැමිණියේය.

    අනතුරුව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආ අතර එම ස්ථානයට පාක්ෂිකයින් රැසක්ද පැමිණ සිටියේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ සිටියේය.

    මන්ත්‍රීවරයාගෙන් ‍කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඊයේ රාත්‍රී 9.40ට පමණ ඔහුව කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

    එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ඔහුව අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

    ඒ අනුව පාඨලී චම්පික රණවක මහතාව අද පෙරවරු 9.15ට පමණ යළිත් කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

    ඔහු රුගෙන එන අවස්ථාවේ අධිකරණ සංකීර්ණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙන ආකාරයද දක්නට ලැබුණි.

    හිටපු අමාත්‍යවරයාව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුවූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය.

    ඔහු පැවසුවේ මෙම නඩු කෘත්‍ය ආරම්භ වන්නේ හුදෙක් රිය අනතුරක් මුල්කරගෙන නොව සමස්ථ අධිකරණ ක්‍රියාවලියම නොමඟ යැවූ ප්‍රබල අක්‍රමිකතාවලින් සපිරුණු අපරාධ විමර්ශනයක් සම්බන්ධයෙන් වන බවයි.

    2016 පෙබරවාරි 28 වනදා KT -7545 අංක හහඩුව සහිත විදුලිබල අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් යතුරු පැදියක් සමඟ ගැටී රාජගිරිය ප්‍රෙද්ශයේදී අනතුරක් සිදුව ඇති බවත් එහිදී යතුරු පැදියේ පසුපස ගමන්ගත් තරුණයා ජීප් රථයට ඉදිරියෙන් විසිවී ගොස් මාර්ගයේ වැටී තිබූ අතර යතුරු පැදිය පැදවූ සංදීප් ගුණවර්ධන නම් තරුණයා එම ස්ථානයේම ඇද වැටී තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පැවසුවේය.

    එහිදී රජයට අයත් ජීප් රථය පැදවූ රියදුරු සිය පැති වීදුරුව පහත් කොට ඇද වැටී සිටි තරුණයින් දෙස බලා ඒ මොහොතේම රථයෙන් පලා යාමට තැත් කොට ඇති අතර එය HIT AND RUN නොහොත් අනතුරක් සිදුකර පළායාමක් වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේය.

    නමුත් එම මොහොතේදී අනතුරට පත් යතුරු පැදිය සමඟම තවත් යතුරු පැදියක පැමිණි තරුණයින් දෙදෙනෙක් ජීප් රථය ලුහුබැඳ ඇති බවත් එම රථය වේගයෙන් රාජගිරිය සරණ පාර ඔස්සේ කොටා පාරට පිවිස රාජගිරිය ආයුර්වේද මංසන්ධිය දෙසට ධාවනය වෙමින් තිබියදී ජීප් රථය හරස් කොට නවත්වා ගැනීමට එම තරුණයින් දෙදෙනා සමත් වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , එහීදී එක් තරුණයෙක් ජීප් රථයේ ඉදිරිපස වම් දොර විවෘත කිරීමත් සමඟම , රාත්‍රී 9.30ත් පසුවී තිබූ මොහොතක අවු කණ්නාඩි පැලඳ සිටි රියදුරා “මම අමාත්‍ය පාඨලී චම්පික රණවක යනුවෙන්“ තමා හඳුන්වා දී ,අවශ්‍යනම් බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස තරුණයින්ට පවසා ඇති බවයි.

    එම අවස්ථාවේදී තරුණයින් දෙදෙනා මුහුණවරින් ඔහු හඳුනාගත්තද අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ රියදුරා වම්පස දොර විවෘතව තිබියදීම රථය යළිත් වේගයෙන් ඉදිරියට ධාවනය කරමින් පලාගොස් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

    මෙවැනි පසුබිමක “තුසිත කුමාර “ නැමැත්තෙක් සිද්ධියෙන් පැය කිහිපයකට පසු බොරැල්ල පොලිසීයට ඉදිරිපත් වී තිබූ බවත් බොරැල්ල පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

    නමුත් රිය අනතුර සිදුවූ ස්ථානය අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ වැලිකඩ පොලිස් ස්ථානය වන බැවින් තුසිත කුමාර නැමැත්තාව පසුව වැලිකඩ පොලීසියට ඉදිරිපත් කර තිබූ අතර වින්දිත තරුණයින්ට වඩා පොලිසිය වැඩි උනන්දුවකින් කටයුතු කර ඇත්තේ ඉදිරිපත්වූ රියදුරාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට බවටද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රථවාහන අධිකරණයේ විභාග වී අවසන් වූ නඩුවට වැලිකඩ පොලිසිය ඉදිරිපත් කළ ප්‍රකාශ වල සඳහන් වන්නේ වාහනය පැදවූයේ පාඨලී චම්පික රණවකගේ රියදුරා වන බවද දිලිප පිරීස් මහතා පෙන්වා දුන්නේය.

    නමුත් ඒ ප්‍රකාශ සටහන් කරගත් පොලිස් කොස්තාපල්වරයාගෙන් මෙම විමර්ශනයට අදාළව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තමාට ඉහළ නිලධාරියෙක් වන ලක්මාල් නැමැති නිලධාරියාගේ උපදෙස් මත පාඨලී චම්පික රණවක මහතාගේ නම ප්‍රකාශවල සටහන් නොකර සිටි බව ඔහු පිළිගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

    ලක්මාල් නැමැති නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැලිකඩ රථවාහන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි තමා එසේ කළ බව ඔහු පැවසූ බවත් , රථවාහන පොලිස් පරීක්ෂකවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කටයුතු කර ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානාධිපති “අස්මන්ත“ නැමැති නිලධාරියාගේ උපදෙස් පරිදි වන බවත් අනාවරණ වී ඇතැයි අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.

    එමෙන්ම රියදුරා බව පවසමින් ඉදිරිපත් වූ රියදුරාගේ දුරකථන සංඥා ඇතුළු පරිවේශනීය සාක්ෂි කිසිවක් සිදුවීම සමග නොගැළපෙන අතර සිදුවීමට ගැළපෙන්නේ පාඨලී චම්පික රණවකගේ දුරකථන සංඥා වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

    ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි යනුවෙන් පොලිස් ලාංඡනයේ ලියා ශරීරයේ පැළඳගෙන සිටි පමණින් ධර්මය සුරැකෙන්නේ නොමැති බව පොලිසිය අවබෝධ කරගතයුතු බවත් මෙම ක්‍රියාව දේශපාලන බලය සහ ධන බලය යොදාගෙන සිදුකරන ලද ඉතාම බරපතල ගණයේ ක්‍රියාවක් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පවසා සිටියේය.

    වැලිකඩ පොලිසිය සිද්ධිය ඇසින් දුටු අයගේ ප්‍රකාශ විකෘති කරමින් ලජ්ජාසහගත ක්‍රියාවක නිරත වී ඇති අතර එවකට කොළඹ දිසාව භාරව සිටියේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

    මෙම සිද්ධියට ඔහුගේ සම්බන්ධයද විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර ඔහුවත් ඉදිරියේදී මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන බවද පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේය.

    ඔහු වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ සිය දේශපාලන බලය භාවිත කරමින් නීතිය නැවීමට කටයුතු කිරීමට නොහැකි බව මෙවැනි තනතුරු දරන්නන්ට ප්‍රබල පණිවිඩයක් සමාජගත කිරීමට අවශ්‍ය බැවින් මූලික විමර්ශන සිදුවන මේ අවස්ථාව සැකකරුට ඇප ලබාදීමට කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නොවන බවයි.

    මෙම අයුතු අධම ක්‍රියාදාමය වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බවත් නිල ඇඳුමින් මෙම ක්‍රියාවට හවුල්වූවන්ටද දැඩි දඩුවම් ලබාදිය යුතු හෙයින් පොලිස් නිලධාරින් කිහිපදෙනෙක්ද ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවේය.

    කෙසේවෙතත් අත්අඩංගුවට පත් පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට පැවසුවේ තම සේවාදායකයාට එරෙහිව ඇති චෝදනා කිසිවක් ඇප පනත අනුව ඇප ලබාදීමට නොහැකි චෝදනා නොවන බවයි.

    ඇප පනතේ 14 වන වගන්තිය යටතේ ඇප ලබාදීමට නොහැකි චෝදනා තම සේවාදායකයාට එරෙහිව ඇත්නම් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමාද විරුද්ධ නොවන බවද ජනාධිපති නීතීඥවරයා පැවසුවේය.

    එවැනි චෝදනා කිසිවක් ඔහුට නොමැති බැවින් ඔහුට ඇප නියම කරන ලෙස ජනාධිපති නීතීඥවරයා ඉල්ලා සිටි අතර ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැවසුවේ දෙපාර්ශ්වයෙන්ම නීතී කරුණු රැසක් ඉදිරිපත් වූ බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදුකිරීමට අධිකරණයට සිදුවන බවයි.

    ඒ අනුව විමර්ශන මුල් අවස්ථාවේ පැවතීම හේතුවෙන් සැකකරු මේ මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය මීලඟ නඩු දිනයේදී ප්‍රකාශ කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාව යළි බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ එය වාර්තා කිරිමට අධිකරණය ඉදිරිපිටට පැමිණ සිටි මාධ්‍යෙව්දියෙකුට එක්සත් ජාතික පක්ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා විසින් පහරදීමක් සිදු කර ඇත.

    මංජුල පෙරේරා මීට පෙර ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධ සිද්ධියේදිද ඇයගේ නියෝජිතයෙකු ලෙස පෙනි සිටියේය.

    පසුව පහරකෑමට ලක්වු මාධ්‍යෙව්දියා විසින් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අනුව පහර දුන් මංජුල පෙරේරා අත්අඩංගුවට ගැනුණි.

    අත්අඩංගුවට ගැනුණු මංජුල පෙරේරා අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි ඔහු රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    රෝසි ආච්චි;25024855 said:
    ඕකට උත්තර දුන්නට පස්සේ උඹ අහන ප්‍රශ්නෙටත් එක්කම මෙතන උත්තර තියෙනවා, ඒ නිසා අපේ කාලේ නාස්ති කරන්නේ නැතිව සේරම කියවපන්


    මචන් එකේ නෑ නේ, මට දැනගන්න ඕනේ 2016 තීන්දුව මොකද්ද කියන එකයි ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    79890534_3060512167507115_620198414323286016_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මචන් එකේ නෑ නේ, මට දැනගන්න ඕනේ 2016 තීන්දුව මොකද්ද කියන එකයි ..

    රියපැවුවා කියපු රියදුරුට 3500 දඩයක් ගහල තිබ්බ කියල පාඨලී මාධය හමුවෙදි කියිව..එතනින් එහාට නම් දන්නෙ නැ නඩුව ගැන..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;25025232 said:
    රාජිතගෙ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා :(

    :shocked::shocked: අනේ දෙයියනේ ගූ ඇන් පි කාරයො කොහොම ඉවසයිද මන්ද..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෘශන කෝශ තියාගන්න මෙට්ටයක් ඕනෙවෙයිද?

    Untitled-1.jpg


    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/12/champika-ranawaka-prison-life.html
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,646
    25,613
    113
    UNP MP Rajitha Senaratne has filed an amended anticipatory bail application seeking to prevent his arrest. Earlier today court rejected the anticipatory bail application filed by him on the basis that it could not be granted in relation to uncertain charges.


    අයියෝ රාජිත :lol: