පාඨලීගෙන් බයි මඩ වලට උත්තර..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1606801500914.jpg


    මහර බන්ධනාගාරයේ සිදුවූ වෙඩිතැබීම ඇතුලු ආණ්ඩුවේ අසාර්ථක පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින සමාජ විරෝධය මා සහ මගේ අනුදැනුම යටතේ පවත්වාගෙන යන යම් කණ්ඩායමක් විසින් කෘත්‍රීමව නිර්මාණය කරනු ලබන්නක් බව ආණ්ඩුවට හිතවාදී මඩ ප්‍රචාරකයින් විසින් තුට්ටු දෙකේ ගොසිප් වෙබ් අඩවි හරහා සමාජගත කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම නුසුදුසු බැවින් යම් පැහැදිලි කිරීමක් සිදුකල යුතුව තිබේ.

    2015 ට පෙර පැවති රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම මෙරට ජනතාවට අමතක නැත. ඉහළින් ලද ලයිස්තුවකට අනුව තෝරාගත් පිරිසක් වෙඩි තබා ඝාතනය කල බවට ඒ සම්බන්ධයෙන් වූ විමර්ශණ වලදී හෙළිවූ බව වාර්තා වූ අතර සිර ගෙදරක ගැටුමක් යැයි කියූ පමණනින් ජනතාවට මතකයට එනුයේ වැලිකඩ ඝාතන නාටකයේ පිටපතම නැවත යලි රූගත කෙරෙන ආකාරයයි. වෙනස තැන හා දිනය පමණක් ය යන්න මෙරට ජනතාවගේ මතයයි.

    දිවයිනේ බන්ධනාගාර තුල කොවිඩ් වසංගතය සීග්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. බන්ධනාගාර වල දැරිය හැකි සීමාව ඉක්මවා රැදවියන් සිටින බැවින් මෙවැනි වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරීයාමට විශාල ඉඩක් ඇත. එවන් තත්වයක් යටතේ කඩිනමින් ඊට අදාළ ප්‍රතිකර්ම නොගතහොත් රැදවියන් අතර නොසන්සුන්තාවයක් ඇතිවීම පුදුමයකට කරුණක් නොවේ. එය දේශපාලන කුමන්ත්‍රණයක් නොව සාමාන්‍ය මානව චර්යාවකි. බන්ධනාගාර රැදවියන් අතර සිටින සටකපට කණ්ඩායම් මෙවැනි නොසන්සුන්තාවයන්හිදී සිරගෙයින් පළායාමේ අදහසින් ක්‍රියාකරන අතර එවන් තත්වයන් ඇතිවිය හැකියැයි සළකා ක්‍රියාකිරීමට ආන්ඩුවකට බුද්ධිය සහ හැකියාව තිබිය යුතුය. එසේ නොවී යම් ගැටුමක් සිදුවීමට ඉඩදී රැදවියන් වෙඩිතබා ඝාතනය කර තත්වය පාලනය කිරීමට ආන්ඩුවක් අවශ්‍ය නොවේ. 2015 සිට 2019 වසර දක්වා සිරකරුවන්ගේ කැරළි සිදු නොවන ආකාරයෙන් එම තත්වයන් කළමනාකරණය කිරීමේ හැකියාවක් අප සතුව පැවතිණි.

    බන්ධනාගාර රැදවියන් අපරාධකරුවන් වන බැවින් ඔවුන් ඝාතනය වීම රටට යහපත් යැයි හැඟියන ආකාරයේ මාධ්‍ය සංදර්ශණ සිදුකෙරෙමින් තිබේ. යමෙකුගේ වරදකට අදාළ නීත්‍යානුකූල දඩුවමක් ඇත. ඒ දඩුවම ඉක්මවා වෙඩි තබා ඝාතනය කිරීම කිසිසේත්ම ශිෂ්ඨ සමාජයක ලක්ෂණයක් නොවේ. ආණ්ඩුව විසින් කොවිඩ් රැල්ල සිය ගජමිතුරන්ගේ ව්‍යාපාර සංවර්ධනය සදහා වන ඉල්ලමක් බවට පත් කරනවා විනා එය මර්ධනය කිරීම සදහා වන අවංක උපායමාර්ග භාවිතාකරනු අපට දක්නට නොහැක. සාමාන්‍ය සමාජය ගැන සංවේදීතාවයක් නොමැති ආණ්ඩුවක්, බන්ධනාගාර රැඳවියන් පිළිබඳව අවධානයෙන් ක්‍රියා කරනු ඇතැයි සැළකිය නොහැක.

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ යන පුද්ගල චරිතය සහ වියත්මඟ, එළිය වැනි වෘත්තීය සංවිධාන සම්බන්ධයෙන් මෙරට පොදු මහජනතාව තුල නිර්මාණය කරන ලද සුචරිතවාදී, ජනකාන්ත ප්‍රතිරූපය දිනෙන් දින දරුණු කඩා වැටීමකට ලක්ව තිබේ. කාර්යක්ෂමතාවය වෙනුවට අකාර්‍යක්ෂමතාවයත්, වෘත්තීමයභාවය වෙනුවට ගජමිතුරුවාදයත්, සැමට එක් නීතියක් වෙනුවට අශිලාචාර පාලනයකුත් බිහිවෙමින් ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී රැවටීමට ලක්වී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජන්දය භාවිතා කල මෙරට මැදිහත් ජන්දදායකයින් දැන් ක්‍රමිකව සිය තීරණය ගැන කම්පාවට පත්වෙමින් ඇති අතර ඔවුන් ආණ්ඩුවේ මුග්ධ තීන්දු විවේචනය කරන තැනට පත්ව තිබේ.

    අතීතයේදී ආණ්ඩුවල වැරදි, අඩුපාඩු සහ පීඩාකාරී නීති පිළිබඳව සංවාදයට ලක්වූයේ ගමේ කඩපිළේ, අවමංගල්‍යයේ, දානයේ හෝ නාන තොටුපළේය. නමුත් අද අප ජීවත් වනුයේ 21 වන ශතවර්ශයේය. පසුගිය දශකයෙන් ආරම්භ වී වර්තමානය වන විට ජනතාවගේ පුද්ගලික සහ සමාජීය චර්යාවන්ට සෘජු බලපෑමක් එල්ල කරන සමාජජාල මාධ්‍ය විසින් ආණ්ඩුකරණය කෙරෙහි එල්ල කර ඇති බලපෑම ඉතා ප්‍රභලය. රූපවාහිනිය,ගුවන්විදුලිය සහ පුවත්පත් වැනි මාධ්‍ය ආණ්ඩුවේ පාලනයට යටත් කරගත හැකි අතර එක් සැලසුමකට අනුව පෙර පිළියම් කල පුවත් පමණක් සමාජයට මුදාහැරීමටත්, එසේ නොකරන මාධ්‍ය විවිධ වාරණ ක්‍රමෝපාය හරහා සිය ග්‍රහණයට ගැනීමටත් ආණ්ඩුවට හැකියාව ඇත. නමුත් සමාජජාල මාධ්‍ය තුල ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇති සෑම දෙනෙක්ම මාධ්‍යවේදියෙක්, සමාජ විශ්ලේෂකයෙක් වනවා පමණක් නොව දේශපාලන විචාරකයෙක් බවටද පත්වේ. අන් මාධ්‍ය මෙන් නොව සමාජජාල මාධ්‍ය තුල යම් පුද්ගලයෙකු විසින් පළකරනු ලබන කරුණක් ඔහු හා සම්බන්ධව සිටින විශාල පිරිසකගේ අදහස් සහ මතවාද ගොන්නක සංවාදයක් බවට පත්වේ. එය පාලනය කිරීමට යාම වර්තමාන ලෝකයේ වෙනස්වීම් පිළිබඳව අවබෝධයක් නැති නූගතුන් විසින් සිදුකිරීමට උත්සාහ කරන මෝඩ ක්‍රියාවකි. මිනිසුන්ගේ සංවාද අවකාශයන්, එහි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමෙන්, ඔවුන්ගේ චරිත ඉලක්ක කර මඩ ගැසීමෙන් අඩපණ කල නොහැකි බව මානව ඉතිහාසය විසින් සාක්ෂි දරනු ඇත.

    නමුත් එවැනි සමාජ අවබෝධයක් නැති අශිලාචාර මෝඩයින් පිරිසක් විශාල මුදලක් වියදම් කරමින් නඩත්තු කරමින් ඔවුන් හරහා මා සහ මේ අදක්ෂ පාලක පිරිස විවේචනය කරන සාමාන්‍ය තරුණ තරුණියන් දහස් ගණනක් ඉලක්ක කරමින් සිදුකරන මඩගැසීමේ මෙහෙයුම අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

    පසුගිය ජනාධිපතිවරණයට වසර කිහිපයකට පෙර සිටම එවකට පැවති පාලනයට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකොට, හිස් මිනිසෙක් මහා යුගපුරුශයෙක් ලෙස පුම්බා පෙන්වමින් සිදුකල මාධ්‍ය මෙහෙයුම ගැන සිතමින්, අපද ඒ මග යමින් කෘත්‍රීම ආණ්ඩු විරෝධයක් නිර්මාණය කරනු ඇතැයි බියෙන් පසුවන පාලකයින්ගෙන් මා එක් ඉල්ලීමක් කරමි. සමාජජාල වල වර්තමාන ආන්ඩුව කෙරෙහි එල්ල වන විවේචන මුදල් ගෙවා කෘත්‍රීමව නිර්මාණය කෙරෙන්නක් යැයි ඔබ සිතනවානම්, රටේ තරුණ ප්‍රජාව එක්වන වෙනත් තැන් වල නිර්මාණය වෙමින් පවතින ආණ්ඩු විරෝධයේ පියා කවුරුන් වේද යන්න ආණ්ඩුව සොයාබැලිය යුතුමය.

    මෙරට දක්ෂ කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතය ඉලක්ක කරමින් බාල වර්ගයේ මඩ සිංදු සැකසු, මෙරට සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවට අපහාස වන අන්දමින් මඩ වීඩියෝ සැකසු, මෙරට සංස්කෘතියට අපහාස වන අන්දමින් නිරුවත් රංගන සමාජගත කල පුද්ගලයෙකු වියත් මඟ සංවිධානයේ ප්‍රධාන ප්‍රචාරණ සැලසුම්කරු බවට පත්වීම කෙතරම් ජුගුප්සාජනකද යන්න මෙරට පොදු මහජනතාව තීරණය කල යුතුය. ආරම්භයේදී අපද කලක් ඉතා හොදින් ඇසුරු කල වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ලේඛකයින්, දාර්ශණිකයින්ගෙන් සමන්විත වූ සංවිධානයක්, රාජ්‍ය බලය ලබාගත් පසු මඩ ෆැක්ටරියක් බවට පත්ව තිබීම පිළිබඳව ඉංජිනේරු උපාධිධාරියෙක් වශයෙන් මා දැඩි කණගාටුවට පත්වෙමි.

    සිය ව්‍යාජ ලෙස පුම්බන ලද ප්‍රතිරූපය මහපොළොවේ යථාර්තයන් හමුවේ කඩා වැටීම මගේ කුමන්ත්‍රණයක් නොව නුඹලාගේ අසාර්ථකභාවයයි. ඉන් පීඩාවට පත්වන මෙරට තරුණ ප්‍රජාව තුලින් එල්ල වන විවේචනය මගේ කුමන්ත්‍රණයක් නොව නුඹලාගේ නොහැකියාවයි. මා අවසාන වශයෙන් ආණ්ඩුවට ලබාදෙන උපදෙස වනුයේ, සිය නොහැකියාවට පිළියම් සොයනු වෙනුවට කූඨ ව්‍යාපාරයන් හරහා ගජමිතුරන් විසින් ඉපයූ කෝටි ප්‍රකෝටි ගණන් වූ ධනය, මානසික රෝහල්වල ප්‍රතිකාර ලැබිය යුතු අය මත වියදම් කොට, ඔවුන් ලවා අපට මඩ ගැසීමෙන් පලක් නොවන බව මතක තබා ගන්න.!

    පාඨලී චම්පික රණවක
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගල් අඟුරු හොරා .... අර කුනුකන්ද කඩන් වැටිල මිනිස්සු නැති උන එකට වගකියන්න ඕනේ මූ නේද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇත්තට මේ මැරිච්ච මිනිස්සු වෙනුවෙන් කරන්න දෙයක් නැද්ද. වෙඩිතිබ්බ එවුන් ගෙන්නලා පරික්ෂණයක් කරන්න ඕනෙ නේද? නිකරුනේ මිනිස්සු මරන්න දෙන්න බෑනෙ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත්තට මේ මැරිච්ච මිනිස්සු වෙනුවෙන් කරන්න දෙයක් නැද්ද. වෙඩිතිබ්බ එවුන් ගෙන්නලා පරික්ෂණයක් කරන්න ඕනෙ නේද? නිකරුනේ මිනිස්සු මරන්න දෙන්න බෑනෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගල් අඟුරු හොරා .... අර කුනුකන්ද කඩන් වැටිල මිනිස්සු නැති උන එකට වගකියන්න ඕනේ මූ නේද ?
    මාර දාර්ශනික පොර ටෝක් ........ චම්පිකයා ඉතින් කොහොමත් පොර ටෝක් දෙන්න දෙයියනේ..... හැබැයි කුණු ටික ඇදගන්න බැරිව අසරණ උණ හැටි අපි දැක්කනේ.......
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්තට මේ මැරිච්ච මිනිස්සු වෙනුවෙන් කරන්න දෙයක් නැද්ද. වෙඩිතිබ්බ එවුන් ගෙන්නලා පරික්ෂණයක් කරන්න ඕනෙ නේද? නිකරුනේ මිනිස්සු මරන්න දෙන්න බෑනෙ

    දැන් ඔය වෙඩි තියන්න හේතුව මොකක්ද බන්?
    මාර දාර්ශනික පොර ටෝක් ........ චම්පිකයා ඉතින් කොහොමත් පොර ටෝක් දෙන්න දෙයියනේ..... හැබැයි කුණු ටික ඇදගන්න බැරිව අසරණ උණ හැටි අපි දැක්කනේ.......

    රණවිරුවන්ව පෝරකේට දක්කද්දී කිව්වේ මොනාද ? වරදක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නෑ ....
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගල් අඟුරු හොරා .... අර කුනුකන්ද කඩන් වැටිල මිනිස්සු නැති උන එකට වගකියන්න ඕනේ මූ නේද ?

    ලොල් කුණු කන්ද පාඨලීද පෙරලුවේ?ගල් අඟුරු හොරෙක් නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියපන් දැන් උඹලගෙ අාණ්ඩුවනේ තියෙන්නෙ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොල් කුණු කන්ද පාඨලීද පෙරලුවේ?ගල් අඟුරු හොරෙක් නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියපන් දැන් උඹලගෙ අාණ්ඩුවනේ තියෙන්නෙ..


    ඔව් පාටලී තමයි පෙරලුවේ....ගල් අඟුරු හොරා ට කියපන් වරදක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නෑ කියල ....
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් පාටලී තමයි පෙරලුවේ....ගල් අඟුරු හොරා ට කියපන් වරදක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නෑ කියල ....

    බය වෙලා නෑ උඹල වගේ දාර බයි වහල්ලුන්ට උත්තර දීල තියෙන්නෙ..😆😆
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා හරි හරි පාඨලි, උස්සන් වරෙල්ලකො 2025ට පුලුවන් නම් ,අපි එදාට බලා ගන්නම් දැම්ම තියා මොකට දගලනවද..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බය වෙලා නෑ උඹල වගේ දාර බයි වහල්ලුන්ට උත්තර දීල තියෙන්නෙ..😆😆


    සිවුර අස්සේ හැංගිලා පාර්ලිමේන්තු ඇවිල්ල සිවුරටම කෙලෙව්ව කාලකන්නියෙක්ට කඩේ යන්නේ ඇයි බන්...ලජ්ජා නැද්ද......


    106104791_2689128431343355_4660817780016944308_o.png
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිවුර අස්සේ හැංගිලා පාර්ලිමේන්තු ඇවිල්ල සිවුරටම කෙලෙව්ව කාලකන්නියෙක්ට කඩේ යන්නේ ඇයි බන්...ලජ්ජා නැද්ද......


    106104791_2689128431343355_4660817780016944308_o.png

    රාජපක්‍ෂ වගේ හොරකම් කරන මිනීමරන උන්ට කඩේ යන්නද කියන්නෙ?
     
    • Like
    Reactions: Lankaputhra16

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජපක්‍ෂ වගේ හොරකම් කරන මිනීමරන උන්ට කඩේ යන්නද කියන්නෙ?


    ගුබ්බෑයම් අස්සේ රිංගල....අහිංසක මිනිස්සු හප්පලා පැනල ගිය මිනීමරුවා කව්ද ? ගල් අඟුරු හොරා නෙමෙයිද ?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගුබ්බෑයම් අස්සේ රිංගල....අහිංසක මිනිස්සු හප්පලා පැනල ගිය මිනීමරුවා කව්ද ? ගල් අඟුරු හොරා නෙමෙයිද ?

    රාජපක්ෂල ඔයිට වඩා වැරදි කරේ තාමත් කරන්නෙ..ඵතකොට ඒවා හොඳද?