පාඩමක්ඉගෙනගන්න
අදහස් හා යොජනා වලට විවෘතයි
මිනිසෙක්ව පසු කරමින් හීලෑ අලි රැළක් පාරේ ගමන් කරයි. එම මිනිසා මදක් නැවතී ඒ දෙස බ...ලා සිටී. ඉතා විශාල ශරීර හිමි අලින්ගෙ ඉදිරි පාද පමණක් කුඩා ලණු කැබලි වලින් බැඳ තිබෙනු දැක ඔහු විශ්මයට පත්විය. අලින්ට ඕනෑම අවස්ථාවක අවශ්ය නම් එම ලණු කඩාගෙන යාමට ඉඩ තිබුණි. නමුත් උන් ඒ සඳා උත්සාහයක්වත් ගත්තේ නැත.
විශ්මයට පත් මිනිසා අලි රංචුව සමග ගමන් කරමින් සිටි ඇත්ගොව්වා වෙතට සමීප වී තම සිතෙහි පැන නැගුණු කාරනය ඔහුට පවසා එයට හේතු විමසීය.
ඇත්ගොව්වා:-"උන් ගොඩක් පුංචි කාලෙදිත් අපි උන්ව බැඳල තිබුණේ ඔය ප්‍රමාණයේම ලණු වලින්. ඒ වයසෙදි උන්ව පාලනය කරන්න ඒවා හොඳටම ප්‍රමානවත් වුණා. උන් වයසින් වර්ධනය වුණාට පස්සෙත් හිතන්න පටන් ගන්නවා උන්ට තාමත් ඒ ලණුව කඩාගෙන යන්න බෑ කියලා.ඒ නිසා උන් එය කඩාගෙන යන්න උත්සාහ කරන්නෙවත් නෑ"
ඇත්ගොව්වා දුන් පිළිතුරෙන් මිනිසා තවත් පුදුමයට පත්විය.
එම අලියන් වගේම, අප අතරිනුත් කී දෙනෙක් නම් තමන්ට කළ නොහැකියයි සිතා ගෙන කොතරම් නම් දේවල් අතහැර දමනවාද..??? වරක් අසමත් වුවහොත් සියල්ලම අතහැර දමන අය අප අතර කොතරම සිටිනවාද..???
අසමත් වීම යනු පාඩම් ඉගෙන ගැනීමේ කොටසකි. කෙතරම් බාධක කම්කටොලු පැමිණියත් සියලුම දේ ඉවරයියයි සිතා ජීවිතය අත් නොහරින්න. ඒවාට විසඳුම් සොයමින් ජීවිතය ජයගන්න උත්සාහ කරන්න.