ඉතාම නීති ගරුක නිලධාරීන් දෙදෙනකු වූ මොවුන් නිසා අමීන්ට සිය ජාවාරම් කරගෙන යැමට නොහැකි තත්ත්වයක් උදාවිය.
අන්තිමේදී අමීන් සිය මිතුරා වූ ෆාජිගේ සහාය ලබාගත්තේය. තම ව්‍යාපාරවලට එරෙහිව සිටි නීතිගරුක නිලධාරීන් දෙදෙනා පරලොව යෑවීමේ කාර්යය ෆාජි වෙත භාරදීමට අමීන් කටයුතු කළේය.
ෆාජි සිය ගෝලබාලයන් යොදවා බෝධිදාස මහතා නාවලදී මරාදැමූ අතර මරදාන එල්ෆින්ස්‌ටන් රඟහල ඉදිරිපිටදී කරුණාරත්න මහතාටද වෙඩි තැබුවේය.
එහෙත් ඒ වෙඩි ප්‍රහාරවලින් කරුණාරත්න මහතා මරාදැමීමට නොහැකි වුවද ඔහු සදාකාලික අබ්බගාතයකු විය. සිය ඉල්ලීම නොපිරිහෙලා ඉටුකිරීම නිසා උද්දාමයට පත්වූ අමීන් ෆාජිට නවීනපන්නයේ පැජරෝ ජීප් රථයක් තෑගි කළේය.
පසුකලකදී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක් අමීන් ඇතුළු තිදෙනෙකු පැහැරගෙන ගොස් කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර තිබිණි.
ෆාජිගේ කසාද බිරිඳ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හොර රහසේම පවත්වාගෙන ගියාය. ඒ වෙන කවරයකු සමඟ නොව ෆාජිගේ කල්ලියේම සිටි අච්චා නමැත්තා සමඟය. ෆාජිගෙන් කිසිම දිනක සමාවක් නොලැබෙන බව දැන සිටි අච්චා සිය අනියම් බිරියද සමඟ නුවරඑළියට පලා ගියේය.
මේ සිද්ධියෙන් ෆාජි දැඩිලෙස කෝපයට පත් වූයේය. සිය සගයන් ගෙන්වා වහාම අච්චා සොයාගෙන එන ලෙස ඔවුන්ට නියෝග කළේය.
මම ඕකුන් දෙන්නව ඉතුරු කරන්නේ නැහැ. ෆාජිගෙ හැටි උන් දන්නේ නැහැ"
එවකට ෆාජි සමඟ එකට සිටි ආනමාලු ඉමිටියාස්, මාස්‌ටර් ඉමිටියාස් ඇතුළු පිරිස නුවරඑළියට ගොස් අච්චා සහ ෆාජිගේ බිරිඳ රැගෙන ආහ.
අච්චාටත් සිය බිරිඳටත් දසවදදී මරාදැමීමට ෆාජි මුලින් සිතා සිටියද පසුව ඒ තීරණය වෙනස් කළේය. සිය බිරිඳ කෙරෙහි අනුකම්පාවෙන් සිටි ෆාජි ඇයට අභය දානය දුන්නේය. එහෙත් අච්චාට කිසිදු සමාවක් ලැබුනේ නැත. අච්චා වෙඩි තබා ඝාතනය කිරීමට ෆාජි වගබලාගත්තේය.