Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියාගේ සහ ඔහුගේ සගයකු වන ෆාජිගේ පාතාල සතුරා වූයේ මොහොමඩ් හනීෆා මොහොමඞ් ඉමිටියාස් හෙවත් ආනමාළු ඉමිටියාස් ය. එම සතුරුකම නිසා ම ආනමාළු ඉමිටියාස්ට සහ ඔහුගේ සගයන් වන සමන් කාකාට සහ චප්පාට මැරුම්කන්නට සිදු විය. මෙම මුස්ලිම් ඇමැතිවරයා තමන් සමග සමීපව කටයුතු කරන පාතාලයන් කණ්ඩායමට (මුස්ලිම් ටීම් එක) මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක ජිහාඩ් සංවිධානයේ පුහුණුව ලබා දී ඇති බවද අනාවරණය කරගැනීමට බුද්ධි අංශ සමත් වී තිබේ. මුතූර්හි දී අත්අඩංගුවට ගැනුණු මාළිගාවත්ත ලී මෝලවත්තේ අක්මාල් ද මෙම මුස්ලිම් ටීම් එකේ අයෙකි. මේ වන තෙක් ඔහු සැඟවූ ආයුධ පෙන්වන්නට පොලීසිය සමග නොගිය නිසා තවමත් ජීවත් වීමට වාසනාව ලබා සිටී.

මෙලෙස ආණ්ඩුවේ පාතාලය රකිමින් විපක්ෂයේ පාතාලය මර්දනය කරන මෙහෙයුම් මඟින් පසුගිය මාස තුනක කාලය තුළ පමණක් පාතාල නායකයන් විස්සකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන එයින් අඩකටත් වැඩි පිරිසක් මරා දමා තිබේ. ඒ සැඟ වූ ආයුධ පෙන්වීමට ගොස් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ දැරීමේ වරදට ය.

ශී‍්‍ර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් ආකාරයට ආත්මාරක්ෂාව සහ අවම බලය යෙදවීමට සාමාන්‍ය පුද්ගලයකුට ඇති අයිතිය පොලිස් නිලධාරීන්ට ද හිමි විය යුතු ම ය. එහෙත් අවම බලය යනු ඝාතනය නම් එය අවම බලයේ සීමාව පිළිබඳ ගැටලූවකි. සෑම පුරවැසියකුට ම සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සාධාරණ ඉඩක් තිබිය යුතු ය. පසුගිය කාලයේ දී ආයුධ පෙන්වීමට ගොස් ඝාතනයට ලක් වුණු සැකකරුවන්ගෙන් බහුතරයක් එකදු අවස්ථාවක හෝ අධිකරණයට ඉදිරිපත් කර නැත. තමන්ගේ නිර්දෝෂීභාවය හෝ අපරාධය කිරීමට හේතුව හෝ ඔප්පු කිරීමට ඔවුන්ට එක් අවස්ථාවක් හෝ ලබා නොදීම නීතියට පටහැනි ය.

මේ පිළිබඳව හදිසියේ අවදි වූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පසුගිය දිනෙක වෙබ් අඩවියකට පවසා තිබුණේ සිරභාරයට ගත් පුද්ගලයන් ආරක්ෂා සහිතව රැඳවීම පොලීසියේ වගකීමක් බවයි. එසේ ම මෙලෙස යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ලිඛිත වරෙන්තුවක් අවශ්‍ය බව ද එසේ නොවුණ හොත් එය මානව හිමිකම් කඩකිරීමක් බව ද ඇමැතිවරයා පවසා තිබිණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර සම්බන්ධීකරණ නිලධාරියකු පාතාල නායකයකු වූ ආමි රොෂාන් සමග අත්අඩංගුවට ගැනීමත් සමග ඇමැතිවරයාගේ අවදි වීම ගැන ද විමසිය යුතුව තිබේ.

කෝට්ටේ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු සමග සම්බන්ධතා පැවැත්වීමේ වරදට ආමි රොෂාන් ට මැරුම් කන්නට සිදු විය. මහින්ද සමරසිංහ ඇමැතිවරයාගේ අමාත්‍යංශයට අයත් ආයතනයක ලේකම්වරයකු වූ පිනට, ශාන් ජයසිංහ තාමත් ජීවත්වන්නට වරම් ලබා තිබේ. ආමි චප්පා හෙවත් මොහොමඞ් රෂාෆ් නියාස්, ඇට ඉන්දිකගේ ගෝලයකු වූ සුරංග, රත්මලානේ ජයසුමනාරාම පාරේ පදිංචිව සිටි ලසන්ත පුෂ්පකුමාර හෙවත් උස කුමාර, ආමි රොෂාන්, වැල්ලම්පිටිය ඔරුගොඩවත්තේ මොහොමඩ් ආබ්දීන් හෙවත් පප්පා පසුගිය මාස තුන තුළ මෙලෙස පොලීසියට ආයුධ පෙන්වීමට ගොස් පොලීසියෙන් මැරුම් කෑ පාතාල නායකයන් අතර වෙති. ඔවුන් අදාළ ආයුධවලින් තමන්ට පහර දීමට උත්සාහ කළ බවත් එහි දී ආත්මාරක්ෂාවට තමන් වෙඩි තැබූ බවත් පොලීසිය මේ හැම තැනක දී ම පැවැසී ය. එහෙත් අත්අඩංගුවට ගත් අයකු මාංචු සහිතව (විලංගු ලා සිටිය දී) එසේ පොලීසිය මරණීය තුවාල සිදු කිරීමට උත්සාහ කිරීම කලාතුරකින් සිදු විය හැකි දෙයකි. පොලිස් රෙගුලාසිවලට අනුව විත්තිකරුවන් සිර මැදිරියෙන් පිටට ගෙන යා යුත්තේ විලංගුලා ය. (මාංචු යොදා ය) මේ පිළිබඳ ජාතික පොලිස් කොමිසමේ අතිරේක ලේකම්, කේ.සී. ලෝගේෂ්වරන් මහතා "සමබිම"වෙබ් අඩවියට දැක්වූ අදහස ද වැදගත් ය. "දැන් කොමිෂන් සභා සියල්ල අක්රියවෙලා තියෙන්නෙ. සියල්ල ක්‍රියාත්මක වෙන්නෙ කැබිනට් මණ්ඩලය යටතේ. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ඝාතනය වීම ගැන පොලිස් කොමිසමට වඩා වගකිව යුත්තේ මහේස්ත්‍රාත් උසාවියයි. මහේස්ත්‍රාත්වරයා කිව්වොත් මේ ඝාතන සිදු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ කරන්න කියලා, එවිට අපිට පුළුවන් ඒ නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්න. නමුත් අද වෙනකම් අපිට එවැනි නියෝග යක් ලැබිලා නැහැ."

එසේ ම විවිධ අපරාධයන්ට සම්බන්ධ පාතාලයේ නොවන සැකකරුවන් ද මෙලෙස ආයුධ පෙන්වීමට ගොස් මැරුම් කා තිබේ. මිහින්තලේ, කසමඩුව ප්‍රදේශයේ දර්ශනිකා ලක්ෂාණි දැරිය ඝාතනයේ සැකකරු ඝාතනය, ගාල්ල මාපලගම ප්‍රදේශයේ ළමයින් දෙදෙනකු ඝාතනයේ විත්තිකරුවන් ඝාතනය, ත්‍රිකුණාමලයේ වර්ෂා දැරිය ඝාතනයේ සහ මඩකළපුවේ විදූෂා ඝාතනයේ විත්තිකරුවෝ මෙලෙස පොලිස් නිලධාරීන් ආත්මාරක්ෂාව රැකීමට ගොස් මැරුම් කෑහ. නීතීඥවරුන් පවසන ආකාරයට අධිකරණ තීන්දුවකින් තොරව සැකකරුවන් මරණයට පත් කිරීමට කිසිවකුට හෝ අයිතියක් නැත.

ආණ්ඩුවේ වුවමනාව මත පොලීසිය මේ සිදු කරමින් සිටින්නේ තම කැලෑ උසාවියේ නඩු අසා තමන්ම තීන්දු දීමයි. මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක නොවන තත්වයක් තුළ වධකයාගේ කාර්යභාරය ද පොලීසිය පවරාගෙන තිබේ. මේ සැකකරුවන් මියයන්නේ තමන් කළ සියලූ අපරාධවල සාක්ෂි ද වළ දමමිනි. විපක්ෂයේ පාතාල කණ්ඩායමේ මර්දනය කරන අතරම ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ කෙරුවාව දන්නා නොහික්මුණු පාතාලයෝ ද මේ දිනවල මරණ සහතික අතේ තබාගෙන සිටිති. ජීවත්වීමේ වාසනාව ඇත්තේ එහෙයියන්ට පමණි.

බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂයෙන් තරග කර විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් දූෂණ වංචාවලට නම් දැරූ දේශපාලනඥයකු මේ දිනවල කරාටේ ධම්මිකට සෙවණ දෙන බව දැනගන්නට ඇත. කරාටේ ධම්මිකගේ සගයකු වන ඝාතන නවයකට පමණ වගකිව යුතු බවට පොලීසිය සැකකරන "මෝතා"නමැත්තා මේ වන විට අදාළ දේශපාලනඥයාගේ පෞද්ගලික ආරක්ෂකයෙකි. කලක් එම දේශපාලනඥයාට සහාය දැක්වූ, පසුව නාහෙට නාහන්නකු බවට පත් වූ "නේවි බාබා"නමැත්තා ඝාතනය කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය. ඔහු මේ වන විට විදෙස් ගතවී සිටියි.

[QUOTE="AnurangaSS, post: 9282626, member: 92055"] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/stories/remote/http--lankatruth.com-sin-images-photos-Special_Letter-lanka.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]බයියාගේ සහ ඔහුගේ සගයකු වන ෆාජිගේ පාතාල සතුරා වූයේ මොහොමඩ් හනීෆා මොහොමඞ් ඉමිටියාස් හෙවත් ආනමාළු ඉමිටියාස් ය. එම සතුරුකම නිසා ම ආනමාළු ඉමිටියාස්ට සහ ඔහුගේ සගයන් වන සමන් කාකාට සහ චප්පාට මැරුම්කන්නට සිදු විය. මෙම මුස්ලිම් ඇමැතිවරයා තමන් සමග සමීපව කටයුතු කරන පාතාලයන් කණ්ඩායමට (මුස්ලිම් ටීම් එක) මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක ජිහාඩ් සංවිධානයේ පුහුණුව ලබා දී ඇති බවද අනාවරණය කරගැනීමට බුද්ධි අංශ සමත් වී තිබේ. මුතූර්හි දී අත්අඩංගුවට ගැනුණු මාළිගාවත්ත ලී මෝලවත්තේ අක්මාල් ද මෙම මුස්ලිම් ටීම් එකේ අයෙකි. මේ වන තෙක් ඔහු සැඟවූ ආයුධ පෙන්වන්නට පොලීසිය සමග නොගිය නිසා තවමත් ජීවත් වීමට වාසනාව ලබා සිටී. [/SIZE] [SIZE=5]මෙලෙස ආණ්ඩුවේ පාතාලය රකිමින් විපක්ෂයේ පාතාලය මර්දනය කරන මෙහෙයුම් මඟින් පසුගිය මාස තුනක කාලය තුළ පමණක් පාතාල නායකයන් විස්සකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන එයින් අඩකටත් වැඩි පිරිසක් මරා දමා තිබේ. ඒ සැඟ වූ ආයුධ පෙන්වීමට ගොස් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ දැරීමේ වරදට ය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ශී‍්‍ර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් ආකාරයට ආත්මාරක්ෂාව සහ අවම බලය යෙදවීමට සාමාන්‍ය පුද්ගලයකුට ඇති අයිතිය පොලිස් නිලධාරීන්ට ද හිමි විය යුතු ම ය. එහෙත් අවම බලය යනු ඝාතනය නම් එය අවම බලයේ සීමාව පිළිබඳ ගැටලූවකි. සෑම පුරවැසියකුට ම සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සාධාරණ ඉඩක් තිබිය යුතු ය. පසුගිය කාලයේ දී ආයුධ පෙන්වීමට ගොස් ඝාතනයට ලක් වුණු සැකකරුවන්ගෙන් බහුතරයක් එකදු අවස්ථාවක හෝ අධිකරණයට ඉදිරිපත් කර නැත. තමන්ගේ නිර්දෝෂීභාවය හෝ අපරාධය කිරීමට හේතුව හෝ ඔප්පු කිරීමට ඔවුන්ට එක් අවස්ථාවක් හෝ ලබා නොදීම නීතියට පටහැනි ය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මේ පිළිබඳව හදිසියේ අවදි වූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පසුගිය දිනෙක වෙබ් අඩවියකට පවසා තිබුණේ සිරභාරයට ගත් පුද්ගලයන් ආරක්ෂා සහිතව රැඳවීම පොලීසියේ වගකීමක් බවයි. එසේ ම මෙලෙස යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ලිඛිත වරෙන්තුවක් අවශ්‍ය බව ද එසේ නොවුණ හොත් එය මානව හිමිකම් කඩකිරීමක් බව ද ඇමැතිවරයා පවසා තිබිණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර සම්බන්ධීකරණ නිලධාරියකු පාතාල නායකයකු වූ ආමි රොෂාන් සමග අත්අඩංගුවට ගැනීමත් සමග ඇමැතිවරයාගේ අවදි වීම ගැන ද විමසිය යුතුව තිබේ. [/SIZE] [SIZE=5]කෝට්ටේ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු සමග සම්බන්ධතා පැවැත්වීමේ වරදට ආමි රොෂාන් ට මැරුම් කන්නට සිදු විය. මහින්ද සමරසිංහ ඇමැතිවරයාගේ අමාත්‍යංශයට අයත් ආයතනයක ලේකම්වරයකු වූ පිනට, ශාන් ජයසිංහ තාමත් ජීවත්වන්නට වරම් ලබා තිබේ. ආමි චප්පා හෙවත් මොහොමඞ් රෂාෆ් නියාස්, ඇට ඉන්දිකගේ ගෝලයකු වූ සුරංග, රත්මලානේ ජයසුමනාරාම පාරේ පදිංචිව සිටි ලසන්ත පුෂ්පකුමාර හෙවත් උස කුමාර, ආමි රොෂාන්, වැල්ලම්පිටිය ඔරුගොඩවත්තේ මොහොමඩ් ආබ්දීන් හෙවත් පප්පා පසුගිය මාස තුන තුළ මෙලෙස පොලීසියට ආයුධ පෙන්වීමට ගොස් පොලීසියෙන් මැරුම් කෑ පාතාල නායකයන් අතර වෙති. ඔවුන් අදාළ ආයුධවලින් තමන්ට පහර දීමට උත්සාහ කළ බවත් එහි දී ආත්මාරක්ෂාවට තමන් වෙඩි තැබූ බවත් පොලීසිය මේ හැම තැනක දී ම පැවැසී ය. එහෙත් අත්අඩංගුවට ගත් අයකු මාංචු සහිතව (විලංගු ලා සිටිය දී) එසේ පොලීසිය මරණීය තුවාල සිදු කිරීමට උත්සාහ කිරීම කලාතුරකින් සිදු විය හැකි දෙයකි. පොලිස් රෙගුලාසිවලට අනුව විත්තිකරුවන් සිර මැදිරියෙන් පිටට ගෙන යා යුත්තේ විලංගුලා ය. (මාංචු යොදා ය) මේ පිළිබඳ ජාතික පොලිස් කොමිසමේ අතිරේක ලේකම්, කේ.සී. ලෝගේෂ්වරන් මහතා "සමබිම"වෙබ් අඩවියට දැක්වූ අදහස ද වැදගත් ය. [B]"දැන් කොමිෂන් සභා සියල්ල අක්රියවෙලා තියෙන්නෙ. සියල්ල ක්‍රියාත්මක වෙන්නෙ කැබිනට් මණ්ඩලය යටතේ. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ඝාතනය වීම ගැන පොලිස් කොමිසමට වඩා වගකිව යුත්තේ මහේස්ත්‍රාත් උසාවියයි. මහේස්ත්‍රාත්වරයා කිව්වොත් මේ ඝාතන සිදු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ කරන්න කියලා[/B][B], [/B][B]එවිට අපිට පුළුවන් ඒ නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්න. නමුත් අද වෙනකම් අපිට එවැනි නියෝග යක් ලැබිලා නැහැ."[/B][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එසේ ම විවිධ අපරාධයන්ට සම්බන්ධ පාතාලයේ නොවන සැකකරුවන් ද මෙලෙස ආයුධ පෙන්වීමට ගොස් මැරුම් කා තිබේ. මිහින්තලේ, කසමඩුව ප්‍රදේශයේ දර්ශනිකා ලක්ෂාණි දැරිය ඝාතනයේ සැකකරු ඝාතනය, ගාල්ල මාපලගම ප්‍රදේශයේ ළමයින් දෙදෙනකු ඝාතනයේ විත්තිකරුවන් ඝාතනය, ත්‍රිකුණාමලයේ වර්ෂා දැරිය ඝාතනයේ සහ මඩකළපුවේ විදූෂා ඝාතනයේ විත්තිකරුවෝ මෙලෙස පොලිස් නිලධාරීන් ආත්මාරක්ෂාව රැකීමට ගොස් මැරුම් කෑහ. නීතීඥවරුන් පවසන ආකාරයට අධිකරණ තීන්දුවකින් තොරව සැකකරුවන් මරණයට පත් කිරීමට කිසිවකුට හෝ අයිතියක් නැත.[/SIZE] [SIZE=5]ආණ්ඩුවේ වුවමනාව මත පොලීසිය මේ සිදු කරමින් සිටින්නේ තම කැලෑ උසාවියේ නඩු අසා තමන්ම තීන්දු දීමයි. මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක නොවන තත්වයක් තුළ වධකයාගේ කාර්යභාරය ද පොලීසිය පවරාගෙන තිබේ. මේ සැකකරුවන් මියයන්නේ තමන් කළ සියලූ අපරාධවල සාක්ෂි ද වළ දමමිනි. විපක්ෂයේ පාතාල කණ්ඩායමේ මර්දනය කරන අතරම ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ කෙරුවාව දන්නා නොහික්මුණු පාතාලයෝ ද මේ දිනවල මරණ සහතික අතේ තබාගෙන සිටිති. ජීවත්වීමේ වාසනාව ඇත්තේ එහෙයියන්ට පමණි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂයෙන් තරග කර විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් දූෂණ වංචාවලට නම් දැරූ දේශපාලනඥයකු මේ දිනවල කරාටේ ධම්මිකට සෙවණ දෙන බව දැනගන්නට ඇත. කරාටේ ධම්මිකගේ සගයකු වන ඝාතන නවයකට පමණ වගකිව යුතු බවට පොලීසිය සැකකරන "මෝතා"නමැත්තා මේ වන විට අදාළ දේශපාලනඥයාගේ පෞද්ගලික ආරක්ෂකයෙකි. කලක් එම දේශපාලනඥයාට සහාය දැක්වූ, පසුව නාහෙට නාහන්නකු බවට පත් වූ "නේවි බාබා"නමැත්තා ඝාතනය කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය. ඔහු මේ වන විට විදෙස් ගතවී සිටියි.[/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom