පාතාල නායක

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මිනීමැරුම් 85 ක්‌ කළ පාතාල නායක නෙළුවේ ප්‍රියන්ත වෙඩි කා නසී

    norton-360-review.jpg

    මිනීමැරුම් ඇතුළු දරුණු අපරාධවලින් දකුණු පළාතම භීතියට පත් කරගෙන සිටි පාතාල කල්ලි නායකයකු බව කියන "නෙළුවේ ප්‍රියන්ත" නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රහාරයකින් පෙරේදා (03 වැනිදා) රාත්‍රි මරුමුවට පත්වී ඇත.

    මෙම පාතාල නායකයා සිදු කර ඇති මිනීමැරුම් ගණන 85 ක්‌ වන බව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය පවසයි. එA අතරින් ප්‍රශ්න කිරීම්වලදී මිනීමැරුම් 25 ක තොරතුරු පාපොච්චාරණය කර තිබේ.

    පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක්‌ විසින් මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සූරියකන්ද මෝනින් සයිඩ් වතුයායේ සැඟවී සිටියදීය.



    ප්‍රශ්න කිරීමේදී සඟවා ඇති අවි ආයුධ තොගයක්‌ ගැන පොලිසියට තොරතුරු ලබාදී ඇත. පසුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ පාතාල නායකයා ද සමග සූරියවැව දෙයියන්දරවැව ප්‍රදේශයට ගොස්‌ ඇත්තේ සඟවා තිබෙන බව කියන ආයුධ තොගයක්‌ සොයා ගැනීමටය.

    පෙරේදා රාත්‍රි 10.30 ට පමණ පාතාල නායකයා දෙයියන්දරවැව ප්‍රදේශයේ හේනකට රැගෙන ගිය අවස්‌ථාවේ එහි සඟවා තිබූ පිස්‌තෝලයක්‌ ගෙන විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබේ. එහිදී විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රහාරයකින් මෙම පාතාල නායකයා බරපතළ තුවාල ලැබූ අතර සූරියවැව රෝහලට රැගෙන යැමෙන් පසු ඔහු මියගොස්‌ ඇත.

    ගරුසිංහගේ ප්‍රියන්ත හෙවත් නෙළුවේ ප්‍රියන්ත නමැත්තා 1989 වර්ෂයේ සිට පාතාල කණ්‌ඩායම්වලට සම්බන්ධ වී විවිධ අපරාධවල නිරතවූ බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

    මොහුගේ මුල්ම මිනීමැරුම 1989 භීෂණ සමයේදී සිදුකර ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි. 1966 වර්ෂයේ උපත ලබා ඇති නෙළුවේ ප්‍රියන්ත නමැත්තා තිදරු පියෙකි.

    මොහුට අයත් සුවිසල් නිවාස දෙකක්‌ වැල්ලවාය, නෙළුවආර සහ බෙලිඅත්ත මැදමුලන ප්‍රදේශවල පිහිටි බවද හෙළිදරව් වී තිබේ.

    මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීම ඇතුළු විවිධ අපරාධවල යෙදෙමින් මාසිකව රුපියල් විසිලක්‍ෂයකට අධික මුදලක්‌ මොහු ඉපැයූ බවට ද හෙළිදරව් වී තිබේ.

    පසුගිය 2002 වර්ෂයේදී උඩවලව ප්‍රදේශයේ වාඩියක සිටි ගොවීන් 7 දෙනකු වෙඩි තබා මරා දමා එම වාඩියට ද ගිනි තබා ඇත්තේ නෙළුවේ ප්‍රියන්ත ඇතුළු කල්ලිය බව පොලිසිය පවසයි. කිතුල්කොටේ ප්‍රදේශයේදී එකම පවුලේ 5 දෙනකු වෙඩි තබා මරාදැමීම ඇතුළු මිනීමැරුම් රාශියක්‌ මොහු සිදු කර ඇත.

    මරා දැමූ සියලුදෙනා මොහුගේ ව්‍යාපාරවලට එරෙහි වූ පුද්ගලයන් බවට හෙළිදරව් වී ඇත.

    මෙම පාතාල කල්ලි නායකයා සතුව ටී 56 ගිනි අවි 11 ක්‌ ඇතුළු තවත් අවි ආයුධ රාශියක්‌ තිබූ බවට ද අනාවරණය වී තිබේ.


    security20commando2.jpg
     
    Last edited:

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    85Maruwata paseda bang ... muwa marala thiyaney SHIT
    2 Vithara Marapu gamang marala danda oney .. Ehenamm ithuru 83 Jeewath wenda wath thiba
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    85Maruwata paseda bang ... muwa marala thiyaney SHIT
    2 Vithara Marapu Ungwa marala danda oney .. Ehenamm ithuru 83 Jeewath wenda wath thiba

    :yes:එක නම් ඇත්ත තමා..ඒ උනාට STF එක්ක සෙල්ලම් කරන්න බැහැ.අනිවා තියන්න ඇති ඔලුව කුඩු වෙන්න
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..........
    Good Work STF !!!
    මේ වගේ පාදඩයන්ට මෙහෙම තමයි කරන්න ඕන:angry:
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    හැමොම මරන්නේ එකම විදියට,
    අයුද තියෙන තැන පෙන්නන්න යනකොට ඒ අයුද වලින්ම වෙඩිතියන්න යනකොට වෙඩි කා නසි......එකම ස්ටොරිය
    well done STF
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    හැමොම මරන්නේ එකම විදියට,
    අයුද තියෙන තැන පෙන්නන්න යනකොට ඒ අයුද වලින්ම වෙඩිතියන්න යනකොට වෙඩි කා නසි......එකම ස්ටොරිය
    well done STF

    :yes: :yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුන්ට නඩු කියන සල්ලි අපරාදේ
    එක හින්දා මුන්ගේ ඔලුව නැතුව අපායට යැව්වම සල්ලියි වෙලාවයි 2ම ඉතුරුයි
    (අපේ අසමජ්ජාති ඇමැතියොත් මුන්ව බේරගන්න වලි කනවනේ)
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    HTML:
    ප්‍රශ්න කිරීමේදී සඟවා ඇති අවි ආයුධ තොගයක්‌ ගැන පොලිසියට තොරතුරු ලබාදී  ඇත. පසුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ පාතාල නායකයා ද  සමග සූරියවැව දෙයියන්දරවැව ප්‍රදේශයට ගොස්‌ ඇත්තේ සඟවා තිබෙන බව කියන ආයුධ  තොගයක්‌ සොයා ගැනීමටය.

    :lol::lol::lol::lol:


    මුන්ට කන්න දිදී තියාගන්නවට වඩා හොදයි උන්ඩ දෙක තුනකින් වෑඩේ ඉවර කරාම :yes:රටට බරකුත් නෑ.... :rolleyes:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    හැමොම මරන්නේ එකම විදියට,
    අයුද තියෙන තැන පෙන්නන්න යනකොට ඒ අයුද වලින්ම වෙඩිතියන්න යනකොට වෙඩි කා නසි......එකම ස්ටොරිය
    well done STF


    මුන්ට ඇතුලට යැව්වහම ආයිත් කවදාහරි නිදහස් වෙලා ඇවිත් මිනීමරන එකම තමා කරන්නේ.ඒක හින්ද වල පල්ලට යවන එක තම හොද:)
     

    Similar threads