පාන්දර අවදිවෙන්න බැරිද? එහෙනම් කියවන්න..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පාන්දර අවදිවෙන්න බැරිද? එහෙනම් කියවන්න..

    ලෝකේ ජීවත්වෙන මිනිසුන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අවදිවෙන්නේ උදේ 6න් පස්සෙයි කියලා පහුගිය දවසක සඟරාවක තියෙනවා දැක්කා. ඒ කියන්නේ 20%කට ආසන්න පිරිසක් තමයි උදේ පාන්දරම නැගිටින්නේ. මේ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ජපානයේ සහ චීනයේ වෙන්න ඕන.

    ඔබටත් පාන්දර නැගිටින්න ඕන වුනත් ඒක කරන්න අමාරුද? එහෙමත් නැත්නම් පාන්දර නැගිටලා එලාම් එක ඕෆ් කරලා නිදාගන්න කෙනෙක්ද ඔබ? මේ ටික ඔබට ඉතාම වැදගත් වේවි.

    දවසම ප්‍රීතිමත්

    සාමාන්‍ය වශයෙන් උදෙන් නැගිටින්න උත්සහ කරන කෙනෙක්ට ඒ කියන්නේ පාන්දර 4 ට 5ට වගේ නැගිටින්න උත්සහ කරන කෙනෙක්ට මුල් දවස් ටිකේ සෑහෙන් අමාරුයි. සමහරවිට දවස පුරා විටින් විට නිදිමත දැනෙන්න පුළුවන්, ඔලුවේ කැක්කුම්, තරහා යාම්, විවිධ අසනීප ඇතිවෙන්න පුළුවන්. ඒත් මේක ටික දවසක් යද්දි ඔබට පුරුද්දක් වෙනවා. විශේෂයෙන්ම ඔබ අමාරුවෙන් හරි දවස් 99ක් එක දිගට පාන්දරින්ම නැගිට්ටොත් 100 වෙනි දවසේ ඉබේම ඇහැරෙනවා, එතන ඉඳන් ඔබට පහුවෙලා ඇහැරෙන එක කරදරයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. මෙහෙම පාන්දරින්ම නැගිටලා උදෑසනම පරිසරයේ ඇතිවෙන සුන්දරත්වය, වාතයේ ඇති නොයිඳුල් මිහිරිබව, ශාකවලින් හමන සුවඳ, කුරුල්ලන්ගේ ප්‍රීතිමත් ශබ්දය වගේ දේවල් විඳින්න පටන්ගත්තම දවසම ප්‍රීතිමත් එකක් වෙනවා.

    බ්‍රහ්ම මුහුර්තිය

    ඉස්සර කතාවටත් කියනවනේ පාන්දර නැගිටලා පාඩම් කරද්දි හොඳට මතක හිටිනවා කියලා. ඉන්දියානු සමාජයේ ජ්‍යෙතීර්වේදය ආශ්‍රයෙන් ඔවුන් විශ්වාස කරනවා උදෑසන 4 සහ 6 අතර කාලය බ්‍රහ්ම මුහුර්තිය හෙවත් මහා බ්‍රහ්මයා ලෝකය දෙස අවධානය යොමුකරන කාලය කියලා. මේ කාල සීමාවේ මනසට එකතුවෙන දේවල් ඉතා හොඳින් තැන්පත් වෙනවා කියලා විශ්වාස කරනවා. බෞද්ධ දර්ශනය ඇතුලෙත් ‘දහසක් බුදුන් බුදුවෙන උදෑසන‘ කියන වදන භාවිතා වෙන්නේ ගෞතම බුදුහිමියන් පවා බුද්ධත්වයට පත්වෙන්නේ පාන්දර ඉර උදාවටත් කලින් විම එක්ක. බොහොමයක් දියුණු බුද්ධියක් ඇති ජන කොට්ඨාශ පාන්දරම අවදිවෙන අය නිසා මේ කතාවේ ඇත්තක් තිබිය යුතුමයි.

    දවසම ඉතුරුයි.

    හිතන්න ඔබ නැගිටින්නේ උදේ 7 ට, ආයෙත් රැට නිදාගන්නේ රෑ 10ට කියමුකෝ. ඒ කියන්නේ ඔබ අවදියෙන් ඉන්නේ පැය 15ක වගේ කාලයක්. ඒ කාලයෙන් පැය 8කට වැඩි කාලයක් ඔබ කාර්යාලයේ නම්,පැයක දෙකක කාලයක් මාර්ගයේ ගමනාගමනයේ නම්, පැය එකහමාරක දෙකක කාලයක් ආහාර පාන ගන්න එක කරනවනම්, නාන්න, මූණ සෝදන්න, වැසිකිලි යන්න පැයක් දෙකක් ගතකරනවනම් ඔබේ මුලු දවසම ඉවරයි නේද? එතකොට ඔබ සින්දුවක් අහන්නේ, රූපවාහිනිය ටිකක් නරඹන්නේ, දරුවන් එක්ක, බිරිඳ එක්ක, නෑදෑ හිතමිතුරන් එක්ක වචනයක් කතාකරන්නේ, සතුටුවෙන්න කෝ ඔබට වෙලාවක්. ඒත් ඔබ උදේ 4 ට නැගිටින කෙනෙක් නම්, ඔබ රෑ 11ට නින්දට යන කෙනෙක් නම් ඔබ පැය පහක විතර හොඳ නින්දකුත් ලබලා පැය 19ක් විතර අවදියෙන් ඉන්න කෙනෙක්. වැඩිපුර පැය 4 ඔබට කොච්චර දේවල් කරන්න පුළුවන්ද?

    ව්‍යායාමට හොඳම වෙලාවයි

    පාන්දරින්ම නැගිටලා ව්‍යායාම කරන්න පුළුවන්නම් හොඳ එළිමහන් තැනක ඉතාම හොඳයි. පිරිසිදු වාතය නිසා, සිසිල් කාලගුණය නිසා ඔබගේ ගතට සිතට දැනෙන ප්‍රබෝදය නිසා කයට වගේම මනසටත් සෞඛ්‍යසම්පන්න ව්‍යායාමයක් බවට පත්වේවි.

    විටමින් නොමිලේම

    අසනීප වෙලා විටමින් පෙති තොග ගණන් බොන ඔබට උදේ පාන්දර නැගිටලා එළිමහනේ ටිකක් හිටිද්දි හිරු එළිය එක්ක ලැබෙන විටමින් D ඔබේ ශරීරයට ඉතා වැදගත්. ඒ නිසා සල්ලිවලට පෙති ගන්නවා වෙනුවට උදෙන්ම නැගිටලා උදෑසන හිරු නැගෙද්දි ඒ හිරු කිරණ හමට දැනෙන විදිහට පැය භාගයක්වත් ඉන්න පුළුවන් නම් විටමින් ඩී අඩු නැතිව ලැබෙනවා. ඒකටත් ඉතින් පාන්දරින් අවදිවෙන්නම ඕන.

    ඕෆ් නොවෙන එලාම්

    ඔබ ගොඩක් වෙලාවට උදෙන්ම නැගිටින්න ජංගම දුරකතනයේ හෝ ඔරලෝසුවේ එලාම් තියන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් පාන්දර 5ට විතර එලාම් එක තියලා නැගිටලා එලාම් එක ඕෆ් කරනවනම් ඉතින් වැඩක් නෑ. ඒ නිසා ඔබ ගන්න ඕෆ් කරන්න ටිකක් අමාරු, නැත්නම් බැරි එලාම් එකක්. එතකොට ඉතින් උදෙන් නැගිටින්නම වෙනවා.

    පළමු සිතිවිල්ලෙන්ම අවදිවෙන්න

    උදේ නැගිටින්න ඕන වෙලාවට නින්දෙන් අවදිවුණු ගමන් ආයෙත් දෙපාරක් නොහිතා ඇඳෙන් නැගිටින්න. මොකද අපි ගොඩක් අය තව විනාඩියක්, තව පොඩ්ඩක් කියලා කල්ගත කරන එකෙන් වෙන්නේ නැගිටින්න ප්‍රමාද වෙන එක. ඒ නිසා අවදිවෙද්දි ආපු පළමු සිතිවිල්ලෙන්ම නැගිටින්න.

    කලින් දවසේ සූදානම

    ගොඩක් වෙලාවට උදේ කරන්න තියන වැඩ ප්‍රමාණය වැඩිවුණාම පාන්දර නැගිටින්න හිතන්නේ නෑ, නැත්නම් නැගිට්ටත් වැඩක් නෑ ප්‍රමාද වෙනවා. ඒ නිසා ඔබ උදේම රාජකාරියට යන කෙනෙක් නම් කලින් දවසේ රෑ ඇඳුම්,බෑග් එහෙම සූදානම් කරගෙන, උදේම කෑම උයනවනම් රෑට එළවලු එහෙම කපලා සූදානම් කරලා තියනවනම් උදේට නැගිටිද්දි අවුලක් නෑ.

    මේ හැමදේම ඔබට උදේ පාන්දර නැගිටලා සතුටින් වැඩ කරන්න උත්තේජනයක් සපයාවි. මේ හැමදේටම වඩා අවශ්‍ය වෙන්නේ ඔබේ වුවමනාවයි. ඒ නිසා වුවමනාවක් ඇති කරගත්තම මේ හැමදේම හරි ලේසියි.

    මූලාශ්‍රය - www.her.lk
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උදේ නැගිටින එක හැමෝටම ඉෆෙක්ටිව් නෑ. රෑට වැට කරන එක දැන් ගොඩාක් අයට ඉෆෙක්ටිව්.
    මට නම් පාන්දට දෙක තුන වෙනකල් වැඩ කරන එක දවල්ට, උදේ පාන්දරට වඩා ප්‍රඩක්ටිව්. එතකොට ඉතින් නැගිටින්නෙ 8-9 වෙලා.
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Paya 5k nidagaththoth Nam ledek Vela thamai navathinne....
    Samanya manussayek davasakata paya 8 nidaganna oni ...
    Hoda paya 7k 8k nidagena nagittama nidimathak danenneth na... Mama hamadama nidaganne 10 ta aharenne 6 ta ... Vadata yanne 8 ta davasama full fit eke inne...