පාන් එක්ක රසම රස කරි ගොඩක් කමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට මේ පොඩි සංග්‍රහයක් කරන්න ඕනේ වෙලා අළුත් කේටරින් තැනක් ට්‍රයි කරා අද - Nom Nom Nook

    Sujeeva Premaratne ගේ යාළුවෙක්ගේ නෝනා තමා කරන්නේ වැඩේ. ඉස්සෙල්ලාම කොළඹට කරපු ඕඩර් එක කියලා කිව්වේ - ළගදී පටං අරං තියෙන්නේ.

    කියපු වෙලාවට ගෙනල්ලා දුන්නා විතරක් නෙවෙයි, කාපු හැමෝම කිව්වා "මාරම කෑමක්" කියලා.

    රෝස් පාන්, පෝක්, චිකන්, පරිප්පු එක්ක පොල් සම්බෝල - උදේ කෑමට. ගාණත් සාධාරණයි වගේම මාරම ප්‍රසන්ටේෂන් එකක් තිබ්බේ.

    හැමදාම දෙන කේක්, අයිස් ක්‍රීම්, ෂොට් ඊට් වලට වැඩිය හැමෝම කැමති වුණා.

    ඔය බර්ගර් කිං, KFC වගේ ඒවා නැතුව (මට නම් ඒවා මෙලෝ රහක් නෑ අනික් ඒවා කෙසේ වෙතත්), මේ වගේ අලුතෙන් පටං ගත්ත SME එකකින් මේ වැඩේ කරගත්ත එක මේ අළුත් අවුරුද්දේ 👌

    අනික් අයටත් දැන ගන්න දැම්මේ මේ පෝස්ට් එක.....

    (හට්ටි, මුට්ටි, හැඳි ටිකත් දීලම ගියා)