පානීය_ජල_බෝතල්.......(Mineral Water Bottles)
(The Scientist ඇසුරෙනි)
(උපුටාගැනීම -: දියසර සාර සංග්‍රහය, 2011 - ජූලි / සැප්තැම්බර් කලාපය)
---------------------------------------------------------------------------------------------------------------
ඇත්තටම මචන්ලා මේක උපුටාගැනීමක් වුනත් Mineral water bottles පාවිච්චි කරන හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල හිතල තමයි මේ thead එක දැම්මේ. මේ ගැන ඔයගොල්ලන්ගෙ අදහසුත් පලකරලම යන්න..........
අනික් අයට බලාගන්න bump එකක්වත් දාල පලයල්ලා......
එළකිරි..
ජලය අඩංගු කර බෝතල් වශයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරන ව්‍යාපාරයන්ට අදාළ ප්‍රමිති, අන්තර් රාජ්‍ය කොමිසම (CAC) නමින් හැඳින්වෙන ආයතනය මගින් දක්වා තිබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එහි සම අනුග්‍රාහකත්වය ලබයි. පානීය ජල බෝතල් වල ප්‍රමිතිය සහ තත්ව පාලනය පිළිබඳ පදනම සකස් කර ගැනීම පිණිස ඉවහල් වන නියමයන් (standards), ලෝක ප්‍රජාව වෙත නිකුත් කරන්නේ මෙම සංවිධාන මගිනි.
ඒ අනුව පානීය ජල බෝතල් සඳහා චර්යා ධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර එමගින් නිශ්පාධන ද්‍රව්‍යයන්හි සෞඛ්යාරක්ෂිත බව, ඇසුරුම්කරණය හා ඇසුරුම් සංයුතිය පිලිබඳ කරුණු අවධාරණය කෙරේ. ඒ මගින් ජල බෝතල් නිෂ්පාදකයන්ට ප්රශස්ත මට්ටමින් නිෂ්පාධන ක්‍රියාදාම පවත්වා ගැනීමේ උපදේශන සපයයි.
එසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ආහාර ද්‍රව්‍යයන්හි අන්තර් ජාතික ප්‍රමිතිය නිර්මාණය කරන අන්තර් රාජ්‍ය කොමිසම (CAC) හෝ කිසිදු විටෙක ජල බෝතල් නිෂ්පාධකයන්ට ප්‍රමිති සහතික නිකුත් නොකරයි. ඒ මගින් ජල බෝතල් සඳහා එක් එක් රටවලට අදාළව ප්‍රමිති සකස් කරගැනීමට ඉඩ දී ඇත. ශ්‍රී ලංකාවේ ජල බෝතල් සම්බන්ධව පවතින මතවාද ඉතා පසුගාමී තත්වයක පවතී. සාමාන්‍යයෙන් ඛනිජ ජලය (Mineral water) ලෙස වෙළඳපොලට ඉදිරිපත් කරන ජල බෝතල්වල සෝඩියම් හා ෆ්ලෝරයිඩ් මට්ටම් ලේබයෙහි ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වන්නේ, බොහෝ විට ඒවා ජලයෙහි අධිකව අඩංගු වීමට ඉඩකඩ ඇති බැවිනි. පානීය ජලය ලෙසින් පිළිගැනෙන ජලයට වඩා ඛනිජ ජලයෙහි එවැනි රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් දැකිය හැකිය. සෝඩියම් ලවණය, හෘදය හා රුධිර වාහිනී පද්ධති ආශ්රිත බොහෝ රෝගයන්ට හේතු කාරක වන අතර ෆ්ලෝරයිඩ් දන්ත සහ අස්ථි සෞඛ්යනට හානිකර වේ.
නිෂ්පාදන ද්‍රව්‍ය : Poly Ethylene Terethalate(PET)
තවද ප්ලාස්ටික් යනු අහිංසක ද්‍රව්‍යයක් නොවේ. එසේම ජලය අඩංගු කිරීම සඳහා භාවිත වන බෝතල් වල අඩංගු රසායනික ද්‍රව්‍ය ද ජලය සමඟ මිශ්‍ර වී ශරීර ගත වීමේ අනතුරක් පවතී. ජලය නැවත නැවත පිරවීම හා උණුසුම් ජලයෙන් ප්ලාස්ටික් බෝතල් පිරවීමත් නිසා මම ක්‍රියාවලිය වේගවත් වන බව විද්‍යාඥයන්ගේ අදහසයි. නොසැලකිලිමත් ලෙස ප්ලාස්ටික් බෝතල් පරිහරණය නිසා ප්ලාස්ටික් බෝතලයේ මූලික තැනුම් ඒකකයක් වන බිස්පැනෝල්-A (Bisphenol-A) රසායනිකය ශරීරගතවී ඊස්ට්‍රජන් හෝමෝනය ක්‍රියාත්මක වීමටද හේතු වී තිබේ. ඒ මගින් පිළිකා ඇතිවීමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ප්ලාස්ටික් රළු භාවිතය සහ උණුසුමට ලක් කිරීමේ ක්‍රියාවලිය අතිශයින් අනතුරුදායක බව විද්‍යාඥයන්ගේ මතය යි. අමෙරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය (NIH) පෙන්වා දෙන ආකාරයට කුඩා දරුවන් සඳහා යොදා ගන්නා කිරි බෝතල්, සූප්පු හා වෙනත් උපාංග සඳහා ප්ලාස්ටික් භාවිතයට එරෙහිව සීමා පැනවිය යුතුය. ඒ අනුව කුඩා දරුවන්ගේ උපකරණ වලට ප්ලාස්ටික් යොදා ගැනීම පිළිබඳ නවතම පර්යේෂණ අරඹා තිබේ. කුඩා දරුවන්ට මෙන්ම සිරුරෙහි ස්වභාවික ආරක්ෂක සැකසුම වන ප්‍රතිශක්ති පද්ධතියේ මූලික ක්‍රියාකාරීත්වය අඩාල වූ (immuno - compromised individuals) පුද්ගලයන්ට ද ප්ලාස්ටික් බෝතල්වල ජලය ඉතා අහිතකර බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

Last edited: