'පාප්තුමා, සමාව ගත යුතුයි' -ඥානසාර හිමි

mage diviya

Member
Dec 27, 2013
174
38
0
'පාප්තුමා, සමාව ගත යුතුයි' -ඥානසාර හිමි

මීට සියවස් ගණනාවකට ඉහත දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ කතෝලිකයන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් සහ 'බෞද්ධයන් මරා දමමින්' බුදු දහමට කරන ලද විනාශය සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටිය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසයි.

ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පාප් වහන්සේ එසේ සමාව ඉල්ලා සිටිනු දකින්නන්ට තමන් කැමති බව, සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුහ.

කොළඹදී විදේශීය මාධ්‍ය ජාලවල වාර්තාකරුවන් හමුවුන බොදු බල සේනා දූත පිරිස තවදුරටත් කියා සිටියේ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිය පාලන සමයේ ශ්‍රී ලංකාවේ කරන ලද විනාශය සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව ගත යුතු බවයි.

පාප් වහන්සේ බ්‍රිතාන්‍ය වැසියෙක් නොවන බව සහ බ්‍රිතාන්‍යයේ බහුතරයක් අදහන්නේ කතෝලික දහම නොව එංගලන්ත සභාවේ ධර්මය නොවේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ එයට ඥානසාර හිමියන්ගේ ප්‍රතිචාරය වූයේ, පාප් වහන්සේ බ්‍රිතාන්‍ය නොවුනත් 'තීන්දු ගත්තේ එහෙන් නේද' යනුවෙන්.

ලොව පුරා කතෝලික පූජකවරුන්ට එරෙහිව එල්ල වී තිබෙන ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මීට ඉහතදී සමාව ඉල්ලා සිටියහ.

(බිබිසි සංදේශය)
 

redlions

Banned
May 29, 2014
247
8
0
fuck+the+pope.jpg
 

redlions

Banned
May 29, 2014
247
8
0
මිනීමරු කොටින්ට උදව් කරපු ප්‍රභාකරන් වීරයෙක් ලෙස නම් කරපු වතිකානුව අපිට එපා.