පාප් දන්නේ මොනාද? What the pope knew

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
පාප් දන්නේ මොනාද? What the pope knew

පාප් දන්නේ මොනාද? What the pope knew


image6365901g.jpg

ළමා අපචාර නඩු ගණනාවක්ම ඉදිරිපත් කළ මිනසෝටා නීතිඥ ජෙෆ් ඇඩන්ර්සන් අත දිතුකර ගෙන සිටින්නේ ෆාදර් ජෙයපොල්ගේ ඡායාරූපයකටයි
සැප්තැම්බර් 26 වෙනිදා සීඇන්ඇන් ප‍්‍රවෘත්ති සේවයෙන් 'වට් ද පෝප් ක්නිව්' මැයෙන් වාර්තා චිත‍්‍රපටියක් විසුරුවා හැරියේ ය. ලංකාව වැනි රටක රූපවාහිනියකට නම් කවර කවදාකවත් මෙවැනි වාර්තා චිත‍්‍රපටියක් විසුරුවා හරින්ඩ නිදහස ලැබෙන්නේ නැත. ලෙනාඩෝ ඩාවින්චි බදු (කතෝලික හා ක‍්‍රිස්තියානි රටවල පවා ප‍්‍රදර්ශනය කරපු ) චිත‍්‍රපටියක් තහනම් කරවිමට තරම් බලවත් කතෝලික සභාවක් ඇති ශ‍්‍රි ලංකාවේ, පාප් මොනවා දන්නේ වැනි නමක් තියෙන පොතක්වත් ප‍්‍රකාශ කරන්ඩ ඉඩක් ලැබේදැ යි සැක සහිතය. ඇමරිකාවේ මාධ්‍ය නිදහස කියන්නේ කුමක්දැයි වැටහෙන්නේ මෙබදු දැ දකිනවිටයි.

පැයක කාලයක් ප‍්‍රදර්ශනය කරපු වට් ද පොප් ක්නිව් වාර්තා චිත‍්‍රපටිය මගින් ප‍්‍රශ්න කරපු ප‍්‍රධාන කාරණයකි. ඒ පාප්වරු ළමා අපචාරයේ යෙදෙන කතෝලික පුජකවරුන්ව ආරක්ෂා කරනවාද යන කාරණයයි. එම සිද්ධිය ඉදීරිපත් කිරිමේදී තේමා කරගත්තේ වර්තමාන පාප්වරයාගේ ත‍්‍රියා කලාපයයි. එතුමා ජර්මනියේ මියුනිච්හි ආචි බිෂොප්වරයා ව සිටි කාලයේ පටන් පාප් ධුරය ලබා ගැනීම දක්වා කාලය තිස්සේ ළමා අපචාරයන්ට හසුවු පුජකවරුන්ව රකිමින් ඔවුන්ව ආරක්ෂා කළේදැ යි මෙයින් ප‍්‍රශ්න කෙරුනි.
ht_joseph_jeyapaul_100405_mn.jpg

චිත‍්‍රපටිය අවසන් වුයේ ශ‍්‍රී ලංකාව බදු රටවලටද ඉතාම වැදගත් ප‍්‍රවෘත්තියකිනි. එය කුමක්ද? කතෝලික සභාව යනු දැවැන්ත සංවිධානයකි. එය ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක පැතිර පවත්නා ලෝකයේ බලගතුම සංවිධානයයි. මෙම සංවිධානයේ ක‍්‍රියාකාරින් වු බිෂොප්වරු සහ පියවරු ළමා අපචාර ක‍්‍රියා වැනි දරුණු අපරාධ එමට කරති. ඒවා ඇවිස්සුන විට කතෝලික සභාවේ කේන්ද‍්‍රස්ථානය වු වතිකානුව කරන්නේ ඔවුන්ව පලාතකින් පලාතකට මාරු කරවිමයි. නැතිනම් රටකින් රටකට මාරු කිරීමයි. මේ නිසා අපරාධකරුවන්ට ආරක්ෂාවත් නිදහසේ අපරාධකරගෙන යාමට ඉඩ ප‍්‍රස්ථාවත් සැලෙස්.

වාර්තා චිත‍්‍රපටිය ඉහත සදහන් අවසාන ප‍්‍රවෘත්තිය පැහැදිලි කිරිමේදී ඇමරිකාවේ මිනසෝටාහි කතෝලික දේවස්ථානයක කලක් විසු ජෝසප් පලනිවෙල් ජෙයපෝල් (57) නැමති දෙමළ කතෝලික පුජකයාව නිදර්ශනයක් වශයෙන් පෙන්වන ලදි. ඔහු මිනසෝටා හි දේවස්ථානයේදී බාල වයස්කාර ගැහැණු දරුවන් දෙදෙනෙකුට අපරාධ කිරීම පිළිබදව චෝදනා ලැබුවේය. නඩුවක් එන්ඩ පෙර ඉන්දියාවට මාරුවිය. ඔහු ඉන්දියාවේ ඌටකමුන්ඞ් හි කතෝලික දේවස්ථානයක අදටත් සේවය කරයි