පාර්ලිමේන්තුවේ කතා නොකරන පාන්පිටි සහ කිර

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පාර්ලිමේන්තුවේ කතා නොකරන පාන්පිටි සහ කිර

    :yes:mekanam deshapalanaya nisa neme damme:oo::oo:




    යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසුව පළමු දින 100 තුළ මහජනයා විසින් ඉල්ලා නොසිටි සහ ආණ්‌ඩුව විසින් මහජනයාට ලබා නොදුන් සුවිශේෂි "පොරොන්දුවක්‌" ඉටු කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ විදේශීය සමාගමකට අප්‍රසිද්ධියේ ලබාදී ඇතැයි සැලකෙන එම පොරොන්දුව ඉටු කිරීම සඳහා ආණ්‌ඩුවට පළමු වසර තුළ රු. මිලියන 13,000 ක බදු මුදලක්‌ අහිමිකර ගැනීමට සිදුවිය. තිරිඟු පිටි සඳහා පනවා තිබූ විශේෂ පරිභෝජන භාණ්‌ඩ බද්ද කි.ග්‍රෑම් 1 ක්‌ සඳහා රු. 10 කින් අඩු කිරීම නිසා ආණ්‌ඩුවට එතරම් විශාල බදු මුදලක්‌ අහිමි වේ. ඒ වන විට වසරකදී රට තුළට ආනයනය කරනු ලැබූ තිරිඟු මෙ.ටො. ලක්‍ෂ 13 ක්‌ සඳහා ලබාදුන් එම බදු සහනය නිසා 2016 වසරේදී තිරිඟු පිටි පරිභෝජනය තවත් ලක්‍ෂ 4 ක්‌ වැඩි කිරීමට එම සමාගම සමත් විය. ඒ අනුව මෙ.ටො. ලක්‍ෂ 17 ක්‌ සඳහා 2016 වසරේදී ලබාදුන් බදු සහනය රු. මිලියන 17000 ක්‌ දක්‌වා වැඩිවිය. එම මුදල වසරකදී සමස්‌ත රටේම සමෘද්ධිලාභීන් සඳහා ලබාදෙන සහනාධාරයටත් වඩා වැඩි මුදලකි.

    අප රට තුළට තිරිඟුඇට කි.ග්‍රෑම් 1 ක්‌ වරායෙන් ඇතුල්වීමේදී බදු සහ සියලු පිරිවැය ඇතුළත්ව සමාගමට වැය වෙන්නේ රු. 38 පමණි. නමුත් මේ වන විට සහල් මෝලකින් සහල් කි.ග්‍රෑ. 1 ක්‌ නිපදවීම සඳහා වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන් විසින් අවම වශයෙන් එම මිල මෙන් දෙගුණයක පිරිවැයක්‌ දැරිය යුතු වේ. වෙළෙඳපොළ තුළ එතරම් විශාල මිල විකෘතියක්‌ තිබියදී තිරිඟු පිටි පරිභෝජනය වැඩිවීම පුදුමයක්‌ නොවේ. නමුත් මෙ.ටො. ලක්‍ෂ 13 ක්‌ වූ තිරිඟු පිටි පරිභෝජනය මෙ.ටො. ලක්‍ෂ 17 දක්‌වා ඉහළ දැමීමට පාන්පිටි සමාගම සමත් වන්නේ පාන් සහ පාන්පිටි මිල අඩු කිරීම මගින් පමණක්‌ නොවේ. අදාළ සමාගම මහජන බදු මුදලින් සහනාධාරයක්‌ ලබාගත්තද කෙටි කෑම වර්ග සහ අනෙකුත් පාන්පිටි ආශ්‍රිත ආහාර වර්ගවල මිල ඉහළ ගොස්‌ ඇත. එසේනම් මෙම සමාගම පාන් පිටි ආශ්‍රිත ආහාර පරිභෝජනය ඉතා කෙටි කලක්‌ තුළ එතරම් ඉහළ මට්‌ටමකට ගෙන එන්නේ කෙසේද? එම තත්ත්වය වැළැක්‌වීම හෝ පාලනය කිරීම සඳහා රජය සහ සමාජ ක්‍රියාකාරිකයන් මෙන්ම සංවිධාන අසමත් වන්නේ කෙසේද? සෞඛ්‍ය හිතවාදී ආහාර සංස්‌කෘතියක්‌ ප්‍රචලිත කිරීමට උත්සාහ කරන වෛද්‍ය සංගම් පවා ප්‍රධාන ප්‍රශ්නය වන අධික පාන්පිටි පරිභෝජනය පිළිබඳව වචනයක හෝ සඳහනක්‌ නොමැතිව අධික ලුණු සහ සීනි පරිභෝජනය ගැන පමණක්‌ කථා කරන්නේ කෙසේද? ගොවීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව "මරාගෙන මැරෙන" කථා පවත්වන වමේ දේශපාලකයන් පවා වී මිල පහත වැටීමේ ප්‍රශ්නය සහ අධික පාන්පිටි පරිභෝජනය අතර පවතින සෘජු සම්බන්ධය පිළිබඳව වචනයකින් හෝ විරෝධය පළ නොකරන්නේ කුමක්‌ නිසාද? උදාහරණයක්‌ ලෙස කි.ග්‍රෑම් 30 ක්‌ වූ ඒකපුද්ගල පාන් පිටි පරිභෝජනය කි.ග්‍රෑ. 80 දක්‌වා ඉහළ යන විට ඊට සාපේක්‍ෂව සහල් පරිභෝජනය පහත වැටෙන බව කුඩා ළමයෙකුට වුවද තේරුම්ගත හැක.

    පසුගිය යල කන්නයේ දී ඇති තරම් වැස්‌ස සහ ජලාශවල වතුර තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වී හෙක්‌ටයාර් ලක්‍ෂ 5 ක්‌ වන යල කන්නයේ භූමි ප්‍රමාණය ලක්‍ෂ 2 දක්‌වා අඩු කරනු ලැබීය. එම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක්‌ ලෙස එම කන්නයේ අස්‌වැන්න මෙ.ටො. ලක්‍ෂ 5 කින් අඩුවිය. එම ප්‍රමාණය දළ වශයෙන් සහල්a මෙ.ටො. ලක්‍ෂ 3 කට සමාන වේ. පසුගිය දිනවල සහල් මිල පාලනය කිරීම සඳහා බව පවසමින් පිටරටින් ආනයනය කළ සහල් ප්‍රමාණය එසේ අහිමි කළ අස්‌වැන්නට දළ වශයෙන් සමාන වේ. ඒ අනුව වී වගාව අධෛර්යමත් කිරීම මගින් යම් පිරිසක්‌ දෙපැත්තකින් ලාභ උපයන බව පැහැදිලිව පෙනේ. එත් පැත්තකින් සහල් ආනයනය කිරීමේදී විශාල කොමිස්‌ මුදලක්‌ එහා මෙහා වන බව දන්නෝ දනිති. උදාහරණයක්‌ ලෙස මෙ.ටො. 1 ක්‌ සඳහා ඩොලර් 20 බැගින් මෙ.ටො. ලක්‍ෂ 3 ක්‌ සඳහා රුපියල් මිලියන 900 කට ආසන්න කොමිස්‌ මුදල් හුවමාරු වන බව එම ක්‍ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනය කරන ව්‍යාපාරිකයෝ පවසති. අනෙක්‌ පැත්තෙන් පාන්පිටි පරිභෝජනය වැඩි කරන ප්‍රමාණයට සාපේක්‌ෂව ක්‍රමයෙන් වී වගාව විනාශ කිරීමේ උවමනාව ඉටුවේ. එය මූලික වශයෙන් පාන්පිටි සමාගමේ උවමනාවකි.

    පාන් පිටි ආනයනය වැඩිවන ප්‍රමාණයට සාපේක්‍ෂව වී වගාව අඩු නොකළහොත් කෘත්‍රිම වී අතිරික්‌තයක්‌ ඇති වී මිල පහත වැටීම මගින් බරපතළ දේශපාලන අර්බුදයක්‌ ඇතිවේ. මෙවර මහ කන්නයේ වැසි හි`ගවීම නිසා වගාව අසාර්ථක විය. එසේ මහකන්නයේ දී වී අස්‌වැන්න තවදුරටත් අඩු වීම නිසා වී මිල පහත වැටීමේ ගැටලුව පැන නැඟුණේ නැත. එය වී වගාව විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණය කරන පිරිස්‌වල සතුටට හේතුවක්‌ බවට සැකයක්‌ නැත. අප රටේ වී අස්‌වැන්න 2015 මහ කන්නය වන විට මෙ.ටො. මිලියන 5 ඉක්‌මවා යන තත්ත්වයකට ළඟාවිය. යුද්ධය අවසන් වීමෙන් පසුව වගාකළ භූමි ප්‍රමාණය වැඩිවීම සහ වී වගාව අධෛර්යමත් කිරීමේ දැනුම්වත් වැඩපිළිවෙළක්‌ නොතිබූ බැවින් එසේ ජාතික අස්‌වැන්න ඉහළ ගිය බව පිළිගත හැක. නමුත් පාන්පිටි සමාගමට දේශපාලන අර්බුදයකින් තොරව ආනයනය ඉහළ දැමීමට නම් වී අස්‌වැන්න ඊට සාපේක්‍ෂව අඩු කරගත යුතුය. වී වගාව විනාශ කිරීමට කුමන්ත්‍රණය කරන පිරිස්‌ ඉටු කරන්නේ පාන්පිටි සමාගමේ උවමනාව බව ඉතා පැහැදිලිව පෙනේ.

    රටක ධාන්‍ය අස්‌වැන්න වැඩිවීම එම රටට මහා ආශිර්වාදයකි. ඉන්දියාව වැනි රටක එවැනි ජයග්‍රහණ රටට නිවේදනය කරන්නේ අගමැතිවරයා විසිනි. නමුත් අප රටේ අස්‌වැන්න වැඩිවීම කුමන්ත්‍රණකාරී නිළධාරීන්ට මෙන්ම ගොවියාටද සාපයකි. එම තත්ත්වය තුළ පළමු වටයේ දී අඩු මිලට පාන්පිටි කෑමට ලැබෙන බැවින් නූගත් පාරිභෝගිකයාට එය ආශිර්වාදයක්‌ ලෙස පෙනේ. එහෙත් ඔහුටද අවසානයේදී එය සාපයක්‌ බවට පත්වේ. පාන්පිටි මිල අඩු මට්‌ටමක තිබියදී සහල් මිල ඉහළයාම සහ පාන්පිටි අධික පරිභෝජනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු නිසා පාරිභෝගිකයා අවසානයේදී දුකට පත්වේ. සහල් මිල ඉහළයාමේ වාසිය ද අවසානයේදී මහා පරිමාණ මෝල් හිමියන් සහ වෙළඳුන් විසින් ගසා කෑම නිසා ගොවියාට එම වාසිය ලැබෙන්නේ නැත.

    සහල් මිල ඉහළ යැමේ වාසිය කුඩා මෝල් හිමියාටද ලැබෙන්නේ නැත. මේ වන විට කුඩා පරිමාණ සහල් සහ සහල් පිටි මෝල් හිමියන් 50000 කට අධික පිරිසක්‌ තම ව්‍යාපාර අත්හැර ඇත. පාන් පිටිවලින් කෑම හැදිමේදී යම් පහසුවක්‌ ඇතිවීමට හේතුවන තත්ත්වය සහිත සහල් පිටි වර්ගයක්‌ නිදපවීම සඳහා ඉතා සුවිශේෂි සහල් පිටි කර්මාන්ත ශාලාවක්‌ සඳහා මහා පරිමාණයෙන් ආයෝජනය කළ තරුණ ව්‍යාපාරිකයෙක්‌ අද මහපාරට ඇද වැටී ඇත. සහල් මිල ඉහළ යැම නිසා ප්‍රමිතියෙන් යුතු සහල් පිටි නිපදවන්නාටද වෙළෙදපළ තුළ පැවතීම පහසු නැත. කෙසේ වෙතත් ඉහත ප්‍රශ්න මාලාව විසින් මතකළ ප්‍රධාන ප්‍රශ්නය වන වෙළඳපල තුළ සිදුකොට ඇති "පාන්පිටි මිල විකෘතිය" පමණක්‌ අධික පාන්පිටි පරිභෝජනයට හේතු වනවාද? යන්නට පිළිතුරු සැපයිය යුතුය. ඒ සඳහා ඉතා සරල ප්‍රශ්නයක්‌ම යොදාගත හැක. එනම් රු. මිලියන 17000 ක්‌ උඩ සාක්‌කුවේ දමාගත් පුද්ගලයකුට හෝ සමාගම් ලොක්‌කෙක්‌ට කළ නොහැක්‌කේ කුමක්‌ද? ඔහු විසින් මිලදීගත නොහැකි දේශපාලකයන් හෝ නිලධාරීන් සිටී නම් එය රටට අශිර්වාදයකි.

    එසේම යම් සමාගමක්‌ තමා ආනයනය කළ පරිභෝජන ද්‍රව්‍යවලට ඒ වන විට ගෙවිය යුතුව තිබූ බදු මුදල් ගෙවීම සඳහා පැමිණි විට "භාණ්‌ඩාගාරයට අවශ්‍ය තරම් මුදල් තිබේ. ඔබ බදු ගෙවන්න අවශ්‍ය නැහැ. ඒවා ඔබම තියාගන්න" යෑයි කියන දේශපාලකයින් හෝ නිලධාරීන් සිටියි නම් අප ඔවුන් වෙස්‌සන්තරලා ලෙස හඳුන්වනවාද? මෙම සමාගම විසින් පාන් පිටි තොග මිල ඉතා අඩු මට්‌ටමක තබා ගනිමින් විවිධ මිලට විවිධ පාන් වර්ග සහ කෙටි කෑම විකිණීම සඳහා බේකරි හිමියාට විශාල සහන ලබා දෙන බව සත්‍යයකි. ඔවුන් විසින් තිරිඟු පිටි තොග මිල විවිධ බේකරි හිමියන්ගේ පරිමාව අනුව වෙනස්‌ කෙරෙන බවද ප්‍රසිද්ධ රහසකි. එසේම සමාගම විසින් එසේ ඉහළ වෙළඳපොල වටිනාකමක්‌ ලබාදෙන බේකරි හිමියන් වෙළඳුන් සහ ඒවායේ ප්‍රධාන සේවකයන්ට විදේශ සංචාර ලබාදෙමින් ඔවුන් දිරිමත් කරන බවද රහසක්‌ නොවේ. පසුගිය වසරේ එසේ විදේශ සංචාරවලින් පිදුම් ලැබීමට වාසනාවන්ත වූ පිරිස 500 ක්‌ පමණ වූ බව වාර්තා විය.

    පාන්පිටි සමාගම විසින් පාන්පිටි මිල සහ පාන් ඇතුළු නිෂ්පාදනවල මිල අතර වෙළඳුන් දිරිමත් කරන මිල පරාසයක්‌ පවත්වාගෙන යන්නේ දේශියව ලැබෙන සහනාධාර පමණක්‌ භාවිතා කරමින් නොවේ. එම සමාගම විසින් රු. 38 කට තිරිඟු ඇට කි.ග්‍රෑම් එකක්‌ වරායෙන් ඇතුළට ගෙන එන්නේ දේශියව මිලියන 17000 ක සහනාධාරයක්‌ ලැබෙන නිසා පමණක්‌ නොවේ. බටහිර රටවල් තිරිඟු ගොවීන්ට අවම වශයෙන් 20% ක සහනාධාරයක්‌ ලබාදේ. ඒ අනුව ඔවුන්ට තොග මිල 20% කින් අඩු කළ හැක. බටහිර රටවල් තම ගොවීන්ට වසරකට ලබාදෙන සමස්‌ත සහනාධාරවල වටිනාකම ඇ.ඩොලර් බිලියන 300 හෙවත් මිලියන ලක්‍ෂ 3 ඉක්‌මවා යයි. බටහිර රටවල් සහනාධාර ලබාදී මිල අඩු කරන බැවින් අනිකුත් රටවල්වලටද එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට සිදුව ඇත. එසේ සහනාධාර ලබාදීමට අමතරව වෙනත් වෙළෙඳපොළ හේතු නිසාද ලෝක වෙළෙඳ පොළේ තිරිඟු මිල තවදුරටත් අඩු විය. උදාහරණයක්‌ ලෙස මෙ.ටො. එකක්‌ මිල ඩොලර් 500 සිට 350 දක්‌වා අඩුවිය. එම නිසා දෙපැත්තකින් ලැබෙන සහනාධාර යොදා ගනිමින් එම සමාගම මිල යුද්ධයක්‌ පමණක්‌ නොව ප්‍රචාරණ යුද්ධයක්‌ද දියත් කිරීමට සමත් වී ඇත. කුඩා පරිමාණ බේකරි හිමියන් පවා යොදා ගනිමින් දියත්කොට ඇති ප්‍රචාරණ යුද්ධයේ තරම ගොවි බිම් ඇතුළු ඈත ගම් දනව්වල සැරිසරන "චූන් පාන්" රථ වලින් මැනගත හැක. ඉතා කුඩා නගරවල පවා සවසට එවැනි රථ 10 - 15 ක්‌ දැකගත හැක.

    කෙසේ වෙතත් මහා පරිමාණ බහුජාතික සමාගමක්‌a සහ රජයක්‌ මැදිහත් වී සිදුකරන වෙළෙඳ පළ විකෘතිය සහ ඒ මගින් ලබාගන්නා මූල්‍ය "ලීවරය" තුළින් දියත් කරන ප්‍රචාරණ යුද්ධය නැවැත්විය හැක්‌කේ මිල විකෘතිය නිවැරැදි කිරීම මගින් පමණි. ඒ සඳහා පළමුව 2015 දී ලබාදුන් කි.ග්‍රැ. 1 කට රු. 10 ක්‌ වූ සහනාධාරය වහා අහෝසි කළ යුතුය. ඉන්පසුව දෙවනුව ලෝක වෙළඳපලේ මිල අඩුවීම මගින් ඇතිවන මිල විකෘතිය නිවැරැදි කිරීම සඳහා අවම වශයෙන් තවත් රු. 20 ක විශේෂ බද්දක්‌ පැනවිය යුතුය. සැබෑ ලෙසම වී වගාව සහ වී ගොවියා මෙන්ම රටේ දීර්ඝකාලීන ආහාර සුරක්‌ෂිතතාව රැකගත හැක්‌කේ එසේ බදු පැනවීම හරහා තිරිගු පිටි තොග මිල, සහල් පිටි තොග මිලට වඩා අවම වශයෙන් රු. 20 කින් ඉහළ දැමීම මගිනි. ගොවියා පමණක්‌ නොව කුඩා පරිමාණ සහල් පිටි සහ සහල් මෝල් හිමියන්ගේ කණගාටුදායක ඉරණම වෙනස්‌ කළ හැක්‌කේ ඒ මගින් පමණි. එවිට පාරිභෝගිකයා දුකට පත්වන බවට තර්කයක්‌ මතු විය හැක. නමුත් එම තර්කය ව්‍යාජ පුහු තර්කයක්‌ පමණි.

    පාරිභෝගිකයා තුළ තම ජාතික ආර්ථික වගකීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සංස්‌කෘතියක වටිනාකම පිළිබඳ ප්‍රබල මානසික බලපෑමක්‌ ඇතිකළ යුතුය. වෛද්‍ය සංගම් පවා ඊට මැදිහත් විය යුතුය. පළමුවෙන්ම රෝහල් රජයේ ආයතන සහ පාසල් සඳහා ආහාර ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීමට ඔවුන් මැදිහත් විය යුතුය. එහෙත් ජාතික ආර්ථිකය සහ ආහාර සුරක්‌ෂිතතාව මෙන්ම මහජන සෞඛ්‍ය අවශ්‍යතා සුරැකීම සඳහා පාන්පිටි පාරිභෝජනය සම්පූර්ණයෙන්ම නැවැත්වීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මෙ.ටො. ලක්‍ෂ 13 ක මට්‌ටමේ තිබූ පාන්පිටි පරිභෝජනය මෙ.ටො. ලක්‍ෂ 17 දක්‌වා වැඩිවීම වෙනුවට එය අඩුතරමේ ලක්‍ෂ 7 දක්‌වා අඩුකර ගැනීමය. එවිට එම ප්‍රමාණයට සාපේක්‍ෂව සහල් පරිභෝජනය ඉහළ දැමිය හැක. මුල් අවධියේ දී නිෂ්පාදන හිඟය පියවීම සඳහා පාන්පිටි වෙනුවට සහල් ආනයනය කළ හැක. පසුව නිෂ්පාදනය ඉහළ යැමට සාපේක්‍ෂව සහල් ආනයනය අඩුකළ හැක.

    ජාතික ආර්ථිකය, ආහාර සුරක්‍ෂිතතාව, ගොවියාගේ ඉරණම, මහජන සෞඛ්‍ය ආදී කුමන පැතිකඩකින් බැලුවද පාන්පිටි ආනයනය වෙනුවට සහල් ආනයනය ආදේශ කිරීම තර්කානුකූල වේ. පාන්පිටි ආනයනය මෙ.ටො. ලක්‌ෂ 7 දක්‌වා අඩුකළද, බදු වැඩි කිරීම මගින් හෙවත් මිල විකෘතිය අඩු කිරීම මගින් රු. මිලියන 21000 ක ආදායමක්‌ රජයට ලැබේ. එම මුදලින් අඩු ආදායම්ලාභින්ට සහ වතුකරයේ පාන්පිටි සංස්‌කෘතියට ඇබ්බැහි වී සිටින ජනතාවට ඉතා පහසුවෙන් සහන ලබාදිය හැක. එම අරමුදලින් කොටසක්‌ යොදවා බේකරි හිමියන් අතර සහල් පිටි මිශ්‍ර ආහාර ප්‍රචලිත කිරීම සහ පාරිභෝගික අධ්‍යාපනය සඳහා වැඩසටහන් දියත් කළ හැක. නමුත් ඊට එරෙහිව පවතින ප්‍රධාන බාධකය වන්නේ පාරිභෝගික විරෝධයට වඩා පාන්පිටි සමාගමෙන් වාසි ලබාගන්නා නිලධාරීන්ගේ සහ දේශපාලකයන්ගේ විරෝධය බවට විවාදයක්‌ නැත. නමුත් ඒ සියල්ලට වඩා යම් නිලධාරීන් සහ දේශපාලකයන් පිරිසකගේ හි`ගන මානසිකත්වය ප්‍රබල බාධාවක්‌ විය හැක. ඔවුන් ටයිකෝට්‌ ඇන්දත් ඔවුන්ගේ එම දුප්පත් මානසිකත්වය වෙනස්‌ කිරීම පහසු නැත. ණය ගෙවා ගැනීමට නොහැකි නිසා හම්බන්තොට වරාය විකිණීමට සැරසෙන මෙම පිරිස්‌ වසරක ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 95 ට වඩා වැඩි මුදලක්‌ එනම් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 110 ක පමණ සහනාධාරයක්‌ පාන්පිටි සමාගමට ලබාදේ. ඒ අනුව මහජනයා දැන් සොයාගත යුත්තේ තමා සිනාසිය යුත්තේ හෝ හැඬිය යුත්තේ කුමන මුඛයෙන්ද යන්න නොවේද?

    දැන් "අලි මදිවට හරක්‌" කීවා සේ වී ගොවියාගේ අර්බුදය කිරි ගොවියා දක්‌වා පුළුල් කිරීමට ආණ්‌ඩුව කටයුතුකොට ඇත. ඇත්ත වශයෙන්ම වී ගොවියාගේ ප්‍රශ්නය සහ කිරි ගොවියාගේ ප්‍රශ්නය යනුවෙන් ප්‍රශ්න දෙකක්‌ නැත. ශ්‍රී ලංකාවේ ගොවියන්ගෙන් 75% ක්‌ සතුව ඇත්තේ අක්‌කර 2 කට වඩා අඩු වගාභූමි ප්‍රමාණයකි. එම නිසා ඔවුන්ගේ ආදායම් මට්‌ටම් වැඩි කිරීමේදී භූමිය නම් වූ සාධකය තීරණාත්මක බාධාවක්‌ බවට පත්වේ. එය අතික්‍රමණය කළ හැක්‌කේ භෝග වගාව සම`ග කිරි ගොවිතැන විධිමත්ව ඒකාබද්ධ කිරීමෙනි. එනම් ලක්‍ෂ 8 ක්‌ පමණ වන භෝග වගාවෙන් ජීවත්වන ගොවි පවුල් සියල්ල කිරි ගොවි පවුල් බවටද පත්විය යුතුය. ඒ මගින් එම ගොවි පවුල්වල ආහාර සුරක්‍ෂිත තාවයට පිටිවහලක්‌ ලැබෙන අතර ඔවුන්ගේ වගා ක්‍රමවලද යහපත් වෙනස්‌කම් සිදුකළ හැක. උදාහරණයක්‌ ලෙස වස විෂවලින් තොර ගෙවතු වගා සහ අනෙකුත් ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීම සඳහා කිරි ගොවිතැන මගින් මහත් පිටුවහලක්‌ ලැබේ. නමුත් යහපාලන ආණ්‌ඩුවේ බදු ප්‍රතිපත්ති ඊට එරෙහිව පවතින ප්‍රධාන බාධකය බවට පත් වී ඇත.

    වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර​
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    samahara welawata dostaralath okkoma dannawa wage liyanawa.
    waga karanna wassa ne. minissu waga karanna newei bonnawath watura ne.
    piti rupiyalayi kiwwath bath uyala kana minissu inne gambada.
    mona sankalpa awath kriyathmaka wenne minissunge matheta. matha hadanna colombo loku hotal wala function thiyala bea.
    halpiti aniwarya karanna ko hal. :D
     
    • Like
    Reactions: gayankuwait