පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තැබේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලිබියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තැබේ




    ලිබියාවේ ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තබා තිබේ.

    ඒ අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාමට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදීය.

    ලිබියානු ජනතාව එරට ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලා ප්‍රහාර එල්ල කර තිබුණි.

    පසුව ඔවුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලා එහි කොටසකට ගිනි තබා තිබුණි.

    මේ වනවිට එම විරෝධතා ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ද පැවැත්වෙයි.

    ඔවුන් බලකර සිටින්නේ වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවටය.

    ලිබියානු අන්තර්වාර රජයේ ප්‍රධානියා මෙම විරෝධතාවන්ට සහාය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    කලින් සිද්දිය ගැන දැනගෙන හිටියා නිසා හොදයි. නැතිනම් ලංකාවේ පාර්ලිමේන්තුව ගිනි තිබ්බා කියලා රැවටෙනවා.