පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස 200 ක නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස ඇමතිවරයා ලෙස ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මෙම යෝජනාවට අනුව වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීමට නියමිත අතර මාදිවෙල පිහිටි මන්ත්‍රී නිළ නිවාස භූමියේ තවත් නිවාස 200 ක් ඉදිකිරීමටද නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබාගෙන නොමැති හෙයින් අදාල යෝජනාව සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැත. ඒ අනුව ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශද ලබාගෙන යෝජනාව සංශෝධනය කර ඉදිරිපත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේදීද සාකච්ඡා කර තිබෙනවා. එහිදීද තීරණය වී තිබෙන්නේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශද ලබාගෙන නව සංශෝධනයක් ඉදිරිපත් කළ හැකි බවයි.