පාලි භාෂාව යළි පාසැල් විෂයට
පාලි භාෂාව යළි පාසැල් විෂයට
පාලි භාෂාව නැවතත් පාසැල් වල උගැන්වීම ට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු සම්පාදනය කරමින් සිටින බවට ලැබෙන ආරංචිය ඉතාම සතුටට කාරණයකි. වටිනාකම මෙතරම් යැයි කීමට බැරි ක්‍රියාවකට අධ්‍යාපන ඇමතිතුමා මුළ පුරයි. මෑතක දී ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්ත රජය පාසැල් හා විශ්ව විද්‍යාලයන් හි සංස්කෘත භාෂාව දෙවැනි භාෂාව කළේ ය. මෙය ඊට සමාන ක්‍රියාවකි.
ථෙරවාදී බුදු සසුනට අයත් සියලූම සුත්‍රයන් සහ ධර්ම ග්රන්ථ ලියවි තියෙන්නේ පාලි භාෂාවෙනි. එමෙන්ම සිංහල භාෂාවේ මුළ සොයා ගියෙත් පාලි භාෂාව සිංහලයට මුල් වි ඇති හැටි පෙනේ. පාලි භාෂාව ඉගෙණිම නොකර බෞද්ධ ධර්ම සුත්‍ර ගැන නිවැරදි දැනීමක් ඇතිකර ගැනීමට නොහැක. බෞද්ධ සුත්‍ර නිවැරදිව වටහා ගැනීම සදහා පාලි දැනුම අවශ්‍යම දෙයකි. එමෙන්ම සිංහල භාෂාවේ වියතෙක්වීම සදහාත් පාලිය උවමනා කෙරේ. පාලි හා සිංහලය යනු හා ගස හා පොත්ත සේ බැදි සිටි. එමනිසා බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ මෙම ක්‍රියාව ජාතිය දැනුවත් කිරිමේ හා උසස් කිරීමේ ක්‍රියාවකි.
පාලි භාෂාව කාලයක්ම ලංකාවේ බොහොමයක් පාසැල් හි උගන්වනු ලැබූ විෂයකි. පාලි භාෂාව ඉගෙණිමකර එම භාෂාවෙන් උපාධිය පවා සමත් වු පිරිසක් සිටිති. පාලි භාෂාවට කණකොකා හැඩුයේ කලා උපාධිකාරයා ලංකාවේ කිසිම දේකට නුසුදුස්සෙක් වු පසුවය. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළ අයි එම් ආර් ඒ ඊරියගොල්ල විශ්ව විද්‍යාලයේ කලා සිසුන් සමග ඇතිකරගත් ක්‍රෝධයක් පිරිමසාගත්තේ කලා උපාධිධාරින් ට හැකි තරම් හිරිහැර කිරිමේ ප්‍රතිපත්තියක් අනුගමණය කරමිනි. දැන් මෙන් ව්‍යාපාර හෝ තාක්ෂණය නොතිබුණ ඒ කාලයේ ශ්‍රී ලංකාවේ ගැමි තරුණයෙතුට පිටරටකට යනවා තියා ගමන් බලපත්‍රයක් ලබාගැනිමත් ඉතාම දුෂ්කර කාරණයක් වුනි. මේ නිසා කලා උපාධි ලබාගත් ගත් ගැමි තරුණ තරුණියන් විශාල පිරිසකගේ ජීවිත නාස්ති වුනි. මේ සමගම පාලි ඉගෙණිම නැවතුනි. පාලි ඉගැන්විම පාසැල්වලින් ද ඉවත්් වුනි. පිරිවෙන් වල ඉගෙණ ගන්නා භික්ෂුණ් පවා පාලිය අතහැර ආර්ථික විද්‍යාව දර්ශනය වැනි විෂයන් ඉගණෙීමට පටන් ගත්හ.
පාලි භාෂාව නැතිකර දමා සිංහලයන්ගේ භාෂා ඥානය කප්පදු කිරිමට එදා එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේ ය. සිරිමාවෝ මෙන්ම චන්ද්‍රිකා ආණ්ඩු කාලවලදි සිදුවුයේ ඒ විනාශය තව තවත් වල පල්ලට යෑම පමණකි. මේ මවට සහ දුවට ජාතික සංස්කෘතිය ගොඩනැගීම ගැන අබමල් රේණුවක හෝ උවමනාවක් හෝ දැනුමක් නොතිබුණි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන කාලයේදී ඒ පිරිහුණු තත්වයෙන් රට ගොඩ එයි. පාලි භාෂාව පැසැල් විෂයට ඇතුල්කිරිමට අධ්‍යාපන ඇමතිවරයා තීරණය කිරිම රටේ ඇතිවන සංස්කෘතික නවෝදයේ ලකුණකි.