පාවිච්චි කළ බයික් එකක් මිලදී ගන්නකොට

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    පාවිච්චි කළ බයික් එකක් මිලදී ගන්නකොට කොහොමද ඒක කරන්නෙ. (නීත්‍යානුකූල ක්‍රමය)
    අපි හිතමු හොඳ බයික් එකක් හොයාගත්තා කියලා. එක ගන්නෙ කොහොමද? අත්තිකාරමක් දෙනවනම් කොහොමද කරන්නෙ. ලීසින් එකක් දානවානම් එක කොහොමද කරන්නෙ.
    තව වැදගත් දේවල් කියන්න

    දැනුමක් නෑ ඒ ගැන
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    • Like
    Reactions: NRTG and hodakolla

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මෙහෙමයි මචං.... Transfer papers කිව්වට ඒක කොළ 6 ක වගේ පොතක්...

    එකේ තියෙනව පවරන්නාගේ පිටපත සහ පවරන්න විසින් මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත යැවීය යුතු පිටපත කියලා කොළ දෙකක්. ඒ දෙක දැන් අයිතිකාරයා පුරවලා එයා ගාව තියා ගන්න ඕනේ. එක කොළයක් RMV යවන්න ඕනේ...

    ආයේ තව කොළ දෙකක් තියෙනව පැවරුම්ලාභියාගේ පිටපත සහ පැවරුම්ලාභියා විසින් මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත යැවිය යුතු පිටපත කියලා. ඒකෙන් ඔයාගෙ පිටපත ඔයා ගාව තියාගෙන අනෙක් කොලේයි, තව registration එකට අදාල කොළ දෙකයි ඔක්කොම කොළ 3 යි. ඒවා RMV අරන් යන්න ඕනේ transfer එකට....

    මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ.. ඒ නිසා ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් transfer papers set එකක් ගන්න.. ඒකෙ තියෙනව උපදෙස් එක්ක කරන්න ඕනේ විදිය.... මහ ලොකු දෙයක් නෑ...

    හැබැයි දැන් අයිතිකාරයාගේ තොරතුරු අත්සන් දින හරියටම දාලා ඉල්ලා ගන්න..... නැත්නම් ලෝක වධයක් වෙනවා....