පාසල් අරිනවා...සූදානම් වන්න...

dxx

Well-known member
  • Dec 26, 2011
    11,804
    10,513
    113

    COLOMBO (News 1st) : සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සැලසුම් කළ පරිදි පාසල් යළි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.​

    ඒ අනුව බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වනදා සිට විවෘත කෙරෙනු ඇති.

    තවද ඊයේ දිනයේ නිවේදනය කෙරුණේ, හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි 25 වනදා සිට විවෘත කරන බවයි.

    නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කර සිටින්නේ, පවතින කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ මාර්ගෝපදේශයන්ට අනුකූලව පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි.

    ඒ අනුව ආරම්භ කිරීමට පෙර පාසලේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම, ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගැනීම සඳහා විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසුන්, දෙමව්පියන් සහ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සාමාජිකයින් ඇතුළු සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළ යුතු වේ.

    කොවිඞ් -19 වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබාදෙන උපදෙස්

    පාසල් ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඒ ඒ පාර්ශ්ව වෙනුවෙන් නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහයේ ඇතුළත් කරුණු පහත පරිදි වේ.

    විදුහල්පතිවරුන් සඳහා උපදෙස් (පාසල් ආරම්භ කිරීම සඳහා පෙර සූදානම) : –​

    ● 2021 ජනවාරි මස 06, 07 , 08, 09 සහ 10 යන දිනවල දී සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට යටත්ව සීමිත දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය සංගම් සාමාජික පිරිසක් සහභාගි කර ගනිමින් පාසල ඇරඹීම සඳහා පූර්ව සූදානම් කිරීමේ කටයුතු සිදු කිරීම.

    ● එම කටයුතු පිළිබඳ පාසල් ප්‍රජාවගේ අදහස් ,යෝජනා ලබාගෙන අවශ්‍ය සංශෝධන ඉටු කිරීම.

    ● කොවිඞ් -19 වසංගත තත්ත්වය යටතේ පාසල් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , මහජන සෞඛ්‍ය පරීක්ෂක සමග එක්ව අවශ්‍ය කටයුතු කිරීම.

    ● චක්‍රලේඛ අංක 15/2020 කොවිඞ්-19 පැතිරීම වැළැක්වීම සඳහා පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම පිළිබඳ චක්‍රලේඛය අනුගමනය කරමින් කටයුතු කිරීම.

    ●පාසල ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂිත බව පවත්වාගෙන යාම

    ● පාසලට පැමිණෙන සිසුන් සුහදව පිළිගැනීම තුළින් පවතින අභියෝගයට මුහුණ දීමට ශක්තිය ලබා දීම.

    ● පාසලට සිසුන් පැමිණීමේ දී , පාසල තුළ දී, හා පාසලෙන් පිටව යන අතරමග මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, ප්‍රාථමික අංශයේ දරුවන්ට අපහසු නම් දුරස්ථභාවය ආරක්ෂා වන අවස්ථාවල මුව ආවරණ ලිහිල් කිරීමට අවස්ථාව ලබා දීම සහ මුහුණු ආවරණ පැළඳීමට අවස්ථාව ලබා දීම.

    ● පාසලට ඇතුළුවීමේ දී සියලුම සිසුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සහ අවශ්‍ය අවස්ථාවක දී නැවත පන්ති කාමර තුළ දී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම.

    ● සිසුන් පාසලට ඇතුළුවීමේ දී දෑත් සේදීම අනිවාර්ය කිරීම හා එය නිවැරදිව සිදුවන්නේදැයි දිනපතා පරීක්ෂා කිරීම.

    ● සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම .

    ● සිසුන් එක්රැස් වීම වැළැක්වීම සඳහා පන්ති මට්ටමින් අවශ්‍ය පරිදි විවේක කාලය සකස් කර ගැනීම.

    ● නිවසෙන් රැගෙන එන ආහාර, ජලය හා උපකරණ හුවමාරු කර ගැනීම වැළැක්වීම. ● එකිනෙකා ස්පර්ශ වන ආකාරයේ අවදානම් සහගත ක්‍රීඩාවන්හි යෙදීම වැළැක්වීම හා ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් දුරස්ථභාවය පවත්වාගනිමින් සිදු කිරීම.

    ● හදිසි අවස්ථාවක දී ඇමතීම සඳහා අවශ්‍ය දුරකථන අංක සහ තොරතුරු රැස්කර තම කාර්යාලයේ ප්‍රදර්ශනය කිරීම හා ඒ පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම.

    ● හදිසියේ පාසලේ රෝගී අයෙකු වාර්තා වූ අවස්ථාවක දී රෝගියා ගිලන් කාමරයේ රඳවා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් අනුව කටයුතු කිරීම.

    ● විදුහල්පතිගේ ප්‍රධානත්වයෙන් පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව සක්‍රීයව පවත්වාගෙන යාම තුළින් කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම සහ කාර්ය මණ්ඩලයට වගකීම් පැවරීම.

    ● පාසල සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම හා දෙමාපියන් ඇතුළු පාසල් ප්‍රජාව අතර එම විශ්වාසය තහවුරු කිරීම.

    ● පාසල ආරම්භ කිරීමට පෙර සූදානම සහ ආරම්භ කළ පසු සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ පිරික්සුම් ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම.

    ● දරුවන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම.

    ● උණ, ශ්වසන රෝග ලක්ෂණ සහිත දරුවන් , නිරෝධායනය කළ පවුල්වල දරුවන් , කොවිඩ් රෝග පරීක්ෂණ සිදුකළ පවුල්වල දරුවන් සෞඛ්‍ය උපදෙස් ලැබෙන තුරු පාසලට එවීමෙන් වළකින ලෙස දෙමාපියන් දැනුවත් කිරීම.

    ● කොවිඩ් – 19 වෛරසය සම්බන්ධ කුමන හෝ තත්ත්වයක් නිසා නිවසේ රැඳෙන දරුවන් සඳහා එදිනෙදා අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට සහය වීම.​

    දෙමාපියන් සඳහා උපදෙස් : –

    ★ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ තිබේනම් තම දරුවන් පාසලට එවීමෙන් වැළකී සිටීම.

    ★ නිවසේ සාමාජිකයකු නිරෝධායනය කර ඇත්නම් තම දරුවන් පාසලට එවීමෙන් වැළකී සිටීම.

    ★ පවුලේ සාමාජිකයකුගේ හෝ දරුවන්ගේ PCR පරික්ෂණ, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකර ඇත්නම් එම වාර්තාව අනුව සෞඛ්‍ය උපදෙස් ලැබෙනතුරු දරුවන් පාසලට එවීමෙන් වැළකී සිටීම.

    ★ හුදකලා කරන ලද ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශවල පිහිටි පාසල් වෙත දරුවන් එවීමෙන් වැළකී සිටීම.

    ★ තම දරුවා භාවිත කරනු ලබන උපකරණ (පාසල් බෑගය/වතුර බෝතල්/කෑම පෙට්ටිය/පොත්පත් ආදිය) පිරිසිදු කිරීම හෝ අව්වේ දමා වේලා ගැනීම.

    ★ දිනපතා දරුවාගේ ඇඳුම් සහ සපත්තු පිරිසිදු කිරීම.

    ★ පාසල් ගොස් පැමිණි විට දරුවාගේ අත් සේදීම හා දරුවා පිරිසිදු කිරීම.

    ★ පාසලේ සිට නිවසට පැමිණි පසු සපත්තු පිටත ගලවා පැමිණීම.

    ★ භාවිත කර ඉවත දමන මුව ආවරණ ගිනි තබා විනාශ කිරීම.

    ★ කිවිසින විට භාවිත කළ ටිෂූ කඩදාසි ආවරණය කළ භාජනයකට දමා එකතුකර පුළුස්සා දැමීම.

    ★ නිවසේ දී පිළියෙල කර ගත් ආහාරපාන පමණක් දරුවාට ලබා දිය යුතු අතර, සැමවිටම දරුවා පරිහරණය කරන ද්‍රව්‍ය, පෞද්ගලිකව පරිහරණය කිරීමට උපදෙස් ලබා දීම .

    ★ පාසල නිම වූ විගස තම දරුවන්ට නිවෙස් කරා ඒමට උපදෙස් ලබා දීම, රැගෙන යාම.

    ★ පාසලට පැමිණීමේ දී හා නිවෙස් කරා යාමේ දී යොදා ගනු ලබන පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන මාධ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව භාවිත කිරීමට තම දරුවන්ට උපදෙස් ලබා දීම.

    ★ තම ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳ විදුහල්පති දැනුවත් කිරීම මගින් පාසලට සිදුවිය හැකි අනිසි බලපෑම අවම කර ගැනීම සඳහා සහය වීම.

    සිසුන් සඳහා උපදෙස් : –​

    ★ පාසල් පරිශ්‍රයට පිවිසීමේ දී සබන් ගා අත් සේදීම සහ පාවහන් විෂබීජහරණයට ලක් කිරීම.

    ★ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කිරීම.

    ★ පොත්පත්, පෑන් ආදිය හවුලේ භාවිතයෙන් වැළකීම.
    ★ පාසල් කාලය තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පැළඳීම හා අමතර මුව ආවරණ පොත් බෑගයේ තබා ගැනීම.
    ★ විෂබීජ නාශක දියර රැගෙන ඒම හා අවශ්‍ය අවස්ථාවල දී භාවිත කිරීම.

    ★ පාසලේ දී මුව ආවරණ වැඩි වේලාවක් පැළඳිය නොහැකි, අපහසුතා සහිත සිසුන් මුහුණු ආවරණ පලිහ භාවිත කිරීම.

    ★ ආහාර ගැනීමේ දී හෝ වෙනත් අවස්ථාවක මුව ආවරණය තාවකාලිකව ඉවත් කිරීමේ දී පිරිසිදු කවරයක බහා තැබීම හෝ ඇඳුමේ රඳවා ගැනීම.

    ★ මුව ආවරණය කිසිම අවස්ථාවක පොදු ස්ථානවල තැබීම සිදු නොකළ යුතු ය.

    ★ කැස්ස හා කිවිසීමක් ඇතිවන අවස්ථාවල දී වැලමිටෙන් මුව හා නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ භාවිත කිරීම සහ ඒවා නිසි පරිදි බැහැර කිරීම.

    ★ ආහාර ගැනීම සඳහා හෝ වෙනත් අවස්ථාවක මුව ආවරණය තාවකාලිකව ඉවත් කර නැවත පැළඳීමේ දී දෑත් හොඳින් පිරිසිදුකරගෙන නැවත පැළඳීම සහ අන් අයෙකුගේ මුව ආවරණය කිසිසේත්ම භාවිත නොකිරීම.

    ★ පන්ති කාමරයෙන් ඉවතට ගොස් නැවත පැමිණීමේ දී හෝ කුමන හෝ මතුපිට පෘෂ්ඨයක් ඇල්ලීමෙන් පසු දෑත් සේදීමට කටයුතු කිරීම.

    ★ ආහාර හා ජල බෝතල් හුවමාරු කර ගැනීමෙන් වැළකීම.

    ★ පාසල තුළ හා ඉන් පිටත කණ්ඩායම් වශයෙන් ඒකරාශි වී සිටීමෙන් වැළකීම.

    ★ පාසල නිමා වූ විගස නිවෙස් කරා යාමට කටයුතු කිරීම.

    ★ පාසලට පැමිණීමේ දී හා නිවෙස් කරා යාමේ දී යොදා ගනු ලබන පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන සේවාවන්හි දී සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම.

    ★ තමාට යම් අසනීප තත්ත්වයක්, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයක් පවතින්නේ නම් එම තත්ත්වය මගහැරෙනතුරු පාසලට නොපැමිණීම.

    ★ තම නිවසේ අයෙකු නිරෝධායනය කර ඇත්නම් හෝ කොවිඞ් 19 රෝගියෙකු ඇසුරුකර ඇත්නම් සෞඛ්‍ය උපදෙස් අනුව නැවත දැනුම් දෙනතුරු පාසල් නොපැමිණීම.

    ★ පාසලේ දී හෝ ඉන් බැහැර දී අනවශ්‍ය ලෙස මතුපිට පෘෂ්ඨ ඇල්ලීමෙන් වැළකීම.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    555
    877
    93
    Loading...
    elakiri.com
    mage podi ewun nam mama yawanne na
    මමත් ඔක වයිෆට කියලමයි තියෙන්නෙ.තව අවුරුද්දක් පලවෙනි වසරෙම හිටියත් කමක් නෑ යවන්නෙ නෑ කියලා.මේ පොඩි උන්ට මොන දුරස්ථභාවයද බන්.උන් බලන්නෙ එකතු උනොත් නටන්න.අනික 30 - 40කට ඉන්නෙ එකම ගුරුවරියක්.ඒ ගෑනිටත් දෝදු.ඉස්කෝලෙ ගිය මුල් කාලෙ කොල්ලා අඬාගෙන ගෙදර එන්නෙ.බලද්දි ඒ ගෑනි ගහනවා.ඉවසන් හිටියා ඉදලා බැරිම තැන ගිහින් ඇහුවා දවසක්.ඒකිට ටෙන්ෂන් එක නිසා ගහන්න ඇතිලු.හිතන්න එපාලු රිදෙන්න නෙවෙයිලු ගැහුවෙ.අම්මට හිකෙව්වා දාගන.එහෙම උන් ලගටනෙ ලමයි යවලා දුර්ස්ථභාවය තියවන්න හදන්නෙ.ට හිකෙන ලොජික් 🤣🖐️කොහොමින් හරි අවසානෙට රැස්පෙක්ට් ස :cool:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,169
    931
    113
    N/A
    චීනෙට දෙක උනා කියලා නිවිස් ගහලා ආතල් ගත්තා නේද?
    හැබැයි දවස් කීපයක් ඇතුළත කෙළ උන ගමන් ඒක මිනිස්සුන්ගේ වරද උනා නේද ?

    හරි ගියොත් ස ගෙ හපන් කම්
    කෙළ උනොත එක්කො වටේ ඉන්න උන් කරන්න දෙන්නෑ... නැත්තං මිනිස්සුන්ගෙ වැරැද්ද! :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,289
    7,294
    113
    ළමයින්ට නන් හැදිල හොදවෙයි. ඒත් අතුරු ආබාධ සෑහෙන්න තියෙන එක තමා ප්‍රශ්නෙ.

    හැබැයි ඒව එන්නෙ ඉස්සරහට නිසා මේ ආණ්ඩුවට ඒකෙන් ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,885
    8,773
    113
    Malabe
    මේක යකෝ පන්දර 5 ඉදන් මහ රෑ වෙනකන් තෙර්ඩ් දාන් බුරනව, උබට වෙන වැඩක් ඇත්තෙම නැද්ද යකෝ..
     
    • Haha
    Reactions: Tharaka_x

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,513
    113
    මේක යකෝ පන්දර 5 ඉදන් මහ රෑ වෙනකන් තෙර්ඩ් දාන් බුරනව, උබට වෙන වැඩක් ඇත්තෙම නැද්ද යකෝ..

    අපි හම්බුකරොත් අපි කනව හූම්..


    k2LbRcU.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,513
    113
    HAiyyoo........... colomboth open karandoo... munwa gedara thiyan indala epaa wenawa...
    අපරාදේ..කොරෝනා හදාගන්න තියෙන අාසාව ඉක්මණටම සඵල වෙයි..😂😂
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,968
    4,556
    113
    මේක යකෝ පන්දර 5 ඉදන් මහ රෑ වෙනකන් තෙර්ඩ් දාන් බුරනව, උබට වෙන වැඩක් ඇත්තෙම නැද්ද යකෝ..

    ඕක තමයි පොන්ස් කියන්නෙ Taste of your own medicine කියල.. ගූ ඇන් පී පාණ්ඩුව කාලෙ තෝයි අනිත් බයි පකයි ටිකත් මේකම තමයි කලේ.. දැන් ටොයි පකයි ටික ඒකම කරනව. එතකොට හරි අමාරුයි නේද හිතට ? ඒක තමා පොන්ස් කියන්නෙ දේසපාලුවන්ට කඩේ යන්නැතිව ඉන්න කියල.. කොහෙද ඉතින් අහනවයැයි.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    4,826
    1,654
    113
    Kandy
    අපරාදේ..කොරෝනා හදාගන්න තියෙන අාසාව ඉක්මණටම සඵල වෙයි..😂
    ගිය පාර ළමයි ඉස්කෝලෙ යද්දි ලංකාවෙ කොහේවත් කොරෝන තිබ්බෙ නෑ කියලද කියන්නෙ??
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,513
    113
    ගිය පාර ළමයි ඉස්කෝලෙ යද්දි ලංකාවෙ කොහේවත් කොරෝන තිබ්බෙ නෑ කියලද කියන්නෙ??

    ඉතිං අැයි අැරිය ගමන් බයේ වැහුවේ??😀😀