පාස්කු කොමිසමෙන් ඥානසාර හිමියන්ට අපරාධ චෝදනා

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    149120261_261177315516236_2277000713484450161_n.jpg

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වග උත්තරකරුවකු ලෙස නම් කර අපරාධ චෝදනා නැගීමට යෝජනා කර ඇත.

    2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින මෙරට ප්‍රධාන පෙළේ කතෝලික දේවස්තාන කීපයක් හා තරු පන්තියේ හෝටල් කීපයක් කේන්ද්‍ර කරගෙන එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබද විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂමේ අවසාන වාර්ථාවේ ඥානසාර හිමියන් පිළිබඳ මේ යෝජනාව අන්තර්ගත කර ඇත.

    අරුණ සහෝදර ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත වන මෝර්නිං පුවත්පතටම සුවිශේෂී පුවතක් ලෙස අද (12) මෙම පුවත් වාර්තා කර ඇති අතර මොර්නිං පුවත්පතට විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැන ගන්නට ලැබී ඇත්තේ ඥානසාර හිමියන්ට සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් සිදු කර ඇත්තේ 2014 වසරේදී අලුත්ගම හා බේරුවල ජාතීන් අතර අසමගිය ඇතිවන පරිදි කටයුතු කිරීම යන චෝදනාව යටතේයි. 2014 ජූනි 15ත් 17ත් අතර කාලයේදී කලුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරය යන ස්තානවලදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරවලින් ආසන්න වශයෙන් සිව් දෙනකු මිය ගොස් 80 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර දේපල විනාශයන්ද සිදු වී ඇති බව මෙහි සඳහාන් වේ.

    ආගමික හා ජාතිවාදී මත පතුරවමින් රට තුළ අසහනාකාරී තත්ත්වයන් ඇති කළ පුද්ගලයින් ගැන විමර්ෂණය කිරීමට පත් කළ කොමිසමට ලැබුණු නිල නියෝගවලට අනුව සිදු කළ පරීක්ෂණ වල ප්‍රතිපළ ලෙස ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා නැගීමට යෝජනා ඉදිරිපත් වී ඇත.

    මේ සම්බන්ධයෙන් විමසීමට අප ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇමැතූ අවසථාවේදී උන් වහන්සේ සදහන් කර සිටියේ මේ පිළිබඳ උන්වහන්සේ දැන ගත්තේද අද උදෑසන මෝර්නිං පුවත්පතෙන් බවයි. මෙම වාර්ථාව උන්වහන්සේ නොදුටු බවත් වාර්තාව ගෙන්වා ගෙන එහි සඳහන් වන්නේ කුමක්ද යන්න පිළිබඳ විමර්ශනය කර වහාම පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බවද උන්වහන්සේ සඳහාන් කළේය. අලුත්ගම හා බේරුවල ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් උන්වහන්සේ සිර දඩුවම් වින්ද බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහාන් කළේය.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    View attachment 112808

    එතකොට හිරේ නේමේද හිටියේ ඒකාලේ🤔🤔🤔
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය අනික් කෙනා..සිවුරක් දාගෙන රාජපක්ෂගෙ කුලී වැඩ කරනවා බොරුවට රට ජාතිය බේරගන්න කිය කිය.තනිකරම රාජපක්ෂගෙ ඉත්තෙක්.ජන්දෙ කාලෙ ලං වෙනකොට තමා ඵළි බහින්නෙ..අපේ උන්ටත් පොඩ්ඩක් සද්දෙන් කථා කරොත් අැතිනේ.😆😆
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔය අනික් කෙනා..සිවුරක් දාගෙන රාජපක්ෂගෙ කුලී වැඩ කරනවා බොරුවට රට ජාතිය බේරගන්න කිය කිය.තනිකරම රාජපක්ෂගෙ ඉත්තෙක්.ජන්දෙ කාලෙ ලං වෙනකොට තමා ඵළි බහින්නෙ..අපේ උන්ටත් පොඩ්ඩක් සද්දෙන් කථා කරොත් අැතිනේ.😆😆
    එහෙම බලාගෙන ගියාම හැමෝම ඉත්තෝ තමයි බන්, උන්වහන්සේ කියලා තියෙන බොහෝ දේ නම් සත්‍ය කියල හැගෙනවා.