පාස්කු ප්‍රහාරයේ නඩුව කාලා දාන්න එපා ! - නීත&a
පරිවේශනීය සාක්ෂි මත ඉතාම පැහැදිලිව ගොඩ නංවා ඇති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ නඩුව හුදෙක් දේශපාලන වුවමනාවන් මත විනාශයට පත් නොකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තරයේ අවවාද කර ඇතැයි වාර්තා වේ.
මඩකළපු, සියෝන් දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා අත් අඩංගුවට ගත් බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ මහත් ප්‍රචාරණයක් ලබාදුන් අතර නීතිපති දෙපාර්තමේන්තුව මේ පිළිබඳ කළ විමසීමකදී ඔවුන්ට දැනගන්නට ලැබී ඇත්තේ එසේ අත් අඩංගුවට ගෙන තිබෙන්නේ අලුතින් සොයාගත් පුද්ගලයකු නොව දැනටමත් මෙම නඩුවෙහි රජයේ සාක්ෂිකරුවකු ලෙස යොදවාගෙන සිටින පුද්ගලයකු බවයි.
එල්ටීටීඊ සංවිධානය විසින් එල්ල කළ මරාගෙන මැරෙන ප්රහාරවලදී බෝම්බකරු අදාළ ඉලක්කය වෙතගොස් පුපුරුවා ගන්නා තුරුම ළඟ රැඳී සිටිමින් ප්‍රහාරය මෙහෙයවීමට නායකයින් යොදවා තිබුණ ද තව්හිද් ජමාත් සංවිධානයේ එවන් මෙහෙයවන්නන් සිට නොමැති බව ද මීට පෙරම අනාවරණය වී තිබී ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා පවත්වා ඇත්තේ හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් එය මහමැතිවරණය ආසන්නයේ ආණ්ඩුවේ ප්‍රචාරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහාත් රවී කරුණානායක මහතාව සතියක් තිස්සේම සොයාගැනීමට නොහැකි වීමෙන් CIDය ලද අපකීර්තිය මකා ගැනීම සඳහාත් සිදුකළ එකක් බවත් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පෙන්වා දී ඇති බව සඳහන්.
විශේෂයෙන්ම මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වශයෙන් සහරාන් හෂීම්ගේ බිරිඳ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර දින තුනක් තිස්සේ ලබාදුන් එම ප්‍රකාශයෙන් ඇය සහරාන්ගේ දුරකථන ඇමතුම් ඇසුරෙන් එම කල්ලියේ සියලුම රහස් හෙළිකර තිබේ. අවශ්‍ය අනෙකුත් පුද්ගලයින්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන පසුගිය වසරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය අවසන් කර තිබුණු අතර ඉතිරිව තිබුණේ අධිචෝදනා ගොනු කිරීමට පමණි.
එවන් තත්වයක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා විසින් මේ කරමින් සිටින්නේ කුමක්දැයි නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කර ඇති අතර පරිවේශනීය සාක්ෂි මත මෙතරම් ක්‍රමානුකූලව ගොඩනංවා ඇති නඩුව හුදෙක් දේශපාලන වුවමනාවන් මත "කාලා විනාශ කරන්න එපා !" යනුවෙන්ම දැඩි අවවාද කිරීමක් ද සිදුකර ඇත.
ඔවුන් වැඩිදුරටත් CIDයේ නව නිලධාරීන්ට සිහිපත් කර ඇත්තේ මෑත ඉතිහාසයෙහි අන්තර්ජාතික පොලිස් සහයෝගීතාව සම්බන්ධයෙන් පරමාදර්ශී විමර්ශනයක් ලෙස මෙම විමර්ශනය ඉන්ටර්පෝල් ආයතනයේ පවා ප්‍රශංසාවට ලක්වූ බවයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා ලොව හොඳම රහස් ඔත්තු සේවාවන් 6ක නිලධාරී කණ්ඩායම්වල සහාය ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබී තිබිණි. එම විමර්ශනය සිදුකළ විශිෂ්ඨ ආකාරය පිළිබඳ කරුණු දැක්වීම සඳහා පසුගිය වසර අවසානයේ පැවති ජාත්‍යන්තර පොලිස් සමුළුවේදී එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට විනාඩි 25ක කාලයක් ලබාදී තිබුණේ සාමාන්‍යයෙන් එක් රටක පොලිස් ප්‍රධානියකු වෙනුවෙන් විනාඩි තුනක් පමණක් ලබාදී තිබුණු පසුබිමක් යටතේය. එය ඉහළම ඇගයීමකි.
එසේ අපරාධ පරීක්ෂණය පිළිබඳ දන්නා නිලධාරීන් විසින් ක්‍රමවත්ව සිදුකර අවසන් කර චෝදනා ගොනුකිරීමට පමණක් ඉතිරිව පැවති නඩුව අපරාධ පරීක්ෂණය පිළිබඳ කිසිවක් නොදන්නා, හිටපු ප්‍රභූ ආරක්ෂක නිලධාරියකු වන ඩබ්ලිව්. තිලකරත්න මහතා ඇතුළු නව CID කණ්ඩායම විසින් දේශපාලන සූදුවක් බවට පෙරළාගතහොත් එහි අවසන් ප්‍රතිඵලය වශයෙන් නඩුවම බිඳවැටී සැකකරුවන් නිදහස් වන තත්වයක් පවා උද්ගත විය හැකි බවත් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
Source

Last edited: