පාස්කු-වාර්තාව

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    පාස්කු-වාර්තාව

    පාස්කු ප්‍රහාරය සෙවූ වාර්තාව අද ජනපති අතට!

    Sri-Lanka.jpg


    පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (19) භාරදීමට නියමිතයි. හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉකුත් සැප්තැම්බර් 22 වැනිදා මෙම කොමිෂන් සභාව පත් කළා.

    මාස 03 කට ආසන්න කාලයක් පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ ඔවුන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ඉකුත් 06 වැනිදා සහ 07 වැනිදා මෙම කොමිෂන් සභාව හමුවේ ප‍්‍රකාශ ලබාදුන්නා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ද ඔවුන් ප‍්‍රකාශ ලබා ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

    මහජන පැමිණිලි ද 65 කට වැඩි සංඛ්‍යාවක් මෙම කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා.

    කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වායි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ‍්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්. එම්. ආර්. අධිකාරී එහි සෙසු සාමාජිකයින් වනවා.



    4713e95052bb3358848059772c9976bf938b0ae9.png