පාස්කු_ඉරිදා_ප්‍රහාරය_behind_story

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඒත් රට පුරාම නෙලුම් මානෙල් හම්බවුණ එකයි මේ සිද්ධිය යි ගලපන්නෙ කොහොමද ...සහරාන් ඒ සංවිධානය කඩාගෙන ගිහින් වෙනම පාරක ගියානම් උගේ පාරෙ යන්න තව සෑහෙන පිරිසක් ඉඳල තියෙනවනෙ...
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Are you trying to say that the warning of 13th May Monday blast will not happen ? :confused:
    පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සම්පූර්ණ කතාව

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මුල් සැලසුම වී ඇත්තේ පළාත් නවයම ලේ විලක් කරන්නටය. එය ව්‍යර්ථ වන්නේ අභ්‍යන්තර මත ගැටුමක් හේතුවෙන් සහරාන්ගේ අන්තවාදී කල්ලිය දෙකඩ වීමෙනි. එහිදී එක් පාර්ශ්වයක් අලුත් නායකයෙකු පත් කරගන්නේ සහරාන්ගේ නායකත්වය පිළිනොගනිමිනි. එම නායකත්වට වටා රොක්වූවන් අතර මරාගෙන මැරෙන්නට සූදානමින් සිටියවුන් හය හත්දෙනෙක්ම සිටියහ. සැලසුම් කරගත් ලෙස රට පුරාම බොම්බ පුපුරවාහරින්නට සහරාන්ට නොහැකි වන්නේ එබැවිනි. එම නායකයාද දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

    පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් කර ඇති විමර්ශනවලින් ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන්ගේත් ඔවුන්ට සම්බන්ධකම් ඇති අය ගැනත් බොහෝ තොරතුරු හෙළි කරගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව හමාරය. ඒ අය අතර සහරාන්ට සිය සංවිධානය වර්ධනය කරන්නට දේශිය මෙන්ම විදේශිය වශයෙන් අරමුදල් සපයන ලද පුද්ගලයන් මෙන්ම රටවල් ගැනද තොරතුරු බොහෝය. දේශිය වශයෙන් සහරාන්ට අරමුදල් සපයා ඇත්තේ ව්‍යාපාරිකයෝ පිරිසකි. එම ව්‍යපාරිකයන් අතර දෙමටගොඩ ඊබ්‍රාහීම් පවුල සිටින්නේ ඉහළින්මය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සූදානමින් සිටි අන්තවාදීන් රැසක්ම දැන් සිටින්නේ අත්අඩංගුවේය. කාතන්කුඩියෙන් පමණක් මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

    ඒ අය පුහුණුව ලබා ඇතැයි සඳහන් වන්නේ හම්බන්තොට පැත්තේ පුහුණු කඳවුරකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තවත් 150ක් පමණ අත්අඩංගුවට ගන්නට සිටින බවය. ඒ අය මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් අය නොවූවත් සහරාන්ගේ අන්තවාදී දේශන සහ පුහුණු සැසිවලට සහභාගිවූවෝය.

    විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව සහරාන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට අවසානයට ඉතිරි වී සිට ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහිම් පවුලත් කාතන්කුඩියේ සහ කල්මුණේ කණ්ඩායමත් පමණි. ඒ අය අතර වැඩිම නියෝජනයක් තිබී ඇත්තේ සහරාන්ගේ පවුලේ සාමාජිකයන්ගේය. කල්මුණේ සයින්දුමරුදු සුනාමි ගම්මානයේ නිවසක් තුළ මරාගෙන මැරෙන වැඩි දෙනෙක් සහරාන්ගේ පවුලේය. සහරාන් ප්‍රතිකේෂ්ප කරමින් නව නායකත්වයක් වටා රොක්වූවන්ගෙන් වැඩි දෙනෙක් මාවනැල්ලෙන් සහ කුරුණෑගලින් සහරාන්ට එක්වූවෝය.

    තුර්කිය හරහා සිරියාවට ගොස් අයි.එස්. පුහුණුව ලැබූවන් මෙන්ම අයි.එස් සම්බන්ධකම් සහරාන්ට ගොඩ නැඟුණු අයුරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලින් මේ වන විටත් හෙළි වී හමාරය.

    කටුවාපිටියේ ඔත්තුවෙන් සමන්තුරේ අවි ගබඩා දෙකක් වැටලූ හැටි

    කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු හස්තු නැමැති අන්තවාදියා මන්නාරමේ වැසියෙකි. විවාහ වීමෙන් පසු ඔහු පදිංචි වී සිටියේ සිය බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරාගේ කල්මුණේ ඒ.එෆ්.සී. පාරේ පිහිටි නිවසේය. ඇයද මරාගෙන මැරීමට සූදානම් වී සිටි අන්තවාදී කාන්තාවක් වූවාය. ඇය සිටියේ දෙවැනි ප්‍රහාර මාලාවට සූදානමිනි.

    කටුවපිටියේ දේවස්ථානයට පහරදෙන්නට එම අන්තවාදීන් සැලසුම් කරන්නේ ඉකුත් ජනවාරියේදීය. දේවස්ථානයට කිට්ටුව ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවසක් ඉකුත් පෙබරවාරියේදී කුලියට ගන්නේ එබැවිනි. ඒ රුපියල් 45000ක මාසික කුලියකටය.

    විමර්ශනවලින් හෙළි වී ඇති තොරතුරුවලට අනුව අන්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ ආරක්ෂිතව ගබඩා කර තබන්නටද යොදා ගෙන ඇත්තේ එම නිවසය. වෑන් රථ සහ ලොරි රථවලින් විටෙන් විට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය තොග පිටින් මෙහි ගබඩා කර තිබී ඇත්තේ කාමරයක් පිරෙන්නටය. පුපුරාගිය බොම්බ සකස් කර ඇත්තේ එම ගබඩාවෙන් පාණදුර සරික්කම්මුල්ලේ පිහිටි නිවසට රැගෙන ගිය පුපුරන ද්‍රව්‍ය යොදාගෙනය.

    හෙළි වී ඇති තොරතුරුවලට අනුව කටුවපිටිය දේවස්ථානයේ පුපුරාගිය බෝම්බය බෑගයේ අටවා ඇත්තේ ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවසේදීය. දෙවැනි ප්‍රහාරයටද අවශ්‍ය බෝම්බ එම නිවසේදී අටවා ඇත්තේ කුලියාපිටියේ රන්කරුවකු අතිනි. ජාතික තවුහිද් ජමාත් කල්ලියේ පුපුරන ද්‍රව්‍ය විශේෂඥයා වන්නේ ඔහුය.

    ඉතිරි පුපුරන ද්‍රව්‍ය ආරක්ෂිතව සඟවා තබන්නට රැගෙන යන්නේ සමන්තුරේටය. ඒ පසුගිය 11 වෙනිදාය. මීගමුවෙන් කුලියට ගන්නා ලොරි රථයක පටවා නිවසක් හැර යන පරිද්දෙන් ගෘහ භාණ්ඩද සමඟ එම පුපුරන ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය කාගේවත් සැකයට ලක් නොවන ලෙස ගෙන යන්නට ඔවුහු සමත් වූහ.

    ගේදොර අස්පස් කළද බෝම්බකරුත් ඔහුගේ බිරිදත් දින කිහිපයක් යන තුරුම තවත් කිහිප දෙනෙක් සමඟ එහිම රැදී සිටින්නේ සැකයක් ඇති නොවන ලෙසිනි. ඔවුන් කටානේ නිවසින් පිටව යන්නේ 18 වැනිදාය. එහෙත් 20 වැනිදා පැමිණෙන බෝම්බකරු 21 වැනිදා කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන්නට යන්නේද එහි සිටය.

    ප්‍රහාරයෙන් පැය 24ක් ඉක්ම යන්නටත් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෝ එම බෝම්බකරු හඳුනා ගත්හ. ඒ අතර රාජ්‍ය බුද්ධි සේවය 11 වැනිදා පුපුරන ද්‍රව්‍ය සමඟ සමන්තුරේ ගිය ලොරිය පිළිබඳ තොරතුරු හෙළි කරගන්නේ දීර්ඝ විමර්ශනයකින් පසුවය. මේ වෙනුවෙන් ආරක්ෂක කැමරා සිය ගණනක් පරීක්ෂා කරන්නට බුද්ධි නිලධාරීන්ට සිදු විය. ලොරියේ ගමනාන්තය ඒ අනුව හෙළි කරගන්නේ ලොරි රියැදුරුගේ සහයෙනි.

    පොලිසිය ඉකුත් 26 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව සමන්තුරේ නිවස වටලන්නේ ඒ අනුවය. අනතුරුව නින්දවූර් හි නිවසක් ද වටලනු ලැබීය. එම නිවෙස් දෙකේම තිබී පුපුරන ද්‍රව්‍ය ඇතුළු රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිසිය සොයා ගත්තේය. ඒ බෝම්බ ඇටවීමේදී යොදාගන්නා යකඩ බෝල ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්ද සමඟිනි. ඊට අමතරව එහි දේවස්ථාන සහ හෝටල්වලට එල්ල වුණු ප්‍රහාර මාලාවෙන් පසු අයි.එස්. සංවිධානය එහි වගකීම භාරගනිමින් නිකුත් කළ වීඩියෝ පටයේ සහරාන් ඇතුළු මරාගෙන මැරුණු අන්තවාදීන් හැඳ සිටි ඇදුම් මෙන්ම ඔවුන් පිටුපා සිටි බැනරයද තිබිණි.

    එම නිවෙස් දෙකම කුලියට ගත් ඒවාය. ඒ ප්‍රහාරයට සතියකට පෙරය. සමන්තුරේ නිවස කුලියට ගන්නේ රුපියල් 30000ක මාසික කුලියකටය. නින්දවූර් නිවස කුලියට ගන්නේ රුපියල් 20000ක මාසික කුලියකටය. එම නිවාස දෙකම කුලියට ගන්නේ මොහොමඩ් නිපාස් නැමැති කාතන්කුඩියේ පදිංචිකරුවෙකි. ඔහුද මරාගෙන මැරෙන බෝම්බකරුවෙකි.

    අන්තවාදීන් රොත්තක්ම කල්මුණේ එක තැන මරාගෙන මැරෙති

    සහරාන් ඇතුළු අන්තවාදීන් දේවස්ථාන සහ සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරන විට සහරාන්ගේ බිරිය ෆාතිමා කාදියාත් කටුවපිටිය දේවස්ථාන ප්‍රහාරකයාගේ බිරිය සාරාත් සහරාන්ගේ සහෝදරියත් මවත් ඔවුන්ගේ කුඩා දරුවනුත් සමඟ රැඳී සිටින්නේ තිහාරියේය. ඔවුන් තිහාරියේ සැඟවෙන්නට යන්නේ ප්‍රහාර එල්ල කරන්නට දින දෙකකට පෙරය. ඒ කල් තියා සූදානම් කරගත් කාතන්කුඩියේ අයෙකුට අයත් වෑන් රථයක නැඟීය.

    දින 10ක් තිස්සේ රට වටේම ඔවුන් කරක් ගසන්නේ එම වෑන් රථයේ නැඟීය. ගිරිඋල්ලේ සාප්පුවකින් රුපියල් 29000ක සුදු ඇඳුම් තොගයක් මිලදී ගන්නේද එම වෑන් රථයෙන්ම ගොසිනි. තිහාරියේ සිට කල්මුණේ ට ඔවුන් යන්නේ එදිනම රාත්‍රියේය.

    සිය නායකයාගේ බිරිය ඇතුළු පවුලේ හිතවතුන් කල්මුණේට පැමිණෙන විට ඔවුන්ට සැඟවෙන්නට තැනක් සූදානම් කරන්නේ මොහොමඩ් නිපාස්ය. ඒ නින්දවූර් හි කුලියට ගත් නිවසයි. පසුව ඔවුන් සයින්දමරුදු සුනාමි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසට එන්නේ පසුගිය 26 වැනිදා සවසය. ඊට දින දෙක තුනකට පෙර රුපියල් 4000ක මාසික කුලියට ගෙන තිබිණි.

    මොහොමඩ් නිපාස් සහරාන්ගේ සහෝදරයන් දෙදෙනාද පියාද සහෝදරියගේ සැමියාද ඇය සමඟ පැමිණි අය අතර සිටියහ. මලු කිහිපයක් අතින් ගත් ඔවුන් කෙළින්ම රිංගුවේ නිවස තුළටය. ඒ දෙස ඉතා ඕනෑකමින් බලා සිටි ගම්වැසියෙකුට ඔවුන්ගේ එම හැසිරීම ගැන ඇති වන්නේ සැකයකි.

    එය දුරුකර ගන්නට ගම්වැසියා ඒ බව දැනුම් දෙන්නේ මාර්ගයේ ගමන්ගත් පොලිස් යතුරුපැදියක සිටි කොස්තාපල්වරයෙකුටය. ඒ අනුව එම සැකකටයුතු පුද්ගලයන් කවුරුන්දැයි සොයා බලන්නට නිවසට කිට්ටු කරන කොස්තාපල්වරයා දෙසට එකවරම එල්ල වන්නේ අත්බෝම්බ ප්‍රහාරයකි. ඒ නිවසේ වහලය මත රැකවල්ලාගෙන සිටි අන්තවාදීයෙකුගෙනි.

    සීරීම් තුවාලයක්වත් නොමැතිව දිවි බේරෙන්නට තරම් කොස්තාපල්වරයා වාසනාවන්තයෙක් විය. තමන්ට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය ගැන ඒත් එක්කම ඔහු දැනුම් දෙන්නේ සිය උසස් නිලධාරීන්ටය. ඒ අනුව පොලිසියත් හමුදාවත් එම නිවස වටලන විට ඔවුහු හමුදාව සහ පොලිසිය සමග ගැටුණාහ. දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවීම් කිහිපයක්ද සිදු විණි. පැයක් හමාරක් ගෙවී යන විට නිවසෙන් ඇසෙන්නේ පිපිරීම් තුනකි. එය අත්බෝම්බ පිපුරුමකට එහා ගිය පිපුරුම් හඬකි. පොලිසියත් හමුදාවත් එදා මුළු රැය පුරාම සයින්දුමරුදු ගම්මානයම සෝදිසියකට ලක් කළේය.

    පිපිරුම් සිදු වුණු නිවසට ඇතුළු වන්නේ බිම් එළිය වැටුණු පසුවය. එහිදී මුලින්ම හමුවන්නේ ටී 56 අවියක් අතැතිව ගේට්ටුව ඉදිරිපිටම මැරී වැටුණු අයෙකුගේ මළ සිරුරකි. ඔහු නිපාස්ය. කොස්තාපල්වරයාට බෝම්බ ගැසූ පුද්ගලයාද ඒ වන විටත් සිටියේ වහලය මත මැරී වැටීය. එක පොදියට කුඩා දරුවන්ද සමඟ පිරිසක් පිපුරුමකින් මියගොස් සිටි අයුරු පොලිසියත් හමුදාවත් දුටුවේ සාලයට පය තබන විටදීය. එතැන 14 දෙනෙකුගේ මළ සිරුරු වැටී තිබිණි. ඇතැම් මළ සිරුරු හඳුනාගන්නට බැරි තරමට විරූපි වී තිබිණි. සිරුරු කැබලි හැම අත විසි විසිරිලාය. ඒ අය අතර සහරාන්ගේ සහෝදරයන් දෙදෙනා වන මොහොමඩ් සෙයින් හසීම්ගේත් මොහොමඩ් රිල්වාන් හසීම්ගේත් ඔවුන්ගේ පියාගේත් සිරුරු විය. රෝ ඔත්තුවේ සඳහන් මරාගෙන මැරෙන ප්‍රහරකයන්ගේ නම් ලැයිස්තුවේද රිල්වාගේ නමද සටහන් වී තිබිණි.

    මේ අයට අමතරව සහරාන්ගේ බාල නැඟණිය මොහොමද් සයිරා හසීම්ගේද ඇගේ සැමියා වන මොහොමඩ් රිෂාද්ගේද මළසිරුරුද සාරාගේ සිරුරද සාලයේ මැරී සිටියවුන් අතර විය. එම මළසිරුරු පරීක්ෂා කරමින් සිටි පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන්ට වේදනාවෙන් කෙඳිරිගාමින් සිටින කාන්තාවකගේත් දරුවකුගේ හැඬුමක් ඇසෙන්නට විය.

    ඒ හඬ ඇසෙන්නට වූයේ නිවසේ කාමරයකිනි. එහි කාන්තාවක සහ දරුවෙකු සිටින්නේ පිපුරුමෙන් තුවාල ලබාය. ඒ දෙදෙනා ගිලන් රථ දෙකකින් වහාම රැගෙන යන්නේ අම්පාර රෝහලයට. ඒ වෙන කිසිවෙකු නොව, සහරාන්ගේ බිරිය සහ දරුවාය. ඒ වන විටත් සහරාන්ගේ අට හැවිරිදි වැඩිමහල් දරුවා ඇතුළු දරුවන් හය දෙනෙකු සිටියේ පිපිරුම්වලට ලක්ව මෙලොව අතහැර ගොසිනි.

    එම කඳවුරුවල පුහුණුකරුවන් බවට පත් වී ඇත්තේ තුර්කිය හරහා සිරියාවට ගොස් අයි.එස්.අයි.එස් පුහුණුව ලැබූවෝ කිහිප දෙනෙකි. ඒ අය අතර මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට සම්බන්ධ වූ සාහිඩ්ද සිටියේය. වනාතවිල්ලුවේ පුහුණු කඳවුරේ භාරකරුවා ඔහුය. සෙසු කඳවුරු ද භාරව සිට ඇත්තේ ඔහු මෙන්ම සිරියාවේ පුහුණුව ලැබූවෝය. හෙළි වී ඇති ආකාරයට මේ වන විට සහරාන්ගේ කල්ලියේ 10කට වැඩි පිරිසක් සිරියාවේ පුහුණුව ලබා ඇත. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

    වවුනතිව් පොලිස් නිලධාරීන් දෙන්නා මැරුවේ පුහුණුවට ආයුධ සොයාගන්න

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවල වැඩි අවධානයක් යොමු වන්නේ කාතන්කුඩියටය. ඒ නිසා මුළු කාතන්කුඩියම වටලා පොලිසියත් හමුදාවත් දැවැන්ත සෝදිසියක නිරත වන්නේ සහරාන්ට ගෑවුණු සෑම අයෙකුම කොටු කරගනිමිනි.

    එසේ සිය ගණනක් ප්‍රශ්න කිරීමට පොලිස් හා හමුදා භාරයට ගැනිණි. සහරාන්ට ඥාතිකමක් ඇති බොහෝ පිරිසක් ඒ අතර වූහ. කාතන්කුඩියේ ධිවර සංස්ථාව පාරේ නිවසකින් අල්ලාගත් මොහොමඩ් ෂාරිෆ් ආදම්ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා ඒ අතර විශේෂිත පුද්ගලයෙක් විය. ඒ ගෆූර් මාමා සහරාන්ගේ රියැදුරා වූ බැවිනි. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු රහස් ගොන්නක්ම වැමෑරුවේය.

    2018 වසරේ නොවැම්බර් 30 වැනිදා රාත්‍රියේ වව්නතිව් පොලිස් මුරපොළේ සේවයේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනාට වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමත් ඒත් එක්කම තවදුරටත් අබිරහසක් නොවීය. එම ඝාතනය වූයේ එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් සිදු වෙමින් පැවැති කාල වකවානුවකදී බැවින් එම ද්විත්ව ඝාතනයේ සැකය එල්ල වූයේ එල්.ටී.ටී.ඊ.යටය.

    ඒ නිසාම පොලිසිය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ කිහිප දෙනෙක්ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ගෆුර් මාමාගෙන් හෙළි වූයේ වෙඩි පුහුණුවට ගිනිඅවි හිඟයක් පැවැති බැවින් සහරාන්ගේ නියෝගයකට අනුව පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර, ඔවුන් සතු රිවෝල්වර දෙක පැහැරගත් බවය. ඒ සඳහා නායකත්වය දෙන්නේ මිල්හාන්ය. ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සන්නද්ධ අංශය භාරව සිටියේ ඔහුය. රෝ ඔත්තුවේ සඳහන් මරාගෙන මැරෙන්නන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම ද සඳහන් වී තිබිණි. අයි.එස්. සංවිධානය ඔහුට නම් තබා ඇත්තේ අබුසීලන් ලෙසිනි.

    එදා ඔහු සමඟ සිවු දෙනෙකු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයට සම්බන්ධ වන්නේ යතුරු පැදි දෙකක නැඟී කල්මුණේ සිට එහි ගොසිනි. ඒ අය අතර රෝ ඔත්තුවේ සඳහන් තවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු වූ ආමි මොහිදින්ද සිටියේය. මිල්හාන් හැරුණුකොට පොලිස් නිලධාරීන් තිදෙනා ඝාතනයට සම්බන්ධවූවන් තිදෙනාම මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්ඩංගුවේය.

    සවුදි ගුවන්තොටුපොළේ සැඟවුණු මරාගෙන මැරෙන බෝම්බකරු

    කබීර් හෂීම් ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් නස්ලිම්ට 2019 වසරේ මාර්තු 09 වැනිදා මාවනැල්ලේ නිවසේදී එල්ල වූ වෙඩිල්ලද සහරාන්ගේ වැඩක් බව හෙළි වන්නේ ගෆුර්ගෙනි. එම වෙඩිල්ල නස්ලීම්ට එරෙහිව පත්තු වන්නේ අන්තවාදයට එරෙහි වීම සහ අන්තවාදීන්ගේ වනාතවිල්ලුවේ පුහුණු කඳවුර වැටලීමට තොරතුරු දීමේ වරදටය. වනාතවිල්ලුවේ පුහුණු කඳවුර අනාවරණය වීම සහරාන්ට එල්ල වුණු මරු පහරකි. වාසනාවකට නස්ලීම්ට තැබූ වෙඩිල්ල ඔහුට ජීවිත හානියක් නොකළේය.

    ගෆුර් මාමා පොලිසියට හෙළි කර ඇති ආකාරයට නස්ලිම්ට වෙඩි තබන්නේද පොලිස් නිලධ­ාදාරීන් දෙදෙනාට වෙඩි තබා මරා දැමූ මිල්හාන්මය. ඒ එදා පොලිස් නිලධාරීන්ගෙන් පැහැරගත් රිවොල්වරයෙනි.

    එකී රිවෝල්වරය මෙන්ම පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ ටී 56 අවියද දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. කල්මුණේ සයින්දු මරුදු ගැටුමේදී හමුදා ප්‍රහාරයන්ගෙන් මරුමුවට පත්වූ නිපාස් අත තිබෙන්නේ එම ටී 56 අවියයි.

    බොම්බ පිපුරුම් මාලාව සිදු වන විට නිපාස් සිටින්නේ මක්කම වන්දනාවේ ගොසිනි. දෙවැනි ප්‍රහාර මාලාව සිදු වන්නට නියමිතව තිබුණේ ඔහුගේ නායකත්වයෙනි. මක්කම සිට කිසිවක් නොදන්නා අයෙකු ලෙස ඔහු මෙරටට පැමිණිමට නියමිතව සිටියේ ඉකුත් 30 වැනිදාය. සවුදියේ සිට ඔහු පැමිණෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එදින උදෑසන ගුවන්තොටුපොළ භුමියේ රැඳී සිටියේ නොඉවසිල්ලෙනි. ඒ උදෑසන ගොඩබාන ගුවන් යානයෙන් ඔහු පැමිණෙන බව මඟී ගුවන් ලැයිස්තුවේද නම සටහන් ව තිබුණු බැවිනි. එහෙත් එම ගුවන් යානාවේ ඔහුගේ ගමන් මලු පැමිණියත් ඔහු නොවීය.

    කලබල වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අන්තර්ජාතික ඔත්තු සේවාවල සහය පතන්නේ ඒ අනුවය. අවසාන මොහොතේ ඔහු ගුවන්යානාවට ගොඩ නොවී සවුදි ගුවන්තොටුපොළේ සැඟ වී ඇති බව හෙළි වන්නේ එවිටය. දැන් ඔහු සිටින්නේ සවුදි ආරක්ෂක අංශ අත්අඩංගුවේය.

    වනාතවිල්ලුවේ පුහුණු කදවුරු භුමියේ ප්ලාස්ටික් බැරලයක දමා ආරක්ෂිතව වළදමා ඇති ආයුධ තොගයක් ගැන හෙළි කරන්නේ ගෆූර් මාමාය. ජනවාර් 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පුහුණු කදවුර වටලන විටද එම ආයුධ තොගය තිබී ඇත්තේ එම බැරලයේමය. අක්කර 80ක් වූ එම පොල් ඉඩමක කෙළවරේ වළදමා තිබුණු බැරලය ගොඩගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු එහි තිබී ආයුධ සියල්ලක්ම සිය භාරයට ගත්හ. පොලිස් නිලධාරීන් ඝාතනය කර පැහැරගත් එක් රිවෝල්වරයෙක් තිබෙන්නේ එහිය. ඊට අමතරව ටී 56 අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ මෙරට නිෂ්පාදිත රිවෝල්වර 06ක් ඇතුළු ගිනි අවි කොටස් රැසක්ම එහි තිබෙන්නේ පතොරම්ද ගොන්නක්ද සමඟිනි.

    සුදු ඇදුම් ගත්තේ ඉස්සරහට ඕනෑ වන නිසාලු

    කල්මුනේ සයින්දුමරුදු ගැටුමෙන් පසු එම ස්ථානයේ ඡායාරූප ගොන්නක්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට ගන්නේ ඉතා වේගයෙනි. පිපිරුම සිදුවූ නිවසේත් මිය ගිය පුද්ගලයන්ගේත් ඡායාරූප ඒ අතර විය. ඒ එක් ඡායාරූපයක මළමිනී අතර ඇති ඉටි බෑගයක් කෙරෙහි එක්තරා පුද්ගලයෙකුගේ විශේෂ අවධානයක් යොමුවූයේය. එය එම පුද්ගලයා හොඳින් දන්නා හඳුනන අයෙකු කළමනාකරු ලෙස සේවයේ නිරතව සිටින ගිරිඋල්ලේ පිහිටි රෙදි සාප්පුවකට අයත් බෑගයකි. වහාම ඔහු කළමනාකරුට ඇමතුමක් ගත්තේය. එකී ඡායාරූපය ගැන ඔහුට කීවේය.

    ඒත් එක්කම කළමනාකාරු ක්‍රියාත්මක විය. සිය ආයතනයේ ආරක්ෂක කැමරා දර්ශන දින කිහිපයක් තිස්සේ ආ පස්සට පරීක්ෂා කළේය. 19 වැනිදා ඔහුගේ සාප්පුවට බුර්කාවලින් සැරසුණු කාන්තාවන් කිහිප දෙනෙකු පැමිණ භාණ්ඩ මිලදී ගන්නා බවත් ඔහුට එහිදී නිරීක්ෂණය විය. එම කාන්තාවන් මිලදී ගත්තේ මොනවාදැයි ඔහු පරීක්ෂා කළේය.

    එහිදී පෙනී යන්නේ රුපියල් 29000ක සුදු පැහැති බ්ලවුස්, ස්කර්ට්, බ්‍රෙසියර් ආදිය සෑම එකකින්ම 09 බැගින් මිලදී ගෙන ඇති බවය. ඊට අමතරව සෙල්ලම් බඩු දෙකක්ද මිලටගෙන තිබිණි. ඔවුන් එහි පැමිණ ඇත්තේ වෑන් රථයකින් බවද කළමනාකරු ආරක්ෂක කැමරා මඟින් අනාවරණය කරගත්තේය. පසුව ඒ බව ඔහු පොලිසිය දැනුවත් කළේය. එම සුදු ඇදුම් කෙරහි කොයි කාගේත් අවධානය යොමු වන්නේ ඒත් සමඟිනි. එම සුදු ඇදුම් කට්ටල 09න් සයින්දුමරුදු නිවසේ තිබෙන්නේ සුදු ඇඳුම් කට්ටල 07ක් පමණි. සෙසු ඇදුම් දෙකට වූයේ කුමක්දැයි මෙතෙක් ඇත්තේ අබිරහසකි.

    එම සුදු ඇදුම් ඔවුන් මිලදී ගත්තේ ඇයි දැයි සමාජයේ මේ වන විට ඇත්තේ කුකුසකි. ඊට පිළිතුරු දීමට දැන් ඉතිරිව සිටින්නේ එක් අයෙක් පමණි. ඒ සුදු ඇදුම් මිලදී ගැනීමට ගිරිඋල්ලේ සාප්පුවට ගිය කාන්තාවන් තිදෙනා අතර සිටි සහරාන්ගේ බිරිය පමණි. අම්පාර රෝහලේ දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව සිටින ඇය ඒ ගැන පවසන්නේ සුදු ඇදුම් මිලදී ගත්තේ ඇයි දැයි තමන්ද නොදන්නා බවයි. එම සුදු ඇදුම් මිලදී ගෙන ඇත්තේ දෙවැනි ප්‍රහාරයට සූදානමින් සිටි පුලස්ති රාජේන්ද්‍රන් හෙවත් සාරාය. “ඉස්සරහට ඕනෙ වෙයි. ඒකයි ගත්තේ“ ඒ ගැන විමසූ විට සාරා පැවසූවා යැයි සහරාන්ගේ බිරිය ෆාතිමා පවසා තිබේ.


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,032
    113
    34
    Kalutara
    ඔව්ව කොච්චර ලීවත් ඔව්ව සහමුලින්ම නතර කරන්න එකෙක් නෑ. තව ටික කාලයක් යද්දී ඔව්ව හැමෝටම අමතකයි.

    ආයේ උන් ඇවිල්ල සිංහලු මරනවා. පස්සේ කියයි අපිට සාමකාමී වෙන්න කියල. උන් මුලින්ම මරනවා සින්හලුන්ව. සිංහලු සාමකාමී වෙනවා. වැඩේ අමතක වෙනවා, ආයේ කාලෙකින් සින්හලුන්ව මරනවා. ආයේ සාමකාමී වෙනවා. මොකද මුස්ලිම් උන්ව මරන්න එකෙක් මුල් වෙලා වැඩ කරන්නේ නෑනේ.

    ඕකම ආයේ ආයේ වෙනවා උන්ගේ ගොඩ වැඩි වෙනවා සිංහලු රටෙන්ම නැති වෙලා යනවා. ඕක තමා තව අවුරුදු 50කින් විතර වෙන්නේ. :sorry:
     
    • Sad
    Reactions: Identity