පාස්පෝට් කාර්යාලය ළඟ ඇහෙන දුක් ගිනි
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිස එහි රැඳී සිටිනු ඊයේ (27) රාත්‍රී කාලයේද දක්නට ලැබුණි.
ඔවුන් පවසන්නේ මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා බලධාරීන් පියවර ගතයුතු බවය.
එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ජනතාව,
"මිනිස්සු මාර විදියට දුක් විඳින්නේ. හැමදේම සල්ලි තමා. කඩෙන් කන්න බොන්න ඕනේ. සල්ලිත් ඉවරයි. අන්තිමට පාස්පෝට් එක ගන්න දවස් තුනක් විතර යනවා. ටෝකන් දෙන කතාවක් කියනවා කොහොම වෙයි ද දන්නේ නෑ. දවස් කීයක් ද? සල්ලිත් ඉවරයි අන්තිමේ දී 20,000කුත් ගන්නවා වන්ඩේ කියලා..."
"මේ පෝලිමේ ඉඳලා යන ගමන්. 300ක් ගන්නවා. ඇතුළට ගිහිනුත් පෝලිමේ ඉන්න ඕනේ. ඇතුළට ගියාම කියනවා රිජෙක්ට් කරනවා කියලා. ඇයි යකෝ කලින් කියන්න බැරිද ? කිසිම දැනුවත් කිරීමක් නෑ. දවස් තුනක් පේම්න්ට් එකේ ඉන්නවා ඇතුළට ගියාම කියනවා ලියුමක් ඕනේ කියලා..."
"අපෙන් නේ මෙයාලා හම්බ කරන්නේ. ෆොරින් කරන්සි ඔක්කෝම අපෙන් නේද එන්නේ. දවස් ගාණක් පෝලිමේ තියලා කන්නත් නෑ. රෙස්ට් රූම් එකක් නෑ. විෂය භාර ඇමති දැනගන්න ඕනේ පාස්පෝට් නැතිවෙන්න යනවා නම් ඒකට විසඳුමක් ගන්න... මේක එහෙම දෙයක් නෙමෙයි නේ."
මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ඇති හිස් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.
එහා පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සදහා අයදුම් කරන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවය.
දැනට විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන අදාළ සමාගමෙන් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති අතර එම බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව එම දෙපාර්තමේනතුව සඳහන් කළේය.
ko ranilge gu kana ballo tika, mehe warella @hirashgeff @monson @2osama @tharakaf @netudara @dxx
monawada huththigre putho rata goda demma kiyanne, Passport ekak ganna beri ratak meka.
ponna ranila surangana lokeka idan thopilata puka pennan inne.