පාස්පෝට් තදබදය තාවකාලිකව විසඳෙයි..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාස්පෝට් තදබදය තාවකාලිකව විසඳෙයි

    විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් දක්නට ලැබුණි.

    දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීමත් සමග මෙම තත්ත්වය නිර්මාණය විය.

    කෙසේවෙතත් දිනකට බලපත් 1,000ක් නිකුත් කිරීමට බලධාරීන් අද (28) සිට පියවර ගත්තේය.

    ඒ පැමිණෙන පිළිවෙළ අනුව ගමන් බලපත්‍ර 750ක් සහ විදෙස් රටවල සිට ඉල්ලුම් කරන අය සඳහා 250ක් ලෙසය.

    නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් ඔක්තෝබර් මාසය දක්වා මෙම තත්ත්වය පවතිනු ඇති බැවින් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

    මෙවන් පසුබිමක නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අරමුණෙන් ආගමන විගමන ප්‍රධාන කාර්යාලය අසල රැඳී සිටින පිරිස් ඊයේ (27) රාත්‍රිය ද එම ස්ථානයේම ගත කර තිබුණි.

    පසුව පොලීසියේ ද මැදිහත්වීමෙන් මෙලෙස රැඳීසිටින පිරිස් වෙත ටෝකන් අංක ලබාදීමට ඊයේ රාත්‍රියේ පියවර ගෙන තිබුණි.

    ඒ අනුව අද දවසේ සේවා ලබාගත් ජනතාව සඳහන් කළේ,

    "දින 3ක් මේ වෙනුවෙන් රස්තියාදු වුණා. ඇත්තමට අද දවස ගැන සතුටුයි. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අද හරි පිළිවෙළටම වැඩේ වුණා."

    මෙම ටෝකන් ක්‍රමවේදය අනුව ඉදිරි දින කිහිපයේදී ද නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් වේලාවක් වෙන්කර දීම සිදුවෙයි.

    ඒ අනුව අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පස්වරුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට විශාල වශයෙන් ජනතාව රැඳීසිටින ආකාරයක් දක්නට නොලැබුණු බවය.



    https://sinhala.adaderana.lk/news/200433
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    ඔතන ජෙප්පොත් ගිහින් පෝලිමේ ඉන්නවලු බොරුවට. සුනිල් හඳුන්නෙත්ති යවල තියෙන්නෙ එකාට 2000 ගානේ දීලා. 🙂
    දිනුවට පස්සේ ඕක ගිනි 🔥 තියල දානවා.. ඉවරයි 👌පෝලිම්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Petrol පෝලිමේ වගේ තමයි... Token දීලා shape කරලා ගෙදර යවනවා... Token වෙලාවට අවාම පාස්පෝට් නෑ කිව්වම ආයේ වලි...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    @Lovtus මචන් අද නූලක් දාන්න ඕනේ නැහැ.. ප්‍රශ්නය දැනට ශේප්.. උබටත් අද හදාගන්න පුලුවන් ගියොත්..
    පොඩි හෑල්ලක් ඕන මේකට..
     
    • Haha
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    අයියෝ...මාලිමාවට කෝටියක් අරන් දෙන්න පෝලිම් තැපපු ත්‍රීවීල් ජෙප්පොන්ට දවසේ අාදායම නැති වුනා...😹😹

    දැන් අඬයි මේකට අැවිත් ඕකටත් වැරදි කිය කිය..😹😹😹😹
     
    • Haha
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    electronic එකක්ම ගන්නවද මෙහෙමම ඉඳලා කියලා බැලුවෙ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,486
    113
    Colombo, Sri Lanka
    ඔතන තියන පෝලිම දැක්කම මට නම් හිතෙනවා මාසෙන් මේ රට ජන ශුන්‍ය වෙයි කියලා :baffled:
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,657
    3,022
    113
    ඔතන තියන පෝලිම දැක්කම මට නම් හිතෙනවා මාසෙන් මේ රට ජන ශුන්‍ය වෙයි කියලා :baffled:
    සමහර චැනල් මයික් දික් කරලා ප්‍රශ්න අහන විදිහ දැක්කම ඇහේ කටු ඇනුන නංගි මතක් උනා, political agenda ekak
     
    • Like
    Reactions: NRTG