පාස් අවුට් වෙද්දී

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පාස් අවුට් වෙද්දී

මෙවර අපගේ විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වන සහෝදරියක් ඇගේ සංකල්පවලට අනුකූලව මගෙන් මතක සැමරුමකට කවියක් ඉල්ලා සිටියා.මේ කවිය ගැන මමත් ටික සෑහීමකට පත්වුණූ හින්දා එලකිරියට දාන්න හිතුවා

ගැඹුරු ළිං පත්ලක සිට
අඬ දබර වී වතුර බිඳකට
මතකයිද කතා නොකර සිටි
වෙරි මතින් ගෙවූ ඒ කාලය

ඇස්වලත් නෙක රොඩුත් සොයමින
තමන්ගේ නැණ පහන් අවදිමත් කර
එකටම බත් පත බෙදා ගත්
මතකයිද ගෙවූ ඒ කාලය

ගිලන් වූ සඳ ගිලන් හදවත
ළඟින් හිඳිමින කවා පොවමින
ළිං කටට විත් දුටුව ලෝකය
අරඹයිද දැක නුදුටු මාවත

අපි පතමු ඉත සිතින
සිහි කල්පනා සහිතවම
මංමුළා නොවන්නට
හෙට එළිවන ජීවිතය


- මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: Nu1Dnk