පැණියේ පරීක්‍ෂණ ප‍්‍රතිඵල- බය්යෝන්ට විශේෂයෙන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..

    December 19, 2020 at 9:20 am | lanka C news

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය.

    නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය.

    ඒ අනුව පරීක්‍ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

    බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

    ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය.

    නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

    තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය.

    බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයාට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.

    :lol: :lol: :lol:

    බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත්

    ඇයි එතකොට මේ පරීක්ෂනය කරලා තියෙන්නේ

    "ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය."

    මේක කොහොමහරි රටින් භාගයකටවත් පොවන එක තමයි target එක
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොන් බූරුවෙක් 😂
    වියත්මග කියලා ඇවිල්ලා තියෙන්නෙ මොන්ටීසෝරී බබාලා සෙට් එකක් නේ 🤣😅
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් සායනික පරක්ශා කරන එක හොදයි,දේශියත්වයට හිනාවෙන ගු ඇන් පි කුහකයො බුරන එක ගනන් ගතයුතු නැ,

    ගොන් බූරුවෙක් 😂
    වියත්මග කියලා ඇවිල්ලා තියෙන්නෙ මොන්ටීසෝරී බබාලා සෙට් එකක් නේ 🤣😅
    මේවට නම් ලොල් කියල තමයි කියන්ඩ වෙන්නෙ දේශිය දෙයක් පරික්ශා කිරිම නුගත්මගක් වෙන්නෙ කොහොමද??????
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඔය කියන ඔක්කොම පරීක්ෂණ කරලා. විශකුත් නැත්නම්, වයිරස් එකට ඇටෑක් එකක් දීල හොද කරනවනම්. ඕක බිව්වම මොකක්ද බන් වෙන්නෙ ආවෙ අගහරු වලින් වුනත් රිසල්ට් හොදනම්. පාවිච්චි කරන එකේ වැරද්දක් නෑනෙ. බං. 🤔🤔🤔🤔
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඔය කියන ඔක්කොම පරීක්ෂණ කරලා. විශකුත් නැත්නම්, වයිරස් එකට ඇටෑක් එකක් දීල හොද කරනවනම්. ඕක බිව්වම මොකක්ද බන් වෙන්නෙ ආවෙ අගහරු වලින් වුනත් රිසල්ට් හොදනම්. පාවිච්චි කරන එකේ වැරද්දක් නෑනෙ. බං. 🤔🤔🤔🤔
    ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බව

    මේක කියෙව්වම හිතෙන්නේ නම් ප්‍රතිපල එන්නම ඕනි නෑ
    පරීක්ෂණ කරන එකෙම්ම පිළිගැනීම ලැබෙනවා කියන එක නේද
     
    • Like
    Reactions: malakadss

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕකෙන් මේකෙන් කරන්නේ ලංකාවේ බයියන්ට පැනිය පොවලා ලොක්කො ටික ඉන්ජෙක්ෂන් එක ගහගෙන සැපේ ඉන්න එක.
    හෙල අවුසද නගා සිටුවන්න කියලා ෆයිසර් ටත් බද්දකුත් ගහලා ඒකෙනුත් ගානක් කඩා ගන්න පුලුවන් නේ. 3500 ට දෙන්න පුලුවන් එන්නත 35000 කට වගේ දෙන්න ලෑස්ති කරලා.
     
    • Like
    Reactions: BadBlueGenius

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය කියන ඔක්කොම පරීක්ෂණ කරලා. විශකුත් නැත්නම්, වයිරස් එකට ඇටෑක් එකක් දීල හොද කරනවනම්. ඕක බිව්වම මොකක්ද බන් වෙන්නෙ ආවෙ අගහරු වලින් වුනත් රිසල්ට් හොදනම්. පාවිච්චි කරන එකේ වැරද්දක් නෑනෙ. බං. 🤔🤔🤔🤔

    ඕක අතිරේක් ආහාරයක් විදිහට ගන්න නේ අවසර ලැබුනේ. කෑගල්ලේ ගිහින් පැනි බොන එක ද ලේසි. කඩෙට ගිහින් සමපෝශ පැකට් එකක් අරන් ඇවිත් ගුලි හදලා කන එකද ලේසි. දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කියන ඔක්කොම පරීක්ෂණ කරලා. විශකුත් නැත්නම්, වයිරස් එකට ඇටෑක් එකක් දීල හොද කරනවනම්. ඕක බිව්වම මොකක්ද බන් වෙන්නෙ ආවෙ අගහරු වලින් වුනත් රිසල්ට් හොදනම්. පාවිච්චි කරන එකේ වැරද්දක් නෑනෙ. බං. 🤔🤔🤔🤔
    :yes: :yes: මේකනෙ බන් වෙලා තියෙන්නෙ, අපි අතරම අමු කාලකන්නි සෙට් එකක් ඉන්නව ,උන් දන්න එකම දේ හැම දේකම නරක දකින එක, අගකුත් නැ මුලකුත් නැ ඕහේ බුර බුරා ඉන්නව එච්චර තමයි ඉතින්

    ඕක අතිරේක් ආහාරයක් විදිහට ගන්න නේ අවසර ලැබුනේ. කෑගල්ලේ ගිහින් පැනි බොන එක ද ලේසි. කඩෙට ගිහින් සමපෝශ පැකට් එකක් අරන් ඇවිත් ගුලි හදලා කන එකද ලේසි. දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ.
    කියන්ඩ දෙයක් නැතුව කියන කතානෙ මේව ඔච්චරම මන්ද බුද්ධික නැනෙ, සායනික පරික්ශාව කරන්නෙ සමපෝශ වගේ දෙන්ඩ නෙමෙනෙ..දෙකම එක වගේ කියන්ඩ ඔයා ගාව ශාක්කි මොනා හරි තියෙන්වද ???කරපු විද්යාත්මක පරික්ශන මොනා හරි ???
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඕක අතිරේක් ආහාරයක් විදිහට ගන්න නේ අවසර ලැබුනේ. කෑගල්ලේ ගිහින් පැනි බොන එක ද ලේසි. කඩෙට ගිහින් සමපෝශ පැකට් එකක් අරන් ඇවිත් ගුලි හදලා කන එකද ලේසි. දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ.
    අඩේ සමපෝශ තියෙද්දිනේ මුං මේ බෙහෙත් හොය හොය මෙච්චරකල් දගලලා තියෙන්නෙ. 😆😆😆😆😆😆
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කියන ඔක්කොම පරීක්ෂණ කරලා. විශකුත් නැත්නම්, වයිරස් එකට ඇටෑක් එකක් දීල හොද කරනවනම්. ඕක බිව්වම මොකක්ද බන් වෙන්නෙ ආවෙ අගහරු වලින් වුනත් රිසල්ට් හොදනම්. පාවිච්චි කරන එකේ වැරද්දක් නෑනෙ. බං. 🤔🤔🤔🤔
    පරීක්ෂණේ කරන්නේ බටහිර දෑනුම සහිත අය නම් පරීක්ෂණයක් කරන එකේ අවුලක් නෑ. ඒ වගේම මෑන්ස් කියලා තියෙන ටික ඈත්තනේ බන්.. අපි නොදන්න දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවද? අනික මෝදර කාලි කෝවිලට ගිහින් බලපල්ලා දොස්තරලම කොච්චර දවසට එනවද කියලා.. අපි එක මතයකම එල්ලිලා අනිත් ඒවාට අපහාස කරන්න හොද නෑ.. නමුත් නිසි පරීක්ෂණයකින් තොරව මිනිස්සුන්ට නොදෙන එක හොදයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    ගොන් බූරුවෙක් 😂
    වියත්මග කියලා ඇවිල්ලා තියෙන්නෙ මොන්ටීසෝරී බබාලා සෙට් එකක් නේ 🤣😅

    Believing is easier than thinking. This is the reason why there are so many more believers than thinkers............. :P
     
    • Like
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් "

    හරිම විද්‍යාත්මකයි.
    ඇයි ඇසට නොපෙනෙන ජිව කොඨ්ටාස නැද්ද??? ඒක කොහොමද අවිද්යාත්මක වෙන්නෙ??? විද්යාත්මකව පැහැදිලි කරපන් බලන්ඩ..

    ඕකෙන් මේකෙන් කරන්නේ ලංකාවේ බයියන්ට පැනිය පොවලා ලොක්කො ටික ඉන්ජෙක්ෂන් එක ගහගෙන සැපේ ඉන්න එක.
    හෙල අවුසද නගා සිටුවන්න කියලා ෆයිසර් ටත් බද්දකුත් ගහලා ඒකෙනුත් ගානක් කඩා ගන්න පුලුවන් නේ. 3500 ට දෙන්න පුලුවන් එන්නත 35000 කට වගේ දෙන්න ලෑස්ති කරලා.
    ලොක්කන්ට ගහ ගන්ඩ ඕන නම් දැනටම ගෙනල්ල ගහ ගන්නවනෙ බන් කාගෙන්ද අවසර ගන්ඩ ඕන???? යකෝ මෙහෙම පච වෙන්ඩ බුරන්ඩ එපා 20%ක් නිකනුත් හම්බෙනව කියන එකේ 35000යන් නැ බයවෙන්ඩ එපා අපි ඒක කරල දෙන්නම් නැති බිල්ලො මවන්ඩ එපා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    "ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් "

    හරිම විද්‍යාත්මකයි.
    ඔය ප්‍රකාශෙ විද්‍යාත්මක නොවෙන්න පුලුවන් මචන්. විද්‍යාවෙනුත් තවම ඔය ගැන හොයනවනේ.
    මම හැදුන වැඩුන පැත්තත් එක්ක මගේ අද්දැකීම් එක්ක මමනම් ඔය කොට්ටාශෙ විශ්වාස කරනවා. ඒ වගේම ඔය ගැන කියන පට්ට හොරුත් ඕන තරම් දැකල තියෙනවා. සුපිරි වැඩ්ඩොත් දැකල තියෙනවා. දැන්නම් බහුතරයක් හොරු. 😊
     
    • Like
    Reactions: vipulavs

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි ඇසට නොපෙනෙන ජිව කොඨ්ටාස නැද්ද??? ඒක කොහොමද අවිද්යාත්මක වෙන්නෙ??? විද්යාත්මකව පැහැදිලි කරපන් බලන්ඩ..
    මම අත්දෑකීමෙන් විශ්වාස කරනවා අපිට නොපෙනෙන දේවල් තීයෙනවා කියලා.. ඒ වගේම ඒවා අනවශ්‍ය විදිහට මිනිස්සු අතරමන් කරන්න පාවිච්චි කරන එවුනුත් ඉන්නවා. මම දන්න දොස්තරලා ඉන්නව සමහර වෙලාවල් වල වෙද මහත්වරුන්ගේ සහය ගන්න.. ඒක තමා හරිම විදිහ.. ඒ ඒ අවස්තාවට ඒ ඒ බෙහෙත්. බටහිර වෙදකම එන්න කලින් ලන්කාවේ මිනිස්සු පාවිච්චි කරපු බෙහෙත් තියෙනවනේ. ඒ වගේම තමා බටහිර විද්‍යාවෙන් සාර්ථකව මෑඩපවත්වපු බෝවෙන රෝග කොච්චර තියෙනවද? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හොරු ඉන්න එක.. ඒ හින්දා මේ පෑණියත් අහක දාන්න ඕනේ නෑ. පරීක්ෂණ කරලා තීරණයකට එන්න තියෙන්නේ
     
    Similar threads