Privacy policy වෙනස්වීම පරිශීලකයාට බලපාන්නේ කොහොම ද?
පරිශීලකයා තවත් අයෙකු හා හුවමාරු කර ගන්නා පණිවිඩ (Chats) සුපුරුදු පරිදි end-to-end encyption හේතුවෙන් තෙවන පාර්ශවයක් අතට පත්වීම මේ හරහා සිදු නොවේ.
කෙසේ වෙතත්, පරිශීලකයාගේ අවධානය යොමු විය යුතු වැදගත් දත්ත මේ හරහා WhatsAppහි මව් සමාගම වන Facebook හා හුවමාරු වීම සිදුවේ.
පරිශීලකයගෙන් ලබා ගන්නා දත්ත හා තොරතුරු මොනවා ද?
WhatsApp යෙදුම භාවිතය සඳහා පරිශීලකයා යොදනු ලබන පෞද්ගලික දත්ත වන Profile Picture, Username, පරිශීලකයා පිළිබඳ ඇතුළත් කරනු ලබන කෙටි සටහන (bio), දුරකතන අංකය, දුරකතනයේ වර්ගය (phone model), දුරකතනයේ මෙහෙයුම් මෘදුකාංගය (operating system) කුමක් ද යන වග, බැටරියේ වත්මන් ධාරිතාව (batter percentage) හා පරිශීලකයා ජීවත් වන කලාපය (time zone) කුමක් ද යන වග ආදී තොරතුරු මෙලෙස WhatsApp විසින් ලබා ගනු ලබයි.
එපමණක් නොව, පරිශීලකයා WhatsApp යෙදුම කොපමණ කාලයක් භාවිතා කරනවා ද යන වග, status updates වල අඩංගු තොරතුරු, ඒවා මාරු කරන වාර ගණන වගේ ම, WhatsApp groups වල යොදා ඇති icons, විස්තර (description), සමූහයේ සිටින සාමාජිකයන් ගණන ආදී තොරතුරු ලබා ගැනීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇත.
ලබා ගන්නා දත්ත හා තොරතුරුවලට සිදු වන්නේ කුමක් ද?
එලෙස ලබා ගනු ලබන දත්ත සහ තොරතුරු WhatsApp තම මව් සමාගම වන Facebook ආදී සමාගම් සමග බෙදා ගැනීම සිදුවේ.
ඒ අනුව, පරිශීලකයාගේ රුචි අරුචිකම් අනුව හැඩගැස්වුණු වෙළඳ දැන්වීම්, විවිධ භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු එම යෙදුම් භාවිතා කිරීමේදී ප්‍රදර්ශනය වේ.
තව ද මේ හරහා WhatsApp Business Accounts හා බෙදාගන්නා දත්ත හා තොරතුරු ද එම සමාගම්වලට හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසෙන සේ.
මේ හරහා එම සමාගම් මුදල් ඉපැයීම සිදු කරයි.
පරිශීලකයින්ගේ අදහස්
මේ හේතුවෙන් ලොව පුරා සිටින WhatsApp පරිශීලකයින් පවසන්නේ, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු වෙළෙඳ කටයුතු සඳහා භාවිතා කිරීමෙන් වන හානිය වළක්වා ගැනීම සඳහා ඊට ආදේශක යෙදුම් (Alternative Apps) භාවිතයට යොමුවනවා ද නැද්ද යන්න පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු බවයි.