කොටහේන කැතීඩ්‍රල් පිරිමි පාසලේ නත්තල් දින උත්සවයට ආරාධනාවක් ලැබුනා.
මීට කළින් මුස්ලිම් දින උත්සවයට එක වගේ මුස්ලිම් ජාතික ඇඳුමින් සැරසිලා හිටපු දරුවෝ අද නත්තලට එක වගේ සැරසිලා.
කොළඹ මැද්දේ, කතෝලික පාසලක, මුස්ලිම් බහුතරයක් දරුවෝ ඉගෙන ගන්න ඉස්කෝලෙක, සිංහල ගුරුවරු වැඩි දෙනෙක් එක්ක අපූරු විවිධත්වයක් මුහු වෙලා මේ පාසල නිර්මාණය වෙලා. අපේම විවිධත්වයන් වලට ගරු කරමින් ඒ දරුවන් එකා වගේ ලොකු වෙනවා බොහෝම ආදර්ශමත් විදියට.
මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුන සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කිව්වා ලබන අවුරුද්දේ සිට ප්‍රාථමික අංශයට වාර විභාග පවත්වන්නේ නැති බවත් තවත් ප්‍රතිසංස්කරණ මග එන බවත්, වසර 5 ක් පුරාවට ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු සළස් වන බවත්. ඔහුත් System Change එකක් ගැන කතා කළා.
දරුවන්ගේ දස්කම් බලලා, විවිධත්වය අගේ කිරීම සහ දළ ජාතික සතුටට සංස්කෘතියේ වැදගත්කම ගැන දරුවන්ට කියලා දීලා මම පුංචි දේශනයක් කළා.
මේ ජාතීන් අතර මුහු වීම, එකිනෙකාට ගරු කිරීම, සංස්කෘතික සැමරීම බහු ජනවාර්ගික සමාජයකට ඉතාමත් වැදගත්.
එම විදුහලේ විදුහල්පති තුමාටත් , ගුරු මණ්ඩලයටත් ඒ උත්සාහය වෙනුවෙන් තුති.
පැතුම් කර්නර්