ඉන්දියාවේ මුදල් ඇමතිනිය වෙන නිර්මලා සීතාරාමන් එළඹෙන ඉන්දියා ලෝක් සභා මැතිවරණයට තරඟ නොකරන බව කියනවා.
ඇයට මෝඩිගේ BJP යෙන් තරඟ කරන්න ආන්ද්‍රා ප්‍රදේශයෙන් හෝ තමිල් නාඩුවෙන් ටිකට් එක ලැබුනත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයට හේතු ලෙස දක්වා තිබෙන්නේ එම මැතිවරණයට තරඟ කිරීමට තරම් මුදල් තමන් සතුව නොමැති බව කියමින්.
රටේ ප්‍රසිද්ධ මුදල් ඇමති වෙලා ඉඳලත් ඡන්දයක් ඉල්ලන්න සල්ලි නැද්ද කියලා මාධ්‍ය වෙදියෙක් අහපු ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ මම මුදල් ඇමති කම කලේ රටේ සල්ලි කළමනාකරණයට මිසක් ඒකෙන් මට ලාබයක් නොලැබෙන බවයි.
නිර්මලා ආර්ථික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි ධාරිනියක් වන අතර, 2008 සිට BJP ය සමග කටයුතු කර සාපේක්ෂව පහසු රාජ්‍ය සභාවට 2014 දී පැමිණියා. එතැන් පටන් විවිධ ඇමති තනතුරු දරමින් ක්‍රමයෙන් BJP යේ ජ්‍යෙෂ්ඨත්වයට පත් උනා. මේ වෙන විට ඇය රටේ මුදල් ඇමති වගේම වෙළෙඳපොළ සම්බන්ධ ඇමති දූරයක්ද හොබවනවා.
වෘත්තීය දැනුමින් යුතු පුද්ගලයන් ඇමති දූර වලට පත් කිරීම ඉන්දියාවේ දකින්නට ලැබෙන හොඳ ලක්ෂණයක්. විශේෂයෙන් ආරක්ෂක ඇමති, විදේශ ඇමති, මුදල් ඇමති වගේ තනතුරු දෙන්නෙම විෂය ප්‍රවීණයන් සොයා බලලා.
කෙසේ වෙතත් වයස 65 ක් වන නිර්මලා ගේ දේශපාලන ජීවිතය මින් අවසන් වන්නේනෑ. ඇය ඡන්දයක් නොවන මාර්ගයකින් රජයේ වගකීම් දරනු ඇති.
පැතුම් කර්නර්
#හරිත