පැතුම් එක්ක රේස් බුකියකට ගිහින් බලමුද ?

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රේස් බුකියකට ගිහින් බලමුද ?

    ශ්‍රී ලංකාවේ සාපේක්ෂව අඩුවෙන්ම කතා වෙන මාතෘකාවක්. රේස් බුකි හැම තැනම තිබුණත් කවුරුත් වැඩිය ඒ ගැන කතා බහක් නෑ. සූදූ කෙළීම දුසිරිතක් ලෙස සැලකුවත් මේ රේස් බුකි ගැන ලංකාවේ තියෙන්නේ පොඩි නොදන්නා කමක්.

    අරංක්කු, ගංජා, සිගරැට්, අයිස් වගේම සූදුවටත් මිනිස්සු ඇබ්බැහි වෙනවා. Problem gambling වලින් මුදවන්න හරි අමාරුයි ඒ මට්ටමට ගිය කෙනෙක්. පොඩි පොඩි ලෑලි මඩු වල තියෙන රේස් කොලේ බලාගෙන දාන අස්ස රේස් ඔට්ටු වලට වඩා දැන් තියෙන්නේ ලයිව්ම වැඩේ බලාගෙන ඔට්ටු දාන තාක්ෂණික බුකි. ඒසී කරපු, ටීවී මහ ගොඩක් හයි කරපු, වෙනම සොෆ්ට්වෙයාර් වලින් දුවන ව්‍යාපාරයක් බවට මෙය පත් වෙලා.

    මේවා ඇතුලට එන්නේ අස්ස රේස් විතරක් නෙවෙයි, බළු රේස්, ඔටු රේස් ආදී ඕන එකක්. ඒ වගේම ඕනෑම ක්‍රීඩාවක් මේක ඇතුලට එනවා. ලෝකේ වෙන ඕනෙම ක්‍රිකට් මැච් එකක් මේක ඇතුලට එනවා. ඒ හැම දේකම බෝලෙන් බෝලෙට, ඕවරෙන් ඕවරේට ඔට්ටුවක් වැටෙනවා. ටොස් එක දිනන එක, හයේ වේ ගහන එක, කැච් අල්ලන එක ඕන එකක්. මැච් එකක් දිනන පරදින එක බේසික් ඔට්ටුවක්. මේවා ඇතුලේ වෙන්න ඉඩ නැති ඒවට ගෙවනවා වැඩියි.

    උදාහරණයක් ලෙස ගත්තොත් පසුගියදා ඉවර උන ලෝක කුසලානය ඉන්දියාව දිනනවා කියලා ගොඩක් ඔට්ටු වැටෙද්දි, ඕස්ට්‍රේලියාව දිනනවා කියලා වැටුනේ ටිකයි. එතකොට ඕස්ට්‍රේලියාව දින්නහම ඒ අයට ලොකු ජයග්‍රහණ ලැබුනා. ඒ නිසාම මේ තරග වල ප්‍රථිපලය බුකි කරුවන්ට වෙනස් කරන්න පුළුවන් නම් මේ ගේම් එකෙන් ඔවුන්ට ලොකු වාසි ගන්න පුළුවන්. ඒ නිසාම බුකි කරුවන් මේ ක්‍රිඩා පාලනය කරන ආයතන වල සිල් රෙදි පෙරවගෙන උපාසක ලීලාවෙන් තනතුරු දරනවා. මේක ලෝකෙටම තියෙන ගැටලුවක්.

    ශ්‍රී ලංකාවේ අපි නොදන්නවා උනාට මේ කර්මාන්තය ලොකුවට කෙරෙනවා. සූදු කියන්නේ කැසිනෝ ගහන එක විතරක්ම නෙවෙයි. සමාජයේ සෑම තරාතිරමක මිනිසුන් මේකට යනවා. ඒක තවම පොදුවේ ප්‍රශ්නයක් ද කියන්න තරම් සමාජයට අවුලක් වෙලා නෑ. නමුත් මේවා අපි දැන ගෙන ඉන්න එක ජීවිත වලට වැදගත්.

    මළ ගෙවල් වල අගුපිල් වල ඕමි ගහන කොට, හොරෙන් කසිප්පු පෙරන කොට, රා විකුණන කොට පනින පොලිසිය මේවට පනින්නේ නෑ. මොකද ඒවට රජයේ ලියාපදිංචි ලයිසන් එකක් තියෙනවා. හන්දියේ බාර් එකට තියෙන ලයිසන් එක වගේම තමයි. එම ලයිසන් ක්‍රම හරහා නියාමනය කිරීමත්, බදු රැස් කිරීමත් කරන්න රජයක් ක්‍රියා කරනවා. ඒක තමයි ස්වභාවය.

    පැතුම් කර්නර් #හරිත
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    545324be-ae2b-4ecd-9cea-9840bbcafa72-removebg-preview.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179

    DP karaya onawelada pachum
    Lol