පැතුම් කනර්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1647718720703.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගානන්ද විගණන වාර්තා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඡන්දෙට සල්ලි වියදම් අන්තිමට ඉල්ලන්න බැරි උනේ ජවිපෙ ඌ ගිවිසුම් ගහල හිටපු පක්‍ෂෙ එක්ක කුමන්ත්‍රණ කරලා. ඒවට දැන් ණඩු යනවා.

    අනික ඌ මෙහ ඉදගෙන නඩු ටිකක් හරි කරගෙන යනවා.

    1. වෛද්‍ය වරුන්ගේ විනය පාලනය කිරීමට, රෝගීන්ගේ හා පුරවැසියන්ගේ අයිතිය ආරක්ෂා කිරීමට වෛද්‍ය සභාව නව වෛද්‍ය පනතක් කෙටුම්පත් කළේය. එම අවස්ථාවේ GMOA එක කපුටා සමග එක්ව එම කෙටුම්පත ඉදිරිපත් කල වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු 5 දෙනෙක් නීති විරෝධීව ඉවත් කරන විට ඊට එරෙහිව නැගී සිටීමට හැම ප්‍රශ්ණයකටම කටින් බතල හිටවන සජිත්ට හා අනුර කුමාරට යෝජනා කරන විට දෙදෙනාම කට්ටි පැන්නේය. එම අවස්ථාවේදීද රෝගීන්ගේ හා මහජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම එම නීති විරෝධී ක්‍රියාව අධිකරණය හමුවේ අභියෝග කිරීමට ඉදිරිපත් වුයේ නාගාන්නද පමණි.

    2. ගෑස් පිපිරීම් 800 කට වඩා සිදුවන විට කීප දෙනෙක් පිලිස්සී මියයන විට බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්නට එරෙහිව නීතිය බලගැන්වීමට නාගානන්ද සජිත් ප්‍රේමදාසට, අනුර කුමාරට ආරාධනා කළේය. තම විරුද්ධ වාදියාට රට විනාශ කිරීමට ඉඩදීම ජනතාව දිනාගැනීමේ ප්‍රතිපත්තිය ලෙස දකින මෙම බංකොලොත් දේශපාලුවෝ එම අවස්ථාවේද තම වගකීම පැහැර හැරියේය.

    3. පිළිකා කාරක පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 480 රේගුවෙන් නිදහස් කරන විට ඊට එරෙහිව නැගී සිටීමට නාගානන්ද මේ දෙදෙනාට නැවත ආරාධනා කළේය එම අවස්ථාවේද මොවුන් දෙදෙනාම තම වගකීම පැහැර හැරියේය.

    4. රේගු නීතිය තදින් ක්‍රියාත්මක කල රේගු අධ්‍යක්ෂ ජනරාල් චාල්ස් මැතිනිය නීති විරෝධීව ඉවත් කරන විටද එය අවලංගු කිරීමට රජයට බලකිරීමට නාගානන්ද ජවිපෙ සහය පැතීය. ඊට එරෙහිව නැගී සිටීම තම හොරෙන් කුණු කෑමේ ප්‍රතිපත්තිය හා ගැටෙන හෙයින් ඊට එරෙහිව නැගී සිටීමට ජවිපෙ වංචාකරුවන් තරයේ ප්‍රතික්ෂේප කළේය.

    5. බැසිල් හා රනිල් නීති විරෝධීව පාර්ලිමේන්තුවට රිංගන විට එය අභියෝග කිරීමටද මොවුන්ට ආරාධනා කරන විටද මේ බොරුකාරයන් තම හුරු පුරුදු නිවට ප්‍රතිපත්තියම අනුගමණය කළේය.

    6. ජනාධිපති මැතිවරණය වංචා කර නීති විරෝධීව ඝෝඨාභය රාජපක්ෂට රට පාවාදීමේ බරපතළ චෝදනා ලත් මහින්ද දේශප්‍රියට එරෙහිව දුෂණ නිතිය බලගැන්වීමට මොවුන්ට ආරාධනා කරන විටද නැවතත් මොවුන් දෙදෙනාම වගකීම පැහැර හැරියේය. එම අවස්ථාවේදීද එසේ ක්‍රියාකිරීම අනෙක් පක්ෂ දෙක සමග තම හොරෙන් කුණු කෑමේ ප්‍රතිපත්තියට හානි පැමිණෙන හෙයින් ඊට එරෙහිව නැගී සිටීමද සජිත් හා අනුර කුමාර පැහැර හැරියේය.

    7. රුපියල් බිලියන 12 ක බදු වංචාවක් කල BMW නඩුවේදී ජර්මන් BMW සමාගම පැහැදිලි සාක්ෂි ලබාදී තිබියදී සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් වරිය එම සාක්ෂි මත BMW ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වූ Prestige Automobile සමාගමට එරෙහිව නීතිය බලගැන්වීමට අධිකරණය ලිඛිතව සහතිකවූ අවස්ථාවේදීද නාගානන්ද මොවුන්ට නැවත ආරාධනා කළේය. එම අවස්ථාවේද එසේ ක්‍රියාකිරීම තම හොරෙන් කුණු කෑමේ ප්‍රතිපත්තිය හා ගැටෙන හෙයින් ඊට එරෙහිව නැගී සිටීමද සජිත් හා අනුර කුමාර පැහැර හැරියේය.

    8. මන්ත්‍රී කාර් පර්මිට් නඩුවේදී මන්ත්‍රීන් හා ඇමතියන් එක් අයකු රුපියල් මිලියන 33 1/2 බැගින් වංචා කර ඇතිබව බිඳ හෙළිය නොහැකි සාක්ෂි මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කරන විට අගවිනිසුරු ඇතුළු විනිසුරන් 5 දෙනෙක් එම නඩුව විභාග කිරීමෙන් ඉවත් වන විටද නාගානන්ද ජවිපෙ සහාය අපේක්ෂා කළේය. එම අවස්ථාවේද කුහක කමට තම ජාතික වගකීම මේ වංචා කරුවන් පැහැර හැරිය අතර දැන් බොරුවට පර්මිට් නඩුවක් (SCFR/174/2021) අධිකරණය හමුවේ පවරා ඇත. තමන් ලබාගත් පර්මිට් වාහනය විකුණා එක් ජවිපෙ මන්ත්‍රී කෙනෙක් රුපියල් ලක්ෂ 51 කට අධික රජයේ බදු මුදල් වංචා කර එවැනි නඩුවක් පැවරීමට ජවිපෙට නීතියෙන් අවසරයක් නැත. එහෙයින් නාගානන්ද මැදිහත්වී එම බොරු නඩුව නිශ්චිතවම නිෂ්ප්‍රභා කිරීමට ක්‍රියා කරනු ඇත.

    9. මැද පෙරදිග හිරවී සිටින ශ්‍රී ලංකික පුරවැසියන් 50,000 අධික ප්‍රමාණයකට නැවත මාතෘ භූමියට පැමිණීමේ අයිතිය ඝෝඨාභය අහිමි කරන අවස්ථාවේදීද නාගානන්ද ඔහුව වගඋත්තරලෙස නම්කර එම පුරවැසියන්ගේ අයිතිය දිනාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන විට අධිකරණය දිගින් දිගටම එම නඩුව විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරන විටද නාගානන්ද ඊට එරෙහිව මොවුන් දෙදෙනාගේ සහාය අපේක්ෂා කළේය. එම අවස්ථාවේද තම නිවට ප්‍රතිපත්තිය වෙනස් කිරීම මොවුන් අසමත් විය.

    10. ඝෝඨාභයගේ නීති විරෝධී සදාචාර විරෝධී 20 වන ව්‍යවස්ථා සංශෝධයට එරෙහිව දැන් අනුර කුමාර මයික් ටයිසන් කෙනෙක් වී එය තරයේ විවේචනය කරමින් කෑ මොර දෙයි. නමුත් අවශ්‍ය අවස්ථාවේ අඩුම තරමින් එය අධිකරණය හමුවේ අභියෝග කිරීමට තරම්වත් කශේරුවක් මොහුට නොමැති විය. මේ නිවටයින් දැන් වහලුන් යොදව කිසිම පදනමක් නැතිව මඩ හගන්නේ ඕනෑම අවස්ථාවක කිසිම ලාභයක් හෝ වාසියක් අපේක්ෂා නොකර මහජන අයිතිය වංචා කරන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව බලගන්වන නාගානන්දටය.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    @ComradeR ඇයි කියන්න දෙයක් නැද්ද 🤣 දාලා යන්නේ. ඔය ප්‍රොෆයිල් පික් එකම තියෙන බයියෙක් හිටියා මතකයි.
    දෙයක් කරන්න යන මිනිස්සුන්ට මඩ ගගහා ඉදපල්ලා. රට යන්නේ කොහාටද කියලා තේරුම් ගන්න බැරි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    @ComradeR ඇයි කියන්න දෙයක් නැද්ද 🤣 දාලා යන්නේ. ඔය ප්‍රොෆයිල් පික් එකම තියෙන බයියෙක් හිටියා මතකයි.
    දෙයක් කරන්න යන මිනිස්සුන්ට මඩ ගගහා ඉදපල්ලා. රට යන්නේ කොහාටද කියලා තේරුම් ගන්න බැරි
    Matath profile pic eka dakka gaman bayyek mathak una 🤣
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කරමු කිසිම අවුලක් නෑ, පබ්ලික් බ්ලොක් චෙන් එකක සල්ලි දාන්න ඔන,
    ක්‍රිප්ටො අකවුන්ට් එක මොකක් හො කිප දෙනෙක් අයිතිය තියෙන එකක් වෙන්න ඔන