මගේම කියලා ක්ලිනික් එකක්...
ඔව්, එහෙම එකක් හදන්න වුවමනාව තිබුනේ 2018 ඉඳලා. සිංගප්පූරුවේ ඉන්න ගමන් ටික ටික බඩු එකතු කළා. සිහින මැව්වා. සමහර උපකරණ ඉන්දියාවේ ගිය වෙලාවක අරගෙන ආවා.
2020 ඡන්දය ඉල්ලන්න ආවාට පස්සේ ආයේ එංගලන්තයේ ගමන වැටුනා. පසුවට දේශපාලන කටයුතු නිසා අවුරුද්දක් වෛද්‍ය වෘත්තියෙන් ඈත් වෙලා හිටියා. දැන් ආයෙත් කාලය එලඹිලා.
මේ ක්ලිනික් එක දැම්මේ ගම් පළාතෙම තමයි. ඒ කිරිබත්ගොඩ. එංගලන්තයේ ඉඳලා එනකොට බිරිඳට ලැබුන බදු ආපසු ලැබීම් වලින් ලද මුදල්, සහ පවුලේ සහෝදර සහෝදරියන්ගෙන් වගේම හරිත පෙරමුණේම යාළු මිත්‍රයන්ගෙන් ලැබුන ණය මුදල් වලින් මූලික ප්රාග්ධනය යොදා ගත්තා. පක්ෂයේ කැමැත්ත මම යළිත් වෛද්‍ය වෘත්තියේ නියැළෙනු දැකීම.
මම හදපු ලෝගෝ එකට Tharuka Ranaweera කැමති උනේ නෑ. මේ ලෝගෝ එක එයාගේ තේරීම. පාට වලට කැමතිද කියලා පවුලේ අය ඇතුළු හැමෝගෙන්ම ඇහැව්වා. කට්ටිය දීපු ඔප්ෂන් වලින් තෝර ගත්තේ මේ පාට.
වැඩේ ලස්සනට ප්ලෑන් කරලා ඇඳලා දුන්නේ ගෘහ නිර්මාණ ශිල්පී හේමාල් පීරිස් මහත්තයා. බිල්ඩිම බදු පදනමට අරගෙන සති තුනකින් වැඩේ ඉවර කළා. පොඩියට වරු පිරිතක් කියන්න දික්වල නාගවනාරාමයේ අමරකීර්ති ලොකු හාමුදුරුවෝ ගෝල හාමුදුරුවන් පස් නමක් එක්ක වැඩම කළේ මීට දවස් දෙකකට කළින්.
ඉතිං, අර්බුදයට පස්සේ ව්‍යාපාර පටන් ගන්න සුදුසු කාලයක ඉන්නේ කියලා මම හිතනවා. මෙතැන් පටන් රට තුල වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ ඉදිරි ප්රතිසංස්කරණත් හරියට කෙරුණොත්. ඒ ගැන දේශපාලනිකව කරන මැදිහත්වීම් දශමයකින් හෝ අඩු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම මේ ක්ලිනික් එක නූතන තාක්ෂණය අතින් ඉහළ තැනක තියා ගන්න මහන්සි වෙනවා. තාම ආරම්භය නිසා දැනට සරළයි. ඒත් ඉක්මනින් තාක්ෂණය උපරිමයෙන් යොදා ගෙන පාරිභෝගික සේවා ලබා දීමට කටයුතු කරනවා.
මේ මොඩල් එකේ ක්ලිනික් තමයි අපිට සිංගප්පූරුවේ සහ එංගලන්තයේ දකින්නට ලැබෙන්නේ. ඒවායේ වැඩ කරලා ආවට පස්සේ ඒ වගේ එකක් මෙහෙත් හදන්නයි මේ උත්සහය. ඒ පාරිභෝගික සේවය, ඖෂධ වල සිට ඒ ගුණාත්මකභාවය මෙහෙට ගේන්න බලන්නේ. ඒවාට යම් මිළක් දරන්න වෙනවා. අපේ රෝගීන් බහුතරයකට එය සම්පුර්ණයෙන් දරා ගන්න පුළුවන් දැයි සැකයක් වගේම අභියෝගයක් තියෙනවා. ඒත් සාධාරණ ලෙස අවශ්‍ය තැන් වලදී නම්‍යශීලී වෙමින් මෙම සේවාව පවත්වා ගෙන යෑමට උපරිම උත්සාහය දරනවා.
පසුගිය වසර අභියෝගාත්මකයි. දේශපාලන කටයුතු වලට වියදම් කරන්න ප්‍රමාණවත් මුදල් ලැබුනේ නෑ. සමහරවිට ඒ අපිට ගහපු ලේබලය නිසා වෙන්න ඇති. ඒ අභියෝගය යලිත් මා උපයන්නෙක් බවට පත්කලා. ඒ හැඟීම ඇත්තෙන්ම වටිනවා. බරක් නොවී ජීවත් වෙන්න පුළුවන් වෙන එක සතුටක්.
ඒත් පක්ෂයේ අරමුදලට දායක වන ඔබ සැම දිගටම එසේ කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මොකද පක්ෂය සහ අපේ දේශපාලනය ප්රමුඛයි. එය දෙවැනි කොට මෙය කෙරෙන්නේ නෑ. රට වෙනුවෙන් යන ඒ ගමන පළමු වගකීම වන අතර, මේ දෙවනි වගකීම ජීවනෝපාය පමණයි. ඒ අමතර කාලය රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් සම්පුර්ණයෙන් යලිත් යොදවන්න ලැබීම හිතට විශාල තෘප්තියක්.
ඉතිං, අපි හෙට ආරම්භයක් ගන්නවා. බලන්න එන්න කැමති නම්, The Island Medical Group කියලා google map එකේ බලන්න.
මේක family care clinic එකක් , එහෙම නැත්නම් GP center එකක් වගේම Specialist Clinic එකකුත් ලෙස ක්‍රියාත්මක වෙනවා. Specialist Clinic එකට වෙනම කාමරයක් තිබෙනවා. විශේෂඥ වෛද්‍ය වරුන්ට තව නොබෝ දිනකින් එහි පැමිණෙන ලෙස ආරාධනා කරනවා. ඒවගේම රසායනාගාර සේවා, ෆාමසි සේවා, ECG , Nebulization, Minor Surgeries and Procedures කෙරෙනවා. තවත් සේවා ක්‍රමිකව එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.
ජීවිතයේ අලුත් චැප්ටර් එකක් මෙසේ ආරම්භ කෙරෙනවා.
උදව් කරපු හැමෝටම බොහෝම ස්තුතියි.
පැතුම් කර්නර්
#හරිත