දැනට දින ගණනාවක් පුරා සිදු වෙන අපරාධ මර්ධන වැඩපිළිවෙළ ගැන සමාජයේ කතිකාවක් තිබෙනවා.
මෙය අපරාධ මර්ධන වැඩපිළිවෙලක් වගේම තවත් පැති කීපයක් හිතන්නට තිබෙනවා. මේ වන විට සිදු කර තිබෙන දවසකට 2000 ක් ඉක්මවූ අත් අඩංගුවට ගැනීම් අතරේ අනිවාර්යයෙන් වැරදි නොකළ මිනිසුන් සිටිනවා. හන්දි වල සිටියදී හදිසියේ උස්සගෙන යෑමක් ලෙස දකින්නට පුළුවන් මේ තත්ත්වය තුල ඔවුන් බලාපොරොත්තු වෙන කරුණු කීපයක් තියෙනවා.
මේ මෙහෙයුම ආරම්භ වන්නේ හරි අපූරු කාල රාමුවක් තුල. ඉන් පළමු වැන්න තමයි පොලිසිය භාර ඇමති වරයාගේ නම පසුගියදා පැන්ඩෝරා පේපර්ස් වල පළවීම. ඒ කියන්නේ ඔහු විසින් උපයාගත් ආකාරය හෙළි නොකරන ධනයක් විදෙස් රටවල ගොඩ ගසා ඇති බවට කළ හෙළි කිරීමක්. ඒ ගැන මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුල කතා නොවුන තරම්. විශේෂයෙන් පොලිසිය බාර, මාධ්‍ය ආයතන කීපයක හිමි කරුවෙක් වුන මොහුට එරෙහිව යාමේ වුවමනාවක් කාටවත් තිබුනේ නෑ. පැන්ඩෝරා පේපර්ස් වල නම ආවට ඒවාට එරෙහිව කටයුතු කරන්නෙත් දේශපාලන වුවමනාවන් අනුව පමණයි. තවමත් එම පුද්ගලයා ඇමති කමේත් ඉන්නවා වගේම ඒවා ගැන පරීක්ෂණ කරන්න තියෙන ආයතනය මෙහෙයවමින් ඉන්නවා. ඉතිං ඒක කෙරෙන වැඩක් නෙවෙයි.
අනික තමයි මීළඟ පොලිස් පති වෙන්න ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටින දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මානව හිමිකම් නඩුවක වරදකරු කොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දීම. ඒ නඩු තීන්දු ප්‍රකාරව පොලිස් කොමිසමට බෑ දේශබන්දුව පොලිස්පති කරන්න. කළින් හිටපු පොලිස් පති ගේ සේවා දිගු අවසන් වීමත් එක්ක, වැඩ බලන පොලිස් පති කම විතරක් දීලා තියෙන දේශබන්දුට මේ නඩු තීන්දුව ලොකු බාදාවක්. එහෙනම් මේක මග ඇර ගන්න ක්‍රමයක් ඔහුට ඕනේ.
මේ දෙන්නම රාජපක්ෂ කඳවුරේ සමීපම ආරක්ෂකයෝ. ඒ වගේම අරගලය මර්ධනය කරන්න දිවි හිමියෙන් කැප වුන අය. දැන් දෙන්නටම තියනවා වුවමනාවක් තමන්ගේ නම සුද්ද කර ගන්න. රටේ තමන් ගැන තියෙන ආකල්පය වෙනස් කර ගන්න. ඒකට ගෙනාපු උප්පරවැට්ටියක් තමයි මේ රෑට රෑට සිදු වන දඩයම. ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. රටේ කුඩු වැඩි වෙලා කියලා අපි හැමෝම දන්නවා. පාරක යන්න අමාරු, මාල කඩන, ගෙවල් බිඳින, සොරකම් වැඩි කාලෙක අපි ඉන්නේ. කුඩු මර්ධනය කියන්නේ අත්‍යාවශ්‍ය විසඳුමක්. ඒක මේ වෙලාවේ ඉස්සරහට දාගෙන වේගයෙන් තල්ලු කළොත් සෑහෙන ජනප්‍රසාදයක් හදා ගන්න පුළුවන්.
හැබැයි එහෙම කරන වෙලාවට මේ රටේ පාරවල් වල ඉන්න අහිංසක කොල්ලොත් අහු වෙනවා. පාරේ කුඩු අල්ලන්න එන බිම් මට්ටමේ නිලධාරීන් තමන්ගේ හිතේ හැටියට කොල්ලො අල්ලගෙන යනවා. එතනදි මනින්න මිණුම් දණ්ඩක් ඔවුන් ලඟ නෑ. එවෙලෙට හිතුනොත්, ඇරියස් කවර් කරන්න තිබුනොත් ඒවා පිරිමහ ගන්න මෙවන් බලයක් අවභාවිතා වෙනවා. බලය පහළට දෙන්න දෙන්න ඒක තවත් කෙනෙකුට හිංසා කරන්න පාවිච්චි කරනවා. ඒක මෙතෙක් ලෝකයේ තිබුණ ප්‍රවණතාවක්. සිංහල දෙමළ කෝළාහල කාලේ ගෙවල් කොල්ල කෑවා වගේ, ජවිපේ කැරළි කාලේ නිකම් මිනිස්සුත් මැරුවා වගේ, අරගලය වෙලාවේ සමහර හානි සිදු උනා වගේ, බලයක් ලැබෙන වෙලාවට ඒක හානිදායක මට්ටමක් දක්වා භාවිතා කරන්න පෙළඹෙන එක මිනිස් ස්වභාවයක්. මේ වගේ මෙහෙයුම් වලදි සිදුවන්නෙත් ඒක. ඒ නිසා පැනඩෝල් පෙත්තක් කුඩු කරලා දාලා කුඩුයි කියලා අල්ලන කොල්ලෝ, ගංජා ගෙනත් දාලා අත් අඩංගුවට ගන්න කොල්ලෝ මේ අතරේ ඕන තරම් ඉඳියි.
විශේෂයෙන් අරගලයෙන් අනතුරුව තරුණ ප්‍රජාව යළිත් බිය වද්දා ගැනීම මේ සිස්ටම් එකට වැදගත්. ඔවුන් මෙයින් බලාපොරොත්තු වන අනෙක් අරමුණ එය. දේශබන්දුගෙම ඔළුවට හෙල්මට් පාරක් වැදුනට පස්සේ ආයෙත් අර කළින් තිබුන බය ඇති කර වන්න ඕනේ මේ සිස්ටම් එකට පවතින්න නම්. ඔවුන් ද්වීතීයිකව මෙයින් බලාපොරොත්තු වෙන කරුණ එය. ඒ නිසාම දේශපාලන බල අධිකාරියේ සහය මොවුන්ට ලැබෙනවා වගේම, ඒ නිසාම බයක් නැතුව ඔවුන්ට මේ මර්ධනය ඉදිරියට ගෙන යන්න පුළුවන්.
ඒ නිසා මේ හැමදේම ගැන විවෘත මනසින් බලන්න. ඒ වගේම සෘජුව නොබියව මුහුණ දෙන්න. තමන් හොඳටම දන්න එකා වෙනුවෙන් පෙනී ඉන්න. වරද ඔප්පු කරනකං අපරාධ ලේබල් නොගහා ඉන්න. යන එන තැනක් හොඳම යාළුවට හරි කියලා යන්න. හැම දේම සදාකාලික නෑ.
"This too will Pass!"
පැතුම් කර්නර් #හරිත