පැතූ දේශයේ සිහිනය ලඟා වෙමින් පවතී

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් අනතුරුව වෙළෙඳපොළ සීඝ්‍රයෙන් වෙනස් වීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. රාජ්‍ය මූලික ප්‍රතිපත්තියක සිට ක්‍රමයෙන් පුරවැසියා මූලික වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකට පරිවර්තනය වීමේ මුල් පියවරයන් රජය විසින් ගනිමින් සිටි. එය ඉතා වැදගත් පරිවර්තනයක මූලික අවස්ථාවකි.

    මේ වෙනස් වීම් සිදු වූ විට වේගයෙන් දියුණු වන වෙළෙඳපොළක් අපිට හිමි වන අතර ඒ මගීන් ධනය උත්පාදනය කර ගනීමටත්, දුප්පත්කමෙන් මිදීමටත් රටට හා පුරවැසියන් හට හැකියාව ලැබේ.

    මේ අලුත් ක්‍රමය හෙවත් මේ පරිවර්තන වලින් අනතුරුව අපි ඇතුළු වන්නේ අලුත් වෙළෙඳපොළ ක්‍රමයකටයි. මේ පරිවර්තන වලින් අනතුරුව රටේ පැවති ආර්ථික ක්‍රමය වෙනස් වේ. එසේ නම් ඊට සමගාමීව වෙනස් විය යුතු අනෙක් මූලික ක්ෂේත්‍රය නම් දේශපාලනයයි.

    නූතන වෙළෙඳපොළ ආර්ථිකයක් පවත්වා ගෙන යාමට යහපත් රාජ්‍ය පරිපාලනයක් ද එය නිර්මාණය කරන යහපත් දේශපාලනයක් ද අත්‍යාවශ්‍ය වෙයි. වෙළෙඳපොළ ආර්ථිකයක් සාර්ථක වන්නේ නීතියේ පරමාධිපත්‍ය ඇති කිරීමෙන්ද වංචා දූෂණ වලට වැට බැඳීමෙන් ද අලුතින් සිතන ලෝකය සමග ගනුදෙනු කළ හැකි නායකයින් පත් කර ගැනීමෙන් ද ආදී මූලික කරුණු නිසා ය. එසේ නොවී හුදෙක් වෙළෙඳපොළ ඇති කළ පමණින් එය සාර්ථකත්වය කරා ඇදී නොයයි. හොඳ වෙළෙඳපොළ ආර්ථිකය යනු වේගයෙන් යන සැපපහසු බස් රථයක් නම්, ඒ බස් රථයට නිවැරැදිව යෑමට හොඳ රියැදුරෙකු, හොඳ මාර්ග, හොඳ පාලම්, ඉන්ධන අවශ්‍ය වන්නා සේම වෙළෙඳපොළ ආර්ථිකයක් සාර්ථකව ගෙන යෑමට අපිට හොඳ නායකයින් , හොඳ නීතියක් සහ වංචා දූෂණ අවම රාජ්‍යයක් අවශ්‍යය. එම නිසා වෙළෙඳපොළ නිර්මාණය කරන අයුරින්ම හොඳ පදනමක් සහිත දේශපාලනයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍යය. වෙළෙඳපොළ ආර්ථිකය යනු උස ගොඩ නැගිල්ලක් නම්, යහපත් දේශපාලනය යනු එහි කොන්ක්‍රීට් පදනමයි.

    වෙළෙඳපොළ මෙසේ නිර්මාණය වෙද්දී, දේශපාලනය වෙනස් කර ගනීමේ අභියෝගය අපිට තිබේ. මේ පවතින දේශපාලන ක්‍රමය තුල පත්වන පුද්ගලයන් විසින් අප බලාපොරොත්තු වන යහපත් දේශපාලනය ලබා දීමට අපොහොසත් වෙති. එනයින් ඒ වගකීම පුරැවසියන් සතුව තිබෙන අභියෝගයකි.

    මීළඟට පැවැත්වෙන ඡන්දය කුමක් වුවත් එහිදී ඔබ ඒ අලුත් දේශපාලන නායකයින් නිර්මාණය කළ යුත්තේ ඒ නිසා ය. මේ පිළිබඳව අපි ඔබට දිගින් දිගටම කියා සිටිය ද ඔබ එය පිළිගැනීමට සූදානම් වූයේ නැත. රැල්ලක් එන කාලෙට සාමාන්‍ය පුරවැසියෝ එයට ගසා ගෙන යෑම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඒ රැල්ල එසේ අවසන් වීම තවත් එක මහා විනාශයකින් රට මුදවා ගත්තා සේය. දැන් බහුතරයක් ඔබේ මනස යළිත් විවෘත වී තිබේ. ඔබට අපි සමග තරහක් ඇති බව අපි දනිමු. ඔබ පිළිගත් මතය අපි බැහැර කළ නිසා එසේ සිදු වන්න ට ඇත. එහෙත්, ඒ බාදාවන් මැද වුව ද අපි නොනැවතී අපේ වගකීම ඉටු කරමින් සිටින්නෙමු.

    අප තවමත් දකින්නේ ඒ මාර්ගයමය. මේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අලුත් නායකයින් නිර්මාණය කරන්න. පරණ පක්ෂ සහ පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් ඊළඟ ඡන්දයෙන් ගෙදර යවන්න. නූතන ලෝකයට ගැලපෙන අලුත් නායකයින් පාර්ලිමේන්තු යවන්න. අලුත් රාජ්‍යයක් නිර්මාණය කරන්න.

    මේ සිස්ටම් චේන්ජ් එක යනු කේන්තියෙන් වෛරයෙන් ආණ්ඩු මාරු කර තවත් එක බල මාරුවක් කිරීම නොවේ. එය කළ හැක්කේ සංයමයෙන්, දැනුමින්, අලුත්, නිර්මාණශීලී නායකයින් කරළියට ගෙන ඒම තුළිනි. එයට යම් කාලයක් ගත වේවි. එහෙත් එය යම් ගමනක් නම්, අපි එහි බොහෝ දුර මේ වන විටත් ඇවිද ගොස් තිබේ. ඉතිරිය ද අපි එක්ව ගමන් කරමු.

    මේ දේශපාලන පරිවර්තනයෙන් ද වෙළෙඳපොළ ආර්ථික පරිවර්තනයෙන් ද එගොඩ ඔබ සොයන අලුත් සිස්ටම් එක ඔබ එනතුරු බලා හිඳී. හැබෑ මැරතන් එක එයයි. තව ටික දවසයි.

    ජයවේවා!

    පැතුම් කර්නර්
    #හරිත
    #පැතූනොමික්ස්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    E kiyanne pathuma uda panne Ranil ta rata baara dennane. Ranil dinna dawase indan mu meek na. Ranil ge hondamai kiyanne. E kale nan kiwwe nil kola rathu ekakwath epa kiyala. Okage Haritha Peramunata moko une?
    Pathumata ban dan kela wela inne. watenma pukshanaya wenawa. so mokakhari goda yana pathakata hetthuwela inna hadanne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,521
    113
    පැතුම් දුන්නනෙ දීමනාවක් කරටම අරගෙන ඉක්මනට ලැබෙන්න ඇති ඒ නිසා පොරොන්දු වෙච්චත් හොදයි හොදයි.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රැල්ලක් එන කාලෙට සාමාන්‍ය පුරවැසියෝ එයට ගසා ගෙන යෑම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඒ රැල්ල එසේ අවසන් වීම තවත් එක මහා විනාශයකින් රට මුදවා ගත්තා සේය. දැන් බහුතරයක් ඔබේ මනස යළිත් විවෘත වී තිබේ.
    ජෙප්පෝ නෙමේ නම් ඕනේ එකෙක් කමක් නෑ කියලනේ දැන් කියන්නේ :rofl: :rofl:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පෙරලුණුපිට හොදයි කියලා සුදු හුණු නොගා පැචුම් දැන්වත් බැරි දේශපාලනය නවත්තලා ජොබ් එකක් හොයන් ලමයින්ට කීයක් හරි ඉතුරු කරගන්න.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හම්මේ පාර්ලිමේන්තුව ලග උද්ගොශනය කරපු එකේ නඩුවෙන් බෙරෙන්න මු මාර කඩේ යැමක් නේ යන්නේ. ඉයා , දැන්ම මෙහමනම් ඉස්සරහට කොහොම කටට ගනිද මන් දා. මූ මේ ලියනහැලී print කරලා රනිල් ගේ ගෙදර ගිහින් උට පෙන්නලා ඇරගන්නවදා දන්නේ නෑ , අනේ සර් නඩුවෙන් බෙරලා දෙන්න කියලා
     
    • Haha
    Reactions: haunte

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වාමාංශික බලවේග අලුතින් අරගෙන එන තර්කය තමයි Sinopec සහ IOC ඒ රටවල රජය සතු සමාගම් කියලා.

    ඔව් බොහෝ රටවල රජය සතුව බල ශක්ති සමාගම් තියෙනවා. විශේෂයෙන් ලෝක බලවතෙක් වෙනවා නම් බල ශක්ති ක්ෂේත්‍රය තුල ශක්තිය තර කර ගන්න ඕනේ. දෙවන ලෝක යුද්ධයෙන් ජපානය ඉගෙන ගත්ත එක පාඩමක් ඒක.

    මේ Sinopec සමාගම චීනයේ මුළු වෙළෙඳපොළ කොටසෙන් අල්ල ගෙන ඉන්නේ 51% යි. IOC එක ඉන්දියාවේ වෙළෙඳපොළ කොටසෙත් අල්ලං ඉන්නේ 40% ක් පමණ. ඒ දෙකම මුළු බල ශක්ති ක්ෂේත්‍රයම අල්ලගෙන නෑ.

    මේ සමාගම් දෙකම රජය සතුයි. ඔව් ඒවා දියුණු වෙන සාර්ථක රාජ්‍යයන් සතු සමාගම්. ඒවා වෙනත් රටවලට විහිදෙනවා. ගෝලීය වෙළෙඳපොළ ආර්ථිකයක ඒක සාමාන්‍ය දෙයක්.

    අලුත් සමාගම් තුන ආවාට පස්සේ CPC ය සතු කොටස 44% ක් දක්වා අඩු උනා. මේ අලුත් සමාගම් වලට ලැබුනේ 12% ක් වගේ. ලංකා IOC එක 20% ක් තියා ගෙන ඉන්නවා. එතන ඇති වන තරඟකාරි වෙළෙඳපොළ අත්‍යාවශ්‍ය සාධකයක්.

    මේ මොඩල් එකත් අර ඉන්දියාවේ සහ චීනයේ වගේම තමයි. රජය සතුව ලොකු කොටසක් තියෙනවා. අනික් ටික වෙළෙඳපොළට දෙනවා. ඒකත් භූදේශපාලනිකව පාර්ශව දෙකට. ඒක හොඳ උපක්‍රමයක්.

    ඔය CPC ය සංස්ථා මොඩල් එකෙන් ගලවලා සමාගම් මොඩල් එකට ගේන්න ඕනේ. දේශපාලන පත්වීම් නතර කරලා හොඳ පරිපාලනයක් හදන්න ඕනේ. පුළුවන් නම් ඒකෙනුත් පොඩි ප්‍රමාණයක් හරි කොටස් ජනතාවට නිකුත් කරන්න ඕනේ.

    එවිට ශ්‍රී ලංකාවේ තෙල් වෙළෙඳපොළ තුල සමාගම් 5 ක් සිටිනවා. නිදහස් සහ සාධාරණ තරගයක් ඉන් ඇති කරන්න පුළුවන්.

    ඒක වඩාත් සාර්ථක ප්‍රතිසංස්කරණයක් වේවි.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්