පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත දැනුම් දෙයි.
    පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහා ම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම්දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා ඔක්තෝබර් මස 06 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළේය.
    එයට ප්‍රතිචාර වශයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා 2021.11.08 දාතමින් වාර්තාවක් යොමු කර තිබේ.
    තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතන මඟින් කැඳවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටී. විමර්ශන කටයුතු අවසාන වී නැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබා දීමට කටයුතු කරන බව එමඟින් වැඩිදුරටත් දන්වා ඇත.

    හහා පිරිලා අම්ම්බෝ
    ------ Post added on Nov 10, 2021 at 9:11 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලය තියෙන වෙලාවෙ සාක්ෂි නැතිකරල සෝදල ගන්න ඕනෙ

    giphy-downsized-large.gif
     
    • Haha
    Reactions: hodakolla