පැපරාසියා’ට තොරතුරු දෙනවා කියා, අසංක - බන්ද&#3

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    පැපරාසියා’ට තොරතුරු දෙනවා කියා, අසංක - බන්ද&#3

    පැපරාසියා’ට තොරතුරු දෙනවා කියා, අසංක - බන්දුලට පහරදීමට යයි

    Posted by Paparasi News Thursday, May 3, 2012


    ‘‘තමුසෙ තමයි මේ බලූ වැඩ සේරම කරන්නෙ. එක එක වෙබ් සයිට්කාරයින්ට බොරු නිව්ස් දීලා, මට එක එක ගෑනුන්ව ජෝඩු කරලා තෝ තමයි මාව ස්වර්ණවාහිනියෙන් එලවන්න කුමන්ත‍්‍රණය කරන්නෙ. මීට පස්සෙ මගේ ගැන මොනව හරි නිව්ස් එක්ක වෙබ් සයිට්වල ගියොත් මං කව්ද කියල තමුසෙට පෙන්නන්නම්.....’’ යනුවෙන් පසුගිය අපේ‍්‍රල් 30 වනදා උදේවරුවේ ස්වර්ණවාහිනියේ ප‍්‍රධානි අසංක එදිරිසිංහ මහතා ප‍්‍රවීණ මාධ්‍යවේදී ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතාට තර්ජනය කරමින් පහරදීමට ගිය බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘පැපරාසියා’ට අනාවරණය වේ.


    අසංක එදිරිසිංහ මහතාගේ අභූත චෝදනාවලින් වික්‍ෂිප්ත වී ඇති බන්දුල පද්මකුමාර මහතා, ‘‘අනේ සර් මං එහෙම කරන කෙනෙක් නෙමෙයි. ඔය වෙබ් සයිට්කාරයො මටත් ඇති වෙන්න ගහනවා. ඒත් මං ඕව ගණන් ගන්නෙ නෑ.....’’ යනුවෙන් පැවසූ විට අසංක පවසා ඇත්තේ, ‘‘තමුසෙ කුපාඩියෙක් කියලා මුළු ලෝකෙම දන්නවා. තමුසෙට කෑම වේලක් වැරදුනත් ගෑනියෙක් එක්ක නිදිය ගන්න බැරි වුණොත් ඒක ඊට වඩා බලපානවා කියලා හැම කෙනාම දන්නවා. මාව තමුසගෙ මට්ටමට දාන්න එපා....’’ කියාය.


    ස්වර්ණවාහිනී ප‍්‍රධානි අසංක එදිරිසිංහ මහතා බන්දුල පද්මකුමාර මහතාට එසේ තර්ජනය කොට ඇත්තේ ඊයේ (02 වනදා) අප පළ කළ ප‍්‍රවෘත්තිය පළවීමට කලිනි. එම ප‍්‍රවෘත්තිය පළවීම නිසා දැන් ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතාට ‘මුල් පිටුව’ සහ ‘ලෝක සිතියම’ වැඩසටහන් කිරීම සඳහා ස්වර්ණවාහිනියට යා නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.


    ස්වර්ණවාහිනියේ අවුරුදු 07 කට ආසන්න කාලයක් සේවය කරන බන්දුල පද්මකුමාර මහතාට ස්වර්ණවාහිනිය විසින් මසකට රුපියල් ලක්‍ෂ 06 ක වේතනයක් ගෙවනු ලබයි. දැන් බන්දුලට ඇති එකම හිතේ අමාරුව තමන්ගේ රුපියල් ලක්‍ෂ 06 ට කෙලවේදැයි යන්නයි.


    බන්දුල පද්මකුමාරට බඬේ පහර ගැසීමට ‘පැපරාසියා’ට කිසිදු අවශ්‍යතාවයක් නැත. අසංක එදිරිසිංහ තවදුරටත් බන්දුලට තර්ජනය කරමින් පහර දුනහොත්, අසංක එදිරිසිංහගේ නොමනා ලිංගික කි‍්‍රයාකාරකම් පිළිබඳව අප සතුව පවතින අනෙක් ප‍්‍රවෘත්තිත් අප පළ කරන්නෙමු. අපගේ ප‍්‍රවෘත්තිය නිසා බන්දුල පද්මකුමාර මහතාට යම් කිසි අපහසුතාවයක් ඇති වූයේ නම් ‘පැපරාසියා’ ඒ පිළිබඳව කණගාටුව පළ කර සිටී. :rofl::rofl::rofl::rofl::P:P:P:P:P