පැයට කිලෝමීටර් 620ක වේගයෙන් යාහැකි දුම්රියක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පැයට කිලෝමීටර් 620ක වේගයෙන් යාහැකි දුම්රියක් චීනය විසින් එළිදක්වා තිබේ. එම නව වේගවත් දුම්රිය "මැග්ලෙව්" නම් වේ.
    එම දුම්රිය ධාවනය කරනු ලබන්නේ චුම්බක රෝපිත රේල් පීලි මතය.

    මීටර් 21ක් දිගැති මුල් ආකෘති ය හා සමාන එම දුම්රිය පසුගියදා චීනයේ සිචුආන් පළාතේ චෙන්ගු නගරයේදී මාධ්‍ය වෙනුවෙන් එළිදැක්විණි. එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් පර්යේෂකයින් විසින් නිමවා තිබුණි.එමගින් එම දුම්රිය ගැන යම් අදහසක් ගැනීමටත් හුවමාරු ස්ථානවලදී කුමන ආකාරයක් වේද යන්න ගැන තේරුම් ගැනීමට ද එමගින් අවස්ථාවක් ලැබුණු බව සඳහන් වෙයි.

    ලොව විශාලම අධිවේගී දුම්රිය මාර්ග පද්ධතිය චීනයේ පිහිටා තිබේ. එහි සම්පූර්ණ දිග කිලෝමීටර් 37,000කි. එසේම ලොව වේගවත්ම වාණිජ්‍ය පදනම මත ක්‍රියාත්මක වන "ෂැන්හයි මැග්ලෙව්" අධිවේගී දුම්රිය ද චීනය සතුය.

    එරට පළමු අධිවේගී "මැග්ලෙව්" දුම්රිය ධාවනයට එක්කළේ 2003 වසරේදී ය. එහි උපරිම වේගය වූයේ පැයට කිලෝමීටර් 431කි. ෂැන්හයි පූදොන්ග් ගුවන්තොටුපොළ සහ නැගෙනහිර කලාපයේ පිහිටා ඇති ලෝන්යැන්ග් මාර්ගය එමගින් සම්බන්ධ වේ.

    ලබන වසරේ චීනයේ බෙයිජිං නගරයේ පැවැත්වීමට නියමිත ශීත ඝෘතු ඔලිම්පික් උළෙල ට පෙර එරට යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට චීන බලධාරීන් කටයුතු කරයි.

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,464
    113
    ඇමරිකාවට Heart Attack හැදෙනවා ඇති මේවා දැකලා 🤣🤣
    Probably you haven't heard about Elon Musk's project. Hyperloop. It's designed to run in a reduced air tunnel environment and could achieve 750 MPH. (approx 1200 km/hr)
    Technology will improve.. no matter who invents it. The Chinese Maglevs used German Technology. This is the one that runs from Shanghai, Longyang Rd to Pudong. This reaches 430km/hr and I have taken a ride in both directions.
    But this new Super Bullet is different.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    images