~ පැරණි ඊජිප්තුව ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ පැරණි ඊජිප්තුව ~

    පැරණි ඊජිප්තුව …………. පාරාවෝ රජවරු

    රාජ්‍යයේ පමණක් නොව මිසර ආගමික සංස්ථාවේද අසහාය නායකයා වන පුරාණ මිසර රජවරු හඳුන්වන්නේ ෆේරෝ හෙවත් පාරාවෝ නමිනි. ආදි මිසර ජන ජීවිතය මෙන්ම මෙහිදී සාකච්ඡාවට පාදක වන මිසර වැසියා තුළ පැවති මරණින් මතු ලෝකය පිළිබඳ ආකල්පයද ප්‍රධාන වශයෙන්ම ලැබෙනුයේ මෙම රජවරුන් විසින් ඉදි කරනු ලැබූ සුවුශේෂී නිර්මාණයක් වන පිරමීඩ තුළිනි. දැනට හඳුනා ගෙන ඇති පරිදි මෙකී පිරමීඩ ඔවුන් විසින් /බාවිත කරනු ලැබ ඇත්තේ රජවරුන්ගේ සුසාන වශයෙනි.
    වංශෘධිපතිවරු, මධ්‍යම පංතියක්න් සහ වහල්ලුන්ගෙන් යුත් පැරණි ඊජිප්තු සමාජයේ පාරාවෝවරු, රදළයින් සහ පූජකවරු හට විශේෂ වරප්‍රසාද හිමි විය. ඒ අනුව අසීමිත බලයකින් යුක්ත වූ පාරාවෝවරු තමන් විසින්ම දේවත්වය ආරෝපණය කොටගෙන සමාජය හමුවේ දෙවිවරු මෙන් පෙනී සිටියහ.මෙම වංශාධිපති කොට්ඨාශය විශාල වතු, අලංකාර මන්දිර, වටිනා ආභරණ, ඇඳුම්, වහලුන් සහ සේවකයන් විශාල වශයෙන් සිය පරිභෝජනය උදෙසා තබා ගනිමින් සමාජයේ වරප්‍රසාද ලත්, බලයෙන් ආඩ්‍ය, ඉතා උසස් තත්වයෙන් වැජඹුණු පිරිසක් බව ඔවුන්ගේ පැපිරස් ලේඛණ සහ දේවස්ථාන, පිරමීඩ ආදියේ ඇඳි සිතුවම්වලින් පැහැදිලි වේ. තත්වාකාරයෙන් නැතත් ආරෝපණය කරගත් බලයේ ස්වභාවය මත ෆේරෝ යනු දිව්‍යමය බලයකින් යුක්ත වූවෙක්ය යන්න මෙම සාධක ඔස්සේ විවරණය වන ඉතිහාසය අනුව පැහැදිලිව පෙනී යයි.
    මේ හේතුවෙන් සදාකාලික පැවැත්ම ප්‍රධානතම සහ එකම නිර්මාණවාදී සංකල්පය ලෙස විවරණය කරන පැරණි ඊජිප්තියානු ආගමට අනුව කියවෙන්නේ, වංශාධිපතිවරු සිය මරණින් පසුව වුවද තමන් මෙලෙව ගෙවන දිවියේ සුඛෝපභෝගීත්වය අපේක්ෂා කළ යුතු බවයි. උක්ත සංකල්පය, ආගම තුළින් ඔවුන් වෙත කිඳාබස්වන ලද නියතියක්ද වූ බව පැපිරස් ලේඛන සාක්ෂි දරයි. එම හේතුව මත සිය ජීවිත කාලය තුළදීම, තමන් විඳින සුවය මරණින් මතු ලොව වෙත ගෙනයාම සඳහා පාරාවෝ රජවරු කටයුතු කරන ලදී.
    එය ඔවුන්ගේ ආගම තුළින් විවරණය කෙරුණු ප්‍රධානතම සාධකය වීමත්,
    සාමාන්‍ය ජනයා අභිබවා ඉතා උසස් සමාජ මට්ටමක් පාලක පක්ෂය සතු කරගෙන තිබීමත්,
    බලවත්ම වූ සුළුතරයකින් යුත් රදළයින් කෙරෙහි විරුද්ධ වීමට තරම් බලයක් හෝ අයිතියක් බහුතර වහල් ශ්‍රමිකයන්ට නොතිබීමත්,
    ආගම තුළින් නිරායාසයෙන්ම පාරාවෝවරු දේවත්වයට පත් කර තිබීමත්
    යන සාධක හේතුවෙන් පාලකයින්ට නිරායාසයෙන් සිය අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව ලැබිණි.
    “මිසර චින්තනය ප්‍රධාන වශයෙන්ම යොමු වූයේ මරණයෙන් පසුව ජීවිතය අඛණ්ඩ ලෙස ගෙන යාම කෙරෙහිය. මෙය දිව්‍යමය බලය පහළ වීම නැමති රාජාණ්ඩු සංකල්පය හා සංයෝජනය වීමකි. දේවරාජ ෆේරෝගේ පැවැත්ම මරණයේ ආගමනය සමග නැවතුනේ නැත. සෑම දෙයක්ම ආස්වාදනය කරමින් භූත ආකාරයකින් හිඳිමින් තම පැවැත්මේ ක්‍රියා විලාසය වෙනස් කළා පමණකි…..”
    තව දුරටත් සඳහන් කරන්නේ නම්, පාරාවෝ රජු පැරණි මිසරයේ රාජ්‍ය නායකයා පමණක් නොව ප්‍රධාන පූජකයා වශයෙන්ද කටයුතු කළ අතර ඔහු දෙවියන්ගෙන් වරම් ලැබූ මෙලොව නියෝජිතවරයා ලෙසද කටයුතු කළේය. මේ හේතුව නිසාම ඔහුගේ යටත් වැසියා ඔහුට දේවත්වය උදෙසා කළ යුතු සියලු පුද සිරිත් ඉටු කළ අතර යටහත් පහත් ලෙස ඔහුගේ අණට කීකරුව සිටියහ.
    මෙම ආකල්ප හේතුවෙන්ම මියගිය පාරාවෝවරු යළිත් ප්‍රාණය ලැබ තමන් අතරට පැමිණෙන්නේයැයිමිසර වැසියා විශ්වාස කළෞය. පාරාවෝවරු පිරමීඩ තුළ මතු දිවියට අවශ්‍ය සායලු දෑ අසුරා තැබුවේද මෙසේ නැවත ඉපදීමේ අභාලාසය විශ්වාසය සහ සුඛවිහරණය ලබා ගැනීමේ අවශ්‍යතාව මතයි. මෙම සියලු විශ්වාස හේතුවෙන් මිසර වැසියා පාරාවෝ රජවරුන්ගේ මෘතදේහ දිගුකල් පවතින ලෙස සුරක්ෂිත කර මහා පිරමීඩයන්හි රහස් කුටිවල ආරක්ෂිතව තබා සියලු වතාවත් ඉටු කළහ.
    මේ අනුව බලන කල්හි පෙනී යන්නේ මතු ලෝකයක සුඛදායී උපතක අභීලාශයක් පමණක් මිස පාරාවෝ වරුනට මරණය පිළිබඳ බියජනක අඳුරු ආකල්පයක් නොතිබි බවත් මතු දිවියේ සැපතම ප්‍රාර්ථනා කළ බවත්ය
    .
    1.jpg


    2.jpg

     
    Last edited: