පැරදිලත් පරාජය බාරගන්න කැමති නැද්ද.
දිග ලිපියක් කොහොමහරි කියවල බලපල්ලා
මහින්ද රාජපක්ෂ මහතාගේ දස වසරක පාලනයේ නිමාව ලක්ෂ සංඛ්‍යාත ශී‍්‍ර ලංකා ජනයා දැනගත්තේ සිකුරාදා උදෑසන වෙද්දීය.
බ්‍රහස්පතින්දා දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසානයේ ඡන්ද ගණන් කිරීම ආරම්භවූ විට මිතුරන් හා පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන රටේ ජනතාව ප්‍රතිඵල ඉක්මනින් දැන ගැනීමේ නොතිත් ආශාව ඇතිව නිවසේ රූපවාහිනිය වටා එක්රැස් විය.බොහෝ දෙනාගේ සිත්හි තිබුණේ බියකි.ගෙවුණු බදාදා දිනයේ දිවයිනේ ප්‍රධාන නගරයන්හි සාප්පු හා වෙළදසංකීර්ණ පිරී තිබුණේ ඡන්දයට පසුදා එනම් සිකුරාදා දින ඇදිරි නීතිය පනවනු ඇතැයි,ප්‍රචණ්ඩකාරී කි‍්‍රයා සිදුවනු ඇතැයි බියපත්ව ලහිලහියේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ගණනින් මිලයට ගනිමින් සිටි ජනයාගෙනි.නමුත් එසේ බියපත්වීමට අවශ්‍යතාවක් නොතිබුණි.මන්ද ආරක්ෂක අංශ වල ,නීති ක්ෂේත්රයේ,මැතිවරණ දෙපාර්තමෙන්තුවේ,හා රජයේ වෙනත් අංශ වල නිර්භය නිළධාරීන් ඔවුන්ගේ දිවි පරදුවට තබා හැකිතාක් දුරට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරේ කැපවී සිටි බැවින්ය.
එසේ වුවත් ගෙවුණු සතිය ශ්‍රී ලංකාවේ වෙනසක් අපේක්ෂා කළ ජනතාවට - විශේෂයෙන් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයින්ට සිතෙහි නිදහසක් අත්කර දුන් කාලයක් නොවීය.නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරන ඇතැම් දේශපාලඥයින් හා ඔවුනට හිතවත් ආරක්ෂක අංශ වල ඇතැම් කණ්ඩායම් වෙනසක් සිදුවුවහොත් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීමට සැළසුම් කරගෙන සිටින බව සදහන් වාර්තා නොයෙක් වර පිටතට පැමිණියේය.බොහෝමයක් විශ්වාස කළ නොකළැකි වුවත් ඇතැම් වාර්තා අව්‍යාජ ස්වරූපයක් ගත්තේය.ජනපතිවරයා සතු බලතල භාවිතා කර ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා රාජපක්ෂ මහතාට තවදුරටත් ජනපතිධූරයේ රැදී සිටීමට නීතිමය අවකාශයක් ඇත්දැයි එක් අවස්ථාවකදී නීති විශාරදයින්ගෙන් විමසනුද ලැබිණි.මෙයට රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි හෙළිව තිබේ.අප සිටින්නේ ඡුන්දයට පෙර සිටම කුමන්ත්‍රණ දියත් කෙරෙන අවදියකය.දිවයිනේ නම ගිය නීතිඥයෙක් උද්ගතව තිබූ තත්ත්වය හදුන්වාදුන්නේ එළෙසය.
බොහෝ ශී‍්‍ර ලංකා ජාතිකයින් මේ බව නොදැන සිටියත් බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර ගෙවුණු කාලයේ ඉතිහාසයේ කිසිත් නොවූ විලස ප්‍රචණ්ඩකාරී හා අශ්ලීල ලෙස විපක්ෂයට පහර ගැසීමට රජයේ මාධ්‍ය යොදාගැනුනු බව නම් ඔවුහු හොදින් දැන සිටියහ.රාජ්‍ය මාධ්‍යයන්ට විපක්ෂ නායකයින් සියලූදෙනා ද්‍රෝහියන්,දුෂකයින් හා
සොරුන් විය.
ඔවුන් අතරට දැන් ශී‍්‍ර ලංකාවේ හයවැනි විධායක ජනපතිවරයා බවට පත්ව සිටින මෛතී‍්‍රපාල සිරිසේන මහතාද ඇතුළත් විය.රාජපක්ෂ 2005 වසරේදී බලයට පත්වූ විට රටේ ජනතාවට අලූත් මාධ්‍ය සංස්කෘතියක් හදුන්වාදෙන බවට දුන් පොරොන්දුව අන්තිමේදී ඔහු ඉටු කර තිබුණේ මෙලෙසය.රජයේ මාධ්‍යකරුවන්ට ඔවුන් ලියනා දෙය කියනා දෙය තමන්ම වාරණය කරගන්නවා හැරෙන්නට අන් කිසි දෙයක් ඉතිරිව නොතිබූ බව කිව හැකිය.අසීමිත රාජ්‍ය බලය හමුවේ ඔවුන්ට වෙන කරන්නට දෙයක් නොතිබූ බව සිතිය හැකිය.මෙනිසා කියනා දෙය කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන කිසි දෙයකට ඉඩ නොතිබුණි.මෙම තත්ත්වය කෙතරම් දරුණුවී තිබුණේද යත් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැත්වූ පළමු කතාවේදීම මෛතී‍්‍රපාල සිරිසේන මහතා සදහන් කළේ මේ සා චරිත ඝාතනයක් රාජ්‍ය මාධ්‍ය වලින් කිසිකලෙකත් සිදුනොවී ඇති බවය.
විරෝධාකල්ප දරන කවරෙකු වුවත් ඔවුන්ට ඉතාම පහත් ලෙස නින්දා කිරීම අලූත් මාධ්‍ය සම්ප්රදාය විය.දිනපතා ගුවන්විදුලි වැඩසටහන් වලටද මෙම පහත් ගණයේ ප්‍රචාරණ උපක්‍රමය එන්නත් කරනු ලැබිණ.තත්ත්වය කෙසේවීද යත් ඡුන්දය ප්‍රකාශ කරන දිනයේ රටේ ප්‍රධාන රූපවාහිනී නාළිකාව,ජාතික රූපවාහිනිය සාවද්‍ය පුවතක් ප්‍රසිද්ධියේ විකාශයනය කරමින් කීවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා රජයට එක්වන්නට යන බවය.තමාට එල්ලවූ තර්ජනයන්ට හා පීඩනයන්ට නොබියව මුහුණදුන් එනිසාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙල නායකයින් කිහිපදෙනෙකුගේම වෛරයට පාත්රව සිටි ධෛර්යමත් පුද්ගලයෙකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වහාම රූපවාහිනි මූළස්ථානය වෙත පැමිණ අසත්‍ය ප්‍රචාරයන් විකාශනය කරන්නේ නම් තමන්ගේ බලය භාවිතා කර සියලූ විකාශනයන් අත්හිටුවන බවට අනතුරු ඇගවූ විට මෙල්ලවූ රූපවාහිනිය පැය දෙකක් ගතවීමට මත්තෙන් පුවත සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා සිදුකළ ප්‍රකාශයක් විකාශනය කිරීමටත්,සාවද්‍ය පුවතක් විකාශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටත් කටයුතු කළේය.සිකුරාදා මධ්‍යහනයෙන් පසු මෙතෙක් කල් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පහර ගසමින් සිටි රූපවාහිනියම ඔහු ගැන ගුණ ගායනා කරනුද දැකගත හැකිවුනි.
මෙවැනි සිදුවීම් නිසා තිරය පසුපස සිදුවූ ඇතැම් දේ බහුතර ශී‍්‍රලංකා වාසීන්ගේ අවධානයට යොමුවූයේ නැත.ඒවායින් වඩාත්ම බරපතල වූයේ නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශවීමට පටන්ගැනීමත් සමග උද්ගතවූ තත්ත්වයයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මැතිවරණ ප්‍රතිඵල අධ්‍යනය කළ හැකි පරිදි විශේෂ මෙහෙයුම් කාර්යාලයක් අරලියගහ මන්දිරයේ පිහිටුවාගෙන
සිටියහ.මේ හා සමානවම ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වූ සිරිකොතේද මෙහෙයුම් කාර්යාලයක් විය.දෙපක්ෂයේම නියෝජිතයෝ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ට අනුයුක්ත කර සිටියහ.දුරකථන ඇමතුම් දෙමින් මෙහෙයුම් මධ්‍යස්ථාන වල සිටි තම නායකයෝ අලූත්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ඔවුහු කටයුතු කළෝය.සිකුරාදා අලූයම් සමයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට යන බව ස්ථීර විය.මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබාගෙන සිටින ඡුන්ද සංඛ්‍යාව හා සම කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ඡන්ද පොළ නියෝජිතයෝ තම නායකයින්ට දැනුම් දුන්හ.
උදෑසන 4.30 ට පමණ ඊට පැය කිහිපයකට පෙර ශී‍්‍ර ලංකාවේ බලවත්ම පුද්ගලයාවූ මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමංසිහ මහතාට දුරකථන ඇමතුමක් දුන්නේය.රාජපක්ෂ මහතා කතා කිරීමට සැරසෙනවාත් සමගම තමා අරලියගහ මන්දිරයට පැමිණ මුහුණට මුහුණ හමුවීම වඩා හොද යැයි පවසා සිටි විපක්ෂ නායකවරයා මේ බව සිරිසේන මහතාටද,ප්රජානත්ත්රවාදී පක්ෂයේ අනෙක් නායකයින්ටද දැනුම් දී අරලියගහ මන්දිරය බලා පිටත් විය.ආරක්ෂකයින් දොරටු විවර කර දුන් පසු එහි ඇතුල්වූ විපක්ෂ නායකවරයා තවත් ආරක්ෂක මුරකපොලූ 3 කට පසු මන්දිරයේ ගර්භය වෙත පැමිණියේය.ඔහු පුදුමයට පත්කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාද එහි විය.මේ අලූයම කෙමෙන් මැකී යමින් උදා හිරු පායන්නට ගෙන තිබුණු අතර දිගින් දිගටම මැතිවරණ ප්‍රතිඵලද නිකුත් වෙමින් පැවතින.
සාකච්ඡාවක් පැවැත්වින.වික්‍රමසිංහ මහතා සමග රාජපක්ෂ මහතා,ජනාධිපති ලේකම් ලලින් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් හුවමාරු කරගත්හ.හිටපු ජනපතිවරයා තම පූර්වගාමියා වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට චෝදනා කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තොරතුරු මගින් තමන්ට දැනගත හැකිවූ පරිදි ඇය කොළඹ එක්තරා තනාපති කාර්යාලයකදී පැවැති උත්සවයකදී තමන්ට හා තම සහෝදරයින්ට එරෙහිව අදහස් පළ කර ඇතැයි ඔහු කීය.ආරක්ෂක අමාත්‍යංශයේ බලධාරියෙකු ඉතා පි‍්‍රයකරන හමුදා සේනාංකයකින් බදවාගත් භටයින් සිටින විශේෂ ඒකකයකින් නීතිවිරෝධී කි‍්‍රයා වල නියැළී තිබෙන බවට ඇය තමාට හා තම සහෝදරයින්ට බොරු චෝදනා එල්ල කර ඇතැයි රාජපක්ෂ මහතා පැවසුවේය.මේ පිළිඹදව පසු අවස්ථාවක ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායකයින් හමුවේ අදහස් පළ කළ හිටපු ජනපතිනිය ඒ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළාය.
රාජපක්ෂ මහතා සමග දිගු කාලයක සිටම සබදතා පවත්වාගෙන සිටි හා විශේෂයෙන් ගෙවුණු සති කිහිපයේදී ජනපතිවරණ කටයුතු නිසා නිතරම ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත් රනිල් වික්‍රමසිංහ මහතා හෙන්රි කිසින්ගර් (රුසියාව හා චීනය සමග ඇමරිකාවේ සබදතා ඇති කරන්නට දායකවූ ඇමරිකා ජාතික දේශපාලඥයෙක්*කෙනෙකු බවට පත්වූයේ මෙහිදීය.රාජපක්ෂ මහතා කලබලයකින් තොරව බලය අතහැරීමට සූදානම් නම් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායකයින් ඇතුලූ තමා රාජපක්ෂ මහතාටත්,ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් ආරක්ෂාව සලසන බව වික්රමංසිහ මහතා කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කැරිණ.ජනපති රාජපක්ෂ මහතාට මේ දක්වා සපයා දී තිබූ ආරක්ෂාවද ගෝඨාභය රාජපක්ෂ මහතාට සපයා තිබූ ආරක්ෂාවද එළෙසම සැපයීමට තීරණය විය.මෙහිදී රාජපක්ෂ මහතා ජයික් හිල්ටන් හෝටලය අසල පිහිටි රජයේ සංචාරක නිකේතනයක් වන ඔක්ලන්ඞ් හවුස් තමාගේ නිල නිවස ලෙස භාවිතා කළ හැකිදැයි විමසීය.එය ව්‍යවස්ථානුකූල බවද පෙන්වා දුන් හෙතෙම ඔක්ලන්ඞ් හවුස් තම ආරක්ෂාව සළසා ගැනීමටද වැදගත් බව කීය.එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් නිසාවෙන් තමා හට එල්ලවී තිබෙන ජීවිත තර්ජනය තවමත් පහව නැති බව ඔහු කීවේය.
සාකච්ඡාවට බදුන් වූ අනෙක් කරුණ වූයේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඉදිරි කි‍්‍රයාකලාපයයි.තමාට හෝ තමාගේ පවුලේ අයට හෝ තම සොහොයුරු ගෝඨාභයට හෝ ෆොන්සේකා මහතා කිසිදු අයුරකින් හිරිහැර නොකළ යුතුව ඇති බව හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.හිටපු ජනපතිවරයා මෙවැන්නක් සදහන් කිරීමට හේතුවවූයේ ෆොන්සේකා මහතා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ඇතිකරගෙන තිබෙන එකගතාවයට අනුව පහ කෙරුණු ඔහුගේ නිල තල යළි ලබාදීමටත්,ෆීල්ඞ් මාර්ෂල් ධූරය දක්වා උසස් කිරීමටත්,අඩුම තරමේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමටත් ආදී ලෙස එකතාවයන් ඇතිවී තිබෙන නිසාවෙන්ය.

Last edited: