පැවිදි ජිවිතයක් කියන්නේ දුර්ලභ දෙයක්
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ උපත ලබන කොට පස්මහ බැලූම් බලලයි උපත ලබන්නේ. බුදුරජාණන්වහන්සේ උපත ලැබූ ‘කාලය’ නැමති අර්ථය බොහෝම වේගයෙන් විකෘතිභාවයට පත්වීගෙන යනවා. බෝධිසත්වයන් වහන්සේ එදා සුජාතා සිටුදේවියගේ කිරිපිඬු දානය වළඳලා, තම පාත්‍රය ගංගානම් ගෙඟ් පාකරලා අධිෂ්ඨානයක් ඇතිකරගන්නවා තමා සම්බුද්ධත්වයට පත් වේ නම් ‘මේ පාත්‍රය උඩුගංබලා යේවා’ කියලා. බෝධිසත්වයන් වහන්සේට එම අධිෂ්ඨානය ඉටු වන බවට බලාපොරොත්තු ඇති කරලා පාත්‍රය උඩුගං බලා ගියා. නමුත් වර්තමානයේ පිංවත් ඔබ කැළණි ගෙඟ් අඹතලේ කොහිලවත්ත ප්‍රදේශයෙන් උදය කාලයට පාත්‍රයක් පාකරලා හැරියොත්, අනිවාර්ය්යයෙන්ම එම පාත්‍රය උඩුගං බලාමයි යන්නේ. උදේ කාලයට මෝය කටෙන් මුහුදු ජලය ගැලීම නිසා ගංගාවේ ජලය උඩු දිශාවටයි ඇදීයන්නේ. ඉන්දියාවේ වේවා ශ්‍රී ලංකාවේ වේවා කොයි ගංගාවේත් වර්තමාන තත්වය ඔහොමයි.
මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ බලවත්භාවය නිසාම ඇතිවූ පාරිසරික විනාශයන් හේතුවෙන්ම ධර්මයේ සන්දිට්ඨික ගුණය දරාගැනීමේ රැකගැනීමේ ශක්තිය ‘කාලයේ’ විකෘතිභාවයන් සමඟ හීනභාවයට පත්වීගෙන යනවා. ධර්මයේ අර්ථයන් හීනභාවයට පත්වීමේ හැකියාව මිස, ධර්මයේ අර්ථයන් අර්ථවත් භාවයට පත්වීමේ ශක්තිය මනුෂ්‍යයා තුළින් ක්‍රමානුකූලව ගිලිහී යන බවට වර්තමාන ‘කාලය’ විසින් පිංවත් ඔබට සාධක සහිතව අනතුරු හඟවා තිබෙනවා. මේ අනතුරුදායක බව දැකීමෙන් පිංවත් ඔබගේ ජීවිතයට එකතුකර ගත හැකි උතුම්ම සම්බුදු වචනය තමයි ‘අප්‍රමාදීභාවය’ කියන වචනය. ඔය එකම වචනයේ අර්ථය තුල ඉහත අනතුර පරාජය කිරීමේ ශක්තිය ගැබ්වෙලා තියෙනවා. ධර්මයේ සන්දිට්ඨික ගුණයේ නාමයෙන් මාරයා පිංවත් ඔබට අතදිගුකොට පෙන්වන ‘පැෂන්’ එකට තෙරුවන් සරණ යාමේ, සිල් සමාදම් වීමේ, දන් දීමේ, සද්ධර්මය ශ්‍රවණය කිරීමේ, තමා තමාටම හෝ තමා අනුනට ලකුණු ලබා දීමේ මනෝභාවයන්ගෙන් මිදී පිංවත් ඔබ ඉදිරියේ ඇති අති භයානක අනතුර නුවණින් දැක අර්ථවත්ව ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරන්න අධිෂ්ඨානයක් ඇතිකරගන්න. භික්ෂුව පිංවත් ඔබට මේ සටහන් තබන්නේ ඔබතුළ සංසාර භය සකස්කොට ගැනීම සඳහා පමණක්ම බව සඳහන් කරනවා. මොකද සමහර මනුෂ්‍යයින් කැරපොත්තෙකුට තිබෙන බිය තරම්වත් බයක් සංසාරය කෙරෙහි නැහැ.
සංසාරය කෙරෙහි එවැනි බයක් නැති පිංවත් ස්වාමීන්වහන්සේ නමක් වරක් භික්ෂුවට හමුවුණා ආරණ්‍යයකදී. උන්වහන්සේ මැදිවියේ, කඩවසම්, වස් වැඩි ජ්‍යෙෂ්ඨ ස්වාමීන්වහන්සේ නමක්. උන්වහන්සේට බොහොම ගෞරවයෙන් වන්දනා කරලා තොරතුරු කථා කළා. උන්වහන්සේ ජාත්‍යන්තර සාමව්යාපාරවලට සම්බන්ධ සාමය උදෙසා ලෝකයේ දීර්ඝ පාගමන් වැඞ්ය ස්වාමීන්වහන්සේ නමක්. උන්වහන්සේ ප්‍රකාශ කළා මේ දවස් වල ආරණ්‍යය වලට වඞ්න්නේ එර්දියෙන් යන්න අවශ්‍ය මාර්ගය දැන ගැනීමට කියලා. භික්ෂුව විමසුවා ඔබ වහන්සේ ඇයි එර්දියෙන් වඩින හැටි සොයන්නේ කියලා. උන්වහන්සේ කියනවා යුරෝපීය ජාතිකයින්ට එර්දිය පෙන්වලා මවිත කරන්නයි මේ පිංවත් ස්වාමීන්වහන්සේ උත්සාහයක නියැලෙන්නේ. ඒත් මේ පිංවත් ස්වාමීන්වහන්සේ දන්නේ නැහැ ඉල්ලන්නේත් සපයන්නෙත් දෙකම කරන්නේ මාරයා බව. එර්දියෙන් යන්නේ කෙසේද යන්න සෙවීම කෙසේ වෙතත් පැවිදි උතුමන් උදෙසා ලොවිතුරා බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ උතුම්ම යාගය වන ප්රාතිමෝක්ෂ ශිලයෙන් පරිපූර්ණභාවයට පත්වී පංචනීවරණ යටපත්වූ සිල්වත් ජිවිතයක සකස්වන උතුම් සමාධිමත් සිත ප්‍රයෝජනයට ගෙන පිංවත් ඔබට අවශ්‍යනම් රූපි අරූපි ද්යාන සකස්කොට ගැනීමටත්, ධර්මයේ අර්ථවත්ම මාර්ගයවන ධ්‍යානයන්ගේද අනිත්‍ය මෙනෙහිකරමින් විදර්ශනා ඥානය දියුණු කරගැනීමටත් මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කොට තිබෙනවා.
උතුම් පැවිදි ජිවිතයක් කියන්නේ දුර්ලභ දෙයක්. භික්ෂුව දන්න බොහෝම පින්වන්ත මහත්මයෙක් සිටියා. මොහු වයස 70 පමණ විශ්‍රාමික රජයේ නිලධාරියෙක්. ඒ මහත්මයා පැවිදීවීමට අවස්ථා කිපයකදීම උත්සහ කළද අවසාන මොහොතේ පැවිදිවීම මගහැර ගියා. කෙසේ හෝ අවසානයේ මේ මහත්මයා පැවිදි වෙනවා. නමුත් මාස 3 යි. පැවිදි ජිවිතයේ සිටියේ. විදේශගතව සිටි දරුවා සහ බිරිඳ පැමිණ මෙම ස්වාමීන්වහන්සේව නිවසට කැඳවා උපැවිදි කරනවා. ඔහුත් කැමැත්තෙන්මයි උපැවිදි වෙන්නේ. මෙතරම් වයසට ගිහිල්ලත් විශ්‍රාමික නිදහස් ජිවිතයක් ගතකරලත් උතුම් චිවරයක් දරන්න පින තිබුණේ නැහැ. සංසාරයේ අප විසින් උතුම් පැවිද්ද ලබලා, කළාවූ වැරදි වල විපාකයන්මයි අපි මේ දකින්නේ. ඉහත කාරණයන් තුළින් පිංවත් ස්වාමීන්වහන්සේලා තමා පිළිබඳව තමාම ගෞරවයක් ඇතිකරගන්න ඕනේ. මේ මොහොතේ උතුම් අරිහත් ධජය දරන්නට තමන් විසින්ම සංසාරයේ මොන තරම් කුසල් ධර්මයන් කරන්න ඇතිද කියලා. අප විසින්ම අතීතයේ රැස්කරගත්තාවූ කුසල් ධර්මයන්, වර්තමානයේ අපි අකුසල් සඳහා ප්‍රයෝජනයට ගතහොත් ඉන් ඇතිවෙන්නාවූ ඵලය සංස්කාරයන්ගේ බියකරුභාවය පිළිබඳ අපට පාඩමක් උගන්වන කමටහනක්මය. මේ උතුම් මනුෂ්යජිවිතය ලබලා උතුම් පැවිදි ජිවිතයක් ලබලා යම් පිංවතෙක් ශීලයෙන් දුර්වලවෙනකොට භික්ෂුව එය දකින්නේ සංස්කාරයන්ගේම බියකරු අනිත්‍ය ස්වභාවය ලෙසයි. සංස්කාර විසින්ම අපව, ඉහළට ඔසවලා තබලා සංස්කාර විසින්ම අපව ප්‍රපාතයට ඇද දමනවා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ ඵලය සුගතිය සහ දුගතිය අතර සත්වයා දෝලනය කිරිමයි.
පුජ්‍ය රාජගිරියේ අරියඥාන ස්ථිවර (මහරහතුන් වැඩි මග ඔස්සේ)
උතුම් පැවිදි ජිවිතයක් කියන්නේ දුර්ලභ දෙයක්